
මේ කතාව නම් හරි ලොකු එකක් නෙමෙයි. ඒත් ඔයාම හිතලා බලන්නකෝ ඔයාට මේකෙන් ගන්න දෙයක් තියෙනවද කියලා.
මේකයි වුනේ… ඊයේ දවල් මට ක්ලාස් එකෙන් message එකක් ආවා මේ මාසේ 28 වෙනිදා ට exam schedule කරලා තියෙන්නේ කියලා. Exam එකට තව එච්චර ගොඩක් කල් නැති නිසා study leave ගන්න බැලුවත් සර් office එකේ හිටපු නැති හින්දා රෑ ගෙදර ඇවිත් සර්ට ඊමේල් එකක් දැම්මා,
“Is there any work if there is any work tomorrow; can I have a leave?”
කියලා. මං අද උදේ බලද්දි සර් මට රිප්ලයි එකක් දාලා තියෙනවා
“no issues, see you on Monday”
කියලා.
ඇත්තටම නිවාඩු ගන්න ඕන හේතුවවත්, නිවාඩු ගන්න ඕනේ exam එකක් කියලවත් exam date එකවත් exam එක කරන institute එක ගැනවත් මට කියන්න ඕන වුනේ නෑ.
ඉතින් ඇත්තටම මට මේක ලියන්න හේතු වුනේ, සමහර අපේ සමහර චූටි චූටි දේවල් වලට තවකෙනෙක්ට ගොඩක් බොරු කියනවට වඩා තමන්ගේ අවශ්යතාවය අනිත් කෙනාගෙ හිත රිදෙන්න නැතුව කෙලින්ම කිව්වාම ඒක කොච්චර ලේසිද කියලා කියන්න. මොකද එහෙම බොරු කියන මිනිස්සු මම ඕනේ තරම් දැකලා තියෙනවා. හැබැයි ඉතින් මේ දවස් ටිකේ office එකේ වැඩ ටිකක් අඩු වුන එකත්, මම වැඩ කරන්නෙ private office එකක කියන එකත් මට වාසියක් වුණා තමයි. මොකද government sectors වල නම් එහෙම නැති නිසා. කොහොම වුණත් තමන්ගෙ අවශ්යතාවක් තියෙනවනම් ඒක වැල්වටාරම් වලින් කියන්නේ නැතුව හරි විදිහට කිව්වොත් නම් ප්රතිඵල නම් තියෙනවා ස්ථීරයි.