ආකල්ප

7/7/2019
20:22


අද පාඩම ,
පුද්ගල චර්යාවේ වෙනස්කම් හා ඒ සඳහා බලපාන ඉගෙනීම හා අගනාවන්..




1 ආකල්ප..

කිසියම් පුද්ගලයෙක් , ද්‍රව්‍යක් සිද්ධියක් / ක්‍රියාවක් සම්බන්ධව පුද්ගලයෙක් තුළ ඇති හැඟීම ආකල්පයකි. යහපත්/ අයහපත් ඒවා විය හැකි අතර කාලයක් තිස්සේ ඉගෙනගත් ඒවායේ ප්‍රතිඵලයක්ද වේ.ආකල්ප වර්ධනය වූ පසු ඒවා පුද්ගලයෙකුගේ අභ්‍යන්තරයේ රැඳී පවතී. ඒ අනුව කිසියම් දෙයක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු හොඳ නරක ලෙස යහපත් අයහපත් ලෙස ආදී වශයෙන් තීරණය කරනු ලබන්නේ ආකල්පයන්ගේ බලපෑමෙනි.

මෙහිදී විශේෂයෙන්ම වැදගත්වන කරුණක් නම් කිසියම් දෙයක් සම්බන්ධව පුද්ගලයෙකු තුළ පවතින සෑම හැඟීමක්ම ආකල්පයක් නොවන බවයි. හැඟීමක් ආකල්පයක් බවට පත්වීමට නම් එහි සත්‍යතාව පිළිගත හැකිබව පිළිබඳ පරීක්ෂණයක් එල්ලවේ.සාමාන්‍ය පුද්ගලයෙක් තම ආකල්ප පිළිබඳ පරීක්ෂාවක් සිදු නොකළා වුවද තම අත්දැකීම් හා දැනුමෙහි ප්‍රතිඵලයක් ලෙස එවැනි පරීක්ෂාවන් නිරන්තරයෙන්ම සිදුවේ. ඒ අනුව හැඟීම් වල මූලික මට්ටම නොව වර්ධනය වූ/ පරීක්ශාකළ පසු තත්වය ආකල්පයක් ලෙස හඳුන්වනු ලැබේ.

කිසියම් ප්‍රස්තුතයක් දෙසට පුද්ගලයෙක් තුළ ඇති සාපේක්ෂ වශයෙන් කල්පවතින ගතියක් ඇති හැඟීමක් හා චර්යාත්මක නැඹුරුවක් ආකල්පයක් ලෙස නිර්වචනය කළ හැක.

කෙසේ වුවත් මෙම හැඳින්වීම් තුළින් ආකල්පයක් වෙනස් කළ නොහැකි බවක් කියැවේ. ආකල්පයක් වෙනස් කිරීම දුෂ්කර කාර්යක් වුවද කැමැත්තෙන් / අන් අයගේ බලපෑම / වෙනත් හේතූන් මත ආකල්ප වෙනස් කිරීම / වෙනස්වීම සිදුවේ.

2. ආකල්පයක අන්තර්ගතය

ආකල්පයක් ප්‍රධාන කොටස් 3න් සමන්විතය.

  • . හැඟීම් - කිසියම් ප්‍රස්තුතයක් සම්බන්ධයෙන් ඇතිවන මූලික අදහස හැඟීමකි..එය කිසියම් දෙයක් සම්බන්ධයෙන් අප තුළ ඇති හොඳ / නරක පෙන්නුම් කිරීම සඳහා බලපාන කොටසයි.

  • . සිතුවිල්ල - කිසියම් ප්‍රස්තුතයක් සම්බන්ධයෙන් ඇති විශ්වාසය මූලික අදහසයි..   මෙවැනි විශ්වාසයක් පුද්ගලයෙකුගේ හැඟීම , අත්දැකීම , දැනුම පරීක්ෂණය මත ලබාගන්න අවබෝධයෙහි ප්‍රතිඵලයක් නිසා ඇතිවන්නකි.

  • . ක්‍රියාව - කිසියම් දෙයක් දෙසට ඇති හැඟීමෙහි හා සිතුවිල්ලෙහි ප්‍රතිඵලයක් නිසා ඇතිවන ක්‍රියාව මින් අදහස්වේ...   ඇතැම්  මනෝවිද්‍යාඥයන්ගේ අදහසට අනුව  පුද්ගලයන් තුළ ඇති ආකල්ප  සෘජුවම ඔවුන්ගේ චර්යාව කෙරෙහි බලපෑම් ඇතිකරයි. ඒ අනුව පුද්ගලයෙක් තුළ ඇති ආකල්පයක ප්‍රතිඵලයක් නිසා  ක්‍රියාව  ඇතිවන්නක් බව සඳහන් කළ හැක.

සංවිධානයක් තුළ කාර්යයන් කිරන පුද්ගලයන් තුළ ඇති ආකල්පයන් කිසියම් ආකාරයකට මැන දැක්විය හැක. එය නිරීක්ෂණය මාර්ගයෙන්/ අන්තර්ක්‍රියා සිදු කළ හැක.නිරීක්ෂණය / පරීක්ෂණය මඟින් සිදු කරන පර්යේෂණ කටයුතුවලදී බොහෝ විට දත්ත රැස් කිරීම ,ප්‍රශ්නාවලි උපයෝගි කර ගැනීම තුළින් ආකල්ප මැනීම සිදු කරනු ලැබේ.

සර්ට call එකක් .. Sir  පන්තියෙන් එළියට ගිය අතරේ මන් මුහුණු පොතට පොඩ්ඩක් එබුණා.. විද්ව ඉරාජ්ගේ අලුත් photo එකක් share කරලා.. "Like page" යකෝ මන් ඊයෙත් ඉරාජ්ගේ page  එකක් follow කළානේ.. මේ ඒක නෙමෙයිද?? ඒ අලුත් page එකත් report කරලද?? Report කරන කරන page එකක් ගානේ ඉරාජ් pages හදනවද?? ඉරාජ් මගෙ එක වුණත් මේ වැඩේ නම් මට ඇල්ලුවේ නැහැ. ඉරාජ් මේ කඩාගෙන යන වැඩේ නම් අල්ලන්නේ නැහැ.. මන් page එකට Like එකක් දාන ගමන් හිතුවා.. මෙයා මේ කරන දෙයින් කොහොම විනාශයක් වෙයිද මන්දා... මේ වෙලාවෙ ඉරාජ් ඉන්නේ නම් මාරම තරහකින්.. Page එකට දාල තියෙන post වලින් ඒක පේනවනේ..මට JVP එකත් මතක් වුණා.. නැහැ එහෙම දෙයක් නම් වෙන එකක් නැහැ.. කොල්ලො එච්චර මෝඩ නැහැ... ඉරාජ් ඉන්නේ මිනිස්සුන්ගෙ heart එකේ 50-50 අතරෙ.. ඒත් මේ දවස් වල කරපු videos නිසා 50 කතාව මට හරියටම කියන්න අමාරුයි.. ඉරාජ් ඉන්නේ තරහින් වුණත් ගොන් වැඩ කරන එකක් නැහැ.. මන් ආයිමත් හිතත් එක්ක කතා කළා..ඒත් ඉරාජ් මේ වෙලාවෙ ගමන යන speed එක වැඩී.. එක්කො මේ වෙලාවෙ නොයා කොයි වෙලාවෙ යන්නද?? ඒත් ඉරාජ් කරන හැම දේකටම දෙගුණයක් bad reaction  දෙන මිනිස්සුත් ඉන්නවා නම් එයාල මේකට ගන්න action එක මොකද්ද?? ආයි යුද්ධයක් ඇති වේද?? ඉරාජ් කෑගහන්නේ එයාගේ page එකට කෙළ වුනු නිසානේ.. අනික ඔය page එක ඉරාජ් ලඟදිනේ reactivate කලේත්...(ඒ pages දෙකම fake නෙමෙයි original.. ඒක confirm කරගත්තෙ kaizer kaise page එකෙන්..    )

Sir ආවා..ආයිත් පාඩම...

3.ආකල්පවල බලපෑම්

පුද්ගලයන්ගේ ආකල්පයන්ට හා සමස්ථ ආයතනයේ කාර්යඵලයන්ට ආකල්ප බලපායි..
පුද්ගල අභිප්‍රේරණය, වැඩ කිරීම දෙසට ඇති යහපත් ආකල්පය ස්වයං අභිප්‍රේරණයට හේතු වේ.
පුද්ගල වෘත්තිය ජීවිතයේ සංවර්ධනය හා පුද්ගලයා හා ආයතනය අතර ගැලපීම වැඩිවීම
කාර්යයන් සම්බන්ධයෙන් පුද්ගලයෙක් තුළ යහපත් ආකල්පයක් ඇත්නම් එය පහත සඳහන් ලක්ෂණයන්ගෙන් පෙන්වයි.
  • වැඩ කිරීම ජීවිතයේ යහපත් අංගයකි. වැඩ කිරීමේ අත්‍යවශ්‍යතාව හා ප්‍රයෝජනවත්බව අවබෝධ කරගෙන සිටීම..
  • වැඩ කිරීමට යොමු වූ කාර්යය චර්යාවන් පෙන්නුම් කිරීම වැනි ලක්ෂණ මඟින් කාර්යය කිරීම දෙසට ඇති කැමැත්ත, කැපවීම හා ක්‍රියාශීලීත්වය පෙන්නුම් කරයි.
මේ අනුව කාර්යය කරන පුද්ගලයන් තුළ තිබිය යුත්තේ වගකීමක් ඉටු කිරීමට වඩා වැඩි කැපවීමක් අපේක්ෂා කරන මිනුම් කටයුතුභාවය හෙවත් වගවීමයි..
පුද්ගල අභිප්‍රේරණය සම්බන්ධ කාර්යයන් පිළිබඳ ඇති ආකල්ප මඟින් සෘජු බලපෑමක් ඇතිකරන බව බොහෝ ප්‍රායෝගික කළමණාකරුවන්ගේ පිළිගැනීමයි.

ඉරාජ් හිතන විදිහට හැමෝම එයත් එක්ක ඉඳීද?? මට තියෙන experience අනුව නම් මොනා හරිදෙයක් පටන් ගන්නකම් විතරයි හැමෝගෙම උනන්දුව තියෙන්නේ.. ඒක දිගටම පවත්වගෙන යන්න නම් වැඩේට මූලික වෙන කෙනාට එයාගෙ උනන්දුවට වඩා දෙයක් තියෙන්න ඕනේ....කොච්චර කොහොම කළත් ඉරාජ් තනිවෙනවා... මට හිතෙන විදිහට ඉරාජ් සාධාරණ මිනිස්සු විදිහට පෙන්නන අයගේ; කිල්ලොටවල හුණු තියෙන නිසා, කොයිම වෙලාවක හරි එක්කෙනෙක්ට එක්කෙනෙක් නැති වෙයි.. මට ඒක මතක් වෙද්දි ඒත් එක්කම මතක් වුනේ law entranceවලදි මන් ලියපු රචනාවෙ කොටසක්.. "Although they might have different disputes among them notions, they had act wisely and as gentlemen  without spreading them to genaral public"

4.ආකල්පවලට ඇති බලපෑම්

සාමාන්‍යයෙන් පුද්ගලයෙකු තුළ ඇති ආකල්ප පහත සඳහන් අවස්ථා වලදී වෙනස් වේ.
  • දැනුමේ හා අත්දැකීම් මත ඇති බලපෑම
  • පාරසරික වෙනස්වීමේ බලපෑම දැනට පවතින ආකල්ප මත කටයුතු කිරීම නිසා ලබන අතෘප්තිය මත
  • දැනට පවතින ආකල්ප නිසා මුහුණ දීමට සිදුවන දුෂ්කරතා හා අපහසුතා නිසා පිළිගත හැකි පුද්ගලයන්ගේ අදහස් නිසා
  • නව භාණ්ඩ/ සේවා/ පාරසරික තත්වයන් නිසා

අසාධාරණයක් වෙන එක වෙනම කතාවක්... එක අතකට social media ගැන වැඩිපුර නීති නැති රටක ඉරාජ් කරන මේ දේ ඉරාජ් ඉරාජ්වම තනි කරගන්න වැඩක් කියලත් හිතෙනවා...ඉරාජ් කියන විදිහට ව්‍යවස්ථාවෙන් පුද්ගලයන්ට තොරතුරු දැනගැනීමේ අයිතියක් (19න්) වගේම මූලික අයිතිවාසිකම්වල  අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසකුත් තියෙන එක ඇත්ත..
ඒත් නීතියෙන් ඉරාජ්ට ඔහොම කියලා තමන්ගේ සාධාරණත්වය පෙන්නන්න බැහැ... ඒකට කරුණු මදි..

5.ආකල්ප තීරකයා

ආකල්ප පොදුවේ පුද්ගලයා තුළ කුඩා කළ සිට ඉගෙනීමේ ක්‍රියාවලියෙහි ප්‍රතිඵලයක් නිසා සිදුවේ. ඒ අනුව ඉගෙනීමේ ක්‍රියාවලිය ආකල්පයක ප්‍රධාන තීරකයක් වන අතර ඊට අමතරව පොදුවේ බලපෑම් කරන ප්‍රධාන සාධකයන් 7කින් දැක්වේ.
  • පුද්ගලයාගේ අත්දැකීම් හා අධ්‍යාපනය
  • පුද්ගලයා ඇසුරු කරන කණ්ඩායම්
  • පවුල් ඒකකය
  • ආගම
  • එකට වැඩ කරන පුද්ගලයන්
  • පුද්ගලයා සම්බඳව පවතින වෘත්තීය සමාජය/ සංස්කෘතිය
  • සමස්ථ සමාජය

අනික මේ වෙලාවෙ ඉරාජ් කරන්නේ එයාගේ පෞද්ගලික දෙයක් නිසා කතා කරන එක.. ඉරාජ් කියනවා නම් කට්ටිය එකතු කරලා ආණ්ඩුව පෙරලනවා කියලා.. ප්‍රශ්නයක් නෑ එයාට ඒක කරන්න පුළුවන් ඒත් ජනාධිපතිවරණයකුත් එනවනේ... එයා ඒකට කළින්ද ආණ්ඩුව පෙරලන්නේ?? එතකොට ඉතුරු මාස ටික..
මට නම් හිතෙන විදිහට ඉරාජ් මිනිස්සු කරනවා නම් මෙහෙම නෙමෙයි කරන්න ඕනේ.. ලංකාවේ මීට වඩා කොච්චර අසාධාරණකම් වෙනවද?? දිසාපති විභාගෙන් වැඩිම ලකුණු තියෙන කෙනෙක්ට  රෑ පුරා නිදිමරන් පාඩම් කරලා ගත්ත විභාගේ ප්‍රථිපලේ රනිල් අගමැතිතුමාට වෙනස්කරන්න පුළුවන් කියල දැනගත්ත වෙලාවේ ඇතිවන කළකිරීම, එයාට වෙන අසාධාරණය කොච්චරක්ද  කියලා ඉරාජ්ට මතක් වුණානම් ඉරාජ්ට හිතෙයි මට වෙච්ච දේ කොච්චරක් පුංචිද කියලා.. ( සුදුස්සාට සුදුසු තැන නොලැබී හොර පාරෙන් සුදුසුකම් ගියාට විරුද්ධව නඩුවකුත් දැම්මා) හැබැයි ඒ මට අනුව.. ඉරාජ්ට අනුව නම් ඉරාජ් කියයි නිලූක්ෂා ඔයා ඔහොම කිව්වට මට නැති වුණෙත් ඒ දිසාපති වෙන්න හිටපු කෙනාට නැති වුණ දේමයි කියලා.. එහෙම බැලුවොත් ඉතින් එයා හරි.. මොකද තමන්ගේ goalsවලට යන්න එක එක්කෙනාට දාන්න වෙන්නේ එක එක විදිහෙ effort. හේතුව carriers අනුව මැනලා බැලුවොත් එයාලගෙ last goal එකට යන්න එයාලා satis වෙන ප්‍රමාණයට කරපු වැඩවලට හැමදේම අයිති වන නිසා.. even a fb page..

ඉරාජ් මේ වෙලාවෙදි හරි නම් වැඩ කරන්න ඕනේ එයාව  තව කෙනෙක් follow කරන්න පුළුවන් වෙන විදිහට... ( මොකද වෙලාවකට ඉරාජ් videosවල කියනවනේ (මන් ඔයාලව lead කරනවා.)  මාත් එක්කම ඉන්න කියලා.. මට ඒක පෙන්නන්න බෑ.. ඉරාජ් කියනවා නම් ඔයාලට පේන අසාධාරණේ මටත් පේනවා.. එතනදි මාත් ඔයාලත් එක්ක ඉන්නවා කියලා අන්න ඒකට නම් මන් හරිම කැමතියි. Just like a follower.. හැබයි ඉරාජ් වැරදී කියලා මන් කියන්නෙ නෑ.. මොකද ඒ මගේ අදහස විතරයි.. එයාට බෑනේ මන් වගේ තව 10ක් වෙනස් විධිවලට හිතනවා නම් ඒ විධි 10ටත් ඉන්න..  මේක තමයි ඒකට හොඳම වෙලාව... ඉරාජ්ට පුළුවන් නම් හරියට වැඩ කෙරෙන්නැති රාජ්‍ය ආයතන හොයාගන්න.. උදාහරණෙකට ***** කියන නගර සභාවෙන් හරියට කුණු එකතු කරන්නෑ කියමුකෝ.. කට්ටියක්ව එක රෑක එක්කන් ගිහින් නගරසභා සීමාවේ  තියෙන ඔක්කොම කුණු ඇහිඳවලා,එදා රෑම අදාල නගරාධිපතිගේ ගේට්ටුවෙන් ඇතුළට විසික් කරනවා.. ලොකුවට තාප්පේ ලියනවා නගරසභා පරිපාලනය පිළිබඳව සොයා බලනු කියලා.. කැමති නම් රතිඤ්ඤා දෙක තුනක් පත්තු කරන්නත් පුළුවන්.. මුළු ලංකාවම ඒකට එකතුවෙයි.. එතකොට වැඩක් කරන්නැති මිනිස්සුන්ට.. වරප්‍රසාද අයුතු ලෙස පාවිච්චි කරන අයට බලපෑම් කරන්නත් පුළුවන් නීතියට අනුව වැඩේ කරපං කියලා.. එතකොට ඕනෙම කෙනෙක්ට පෙනෙයි fb page  එකකට වඩා අවධානය දෙන්න ඕනේ ඒවා ලංකාවේ තියෙනවා කියලා... එක්කෝ ඒක speed වැඩියි.. නෑ නෑ ඒක හරි නෑ... එක්කො ඔය යන විඳියට ගියාවේ...


6.ආකල්පයක ලක්ෂණ
  • වටිනාකම
  • බහුවිධ ස්වාභාවය
  • අවශ්‍යතා හා සම්බන්ධ වීම
  • කේන්ද්‍රගතවීම

7.ආකල්පයක වැදගත්කම හා කාර්යය
  • හැඩගැස්වීමේ කාර්යය
  • ස්වයං ආකර්ෂණ කාර්යය
  • අගය කිරීම/ අගනාකම් ප්‍රකාශ කිරීම
  • දැනුම ලබා දීමේ කාර්යය

8.ආකල්ප වෙනස් කිරීම
  • තොරතුරු සැපයීම මඟින්
  • බිය පතුරුවා හැරීම මඟින්
  • ආකල්ප හා චර්යයාව අතර වෙනස්කම් අවම කිරීම මඟින් (මෙම වෙනස වැඩි නම් පුද්ගලයන් ආකල්පයන්හි වැදගත්කම පිළිබඳ තබන්නේ අඩු විශ්වාසයකි)
  • අදාළ පුද්ගලයා සමඟ වැඩකරන අය මිතුරන් මඟින් යහපත් ආකල්පයන් අවශ්‍ය වන කාර්යයන්හි පුද්ගලයා නිකුත් කිරීම.

9.ආකල්ප වෙනස් කිරීමට ඇති බාධක
  • පූර්වයෙන් කර ඇති කැපකිරීම
LTTE එකේ ප්‍රභාකරන්ට වුනෙත් මේකයි.. හිට්ලර්ට වුනෙත් මේකයි... හැරෙන්න බැරි වුණා.. කරුණා අම්මාන් හැරුණා .. ඒත් ප්‍රභාකරන්ට බැරි වුණේ ඇයි.. කරල තියෙන කැප කිරීම් වැඩි නිසා... තේරුණාද  ළමයි???

(මේ නිසා වෙන්න ඇති දේශපාලඥයින්ට ආපහු හැරෙන්න බැරි.. පැරඳුණාම ඒක පිළිගන්න බැරි.. දේශපාලනේ ජීවිතේම වෙලා ඉවරයිනේ.. ආයි එතනින් හැරිලා ගිහින් වෙන දෙයක් කරන්නත් ජීවත් වෙන්නත් බැහැ වගේම එච්චර උපයන්නත් බැහැ.)
  • තොරතුරු ප්‍රමාණවත්ව ඉදිරිපත් නොවීම..
වෙනස්වියයුතු යැයි කීවද එය සනාථ කිරීම /එහි අවශ්‍යතාව දැනීම සහ ප්‍රමාණවත් තොරතුරු ඉදිරිපත් නොවූ විටෙක එය බාධකයක් වේ.. 

(2015 ආණ්ඩුවෙත් තියෙන්නේ අන්න ඒ වැරද්ද තමා.. වැඩ කළාට ඒවා පෙන්නන්නේ , ජනතාවට තොරතුරු ඉදිරිපත් කරන්නේ නැහැ..එක අතකින් ඒක ජනතාවට friendly interface එකක් විදිහට කටයුතු කරන්නැති නිසා..ඒ නිසා හැම වෙලාවෙම ජනතාවට ආගන්තුකයි)

අපිට බෑ තව කෙනෙක්ගේ ආකල්පවලට බලපෑම් කරලා අපේ අදහස්ම එයාලා ගාවත් තියෙන්නෝනෙ කියල කියන්න.. ආකල්ප ස්වාධීන වෙන්න ඕනේ.. හැමෝගෙම ආකල්ප අපේ ආකල්ප වලට සමාන නොවුණත් අපි දැනගන්න ඕනේ ඒවට ගරු කරන්න.. මොකද තව කෙනෙක්ගේ අත්දැකීම් මත එයාලගේ ආකල්ප, අදහස් වෙනස් වෙන්න පුළුවන්.. Sir කියනවා..

ඇත්ත.. ඉරාජ් age එකත් එක්ක මට වඩා wise...  මට බෑ එයා කියන ඒවා හරිද නැද්ද කියන්න.. මොකද එයාගේ experience මගේ ඒවා නෙමෙයි; මට වඩා හුඟක් වෙනස්.. මන් ඒකට ගරු කරන්න ඕනේ.. මන් හිතුවා..
 
අදට  lecture එක ඉවරයි ළමයි... ආයුබෝවන් !!!!!

0 comments:

Post a Comment