පොඩි කාලේ (3)
👶 👶 👶 👶 👶 👶 👶 👶
පොඩි කාලේ මා අම්මලාට කරදර නොකල බව අම්මා පවසයි. කුක්කු බෝතලය පමණක් මට අවශ්‍ය වී ඇත. මා දොයි කරවා ඇහැරීමට ආසන්න වේලාව පැමිණිවිට කුක්කු බෝතලය කටේ ගැසූ විට එය චොක චොක ගා බී නිදාගත්තේලු. වැසි දිනවලදී ඒ ආකාරයෙන් දවස් දෙක තුන එක දිගට නිදා ගත්තේලු. මාගේ චූ නැපි මාරු කිරීම පමණක් අම්මාට කරන්නට සිදුවීලු. මා මැරීද නැද්ද යන්න බලාගෙන ඇත්තේ හුස්ම ගන්නවාද බැලීමෙන්ලු. අදටත් බඩගින්න හා චූ දැමීම නොමැතිනම් මට එක දිගට දවස් දෙක තුනක් දොයි ගත හැක. 🐾 🐾 🐾 🐾
නින්දෙන් ඇහැරී මා අඩන විටදි ගෙදර සිටි පොඩි බලු පැටියා ටාෂන් ඌගේ ඇසට අහුවෙන පලමු නිවැසියාගේ ඇදුමෙන් ඇද මා වෙතට ගෙන එන්නේලු. 😍 😍

කොහොමින් කොහොම කාලය ගත වෙත්ම හැමදා උදෑසන තාත්තාගේ මහගෙදර යන්නට කාලය පැමිණෙන විට මට බඩේ අමාරුවක් සෑදෙන්නට පටන් ගත්තේලු. එම නිසා අපේ අච්චී මා කෙසේ හෝ බලාගන්නම් කියා මා භාරගත්තේලු.එදින සිට මා බලාගත්තේ ආච්චීය.
0 comments:
Post a Comment