
ඉතින් එදා තාත්තගෙ යාලුවෙක්ගෙ ගෙදර party එකක්. අපි 4 දෙනා ගියාට තාත්තා ගියපුම වෙලාවෙ එයාලගෙ party එකට වුණා. Party එකේ තියල තිබ්බෙ දම්රෝ පුටු. ඉතින් මේ පුටු තිබ්බෙ ආනත හැඩයක් ගත්ත තැනක.. ඒත් ලේසියෙන් ලිස්සන්නෙ නෑ එතන පොළොවට කොන්ක්‍රීට් දාල තිබ්බ නිසා.
අපි ඔතන වාඩි වෙලා ඉද්දි ඔය පුටු වල වාඩි වෙලා හිටියෙ වයස් 3ක පොඩි ළමයි 3දෙනෙක්. ඉතින් මේ තුන්දෙනා ඉස්සෙල්ලම පුටු රවුමට තියලා ඒ පුටු වලට පයින් ගහපු එක. ඕක සෙල්ලමක් කරගත්තෙ දෙවෙනියා. දෙවෙනියාව කරපු තුන්වෙනියත් ඕක සෙල්ලමක් කරන් පුටුවලට පයින් ගහන්න ගත්තා. මේ පුටු කොන්ක්‍රීට් පොළොවෙ විසික් වෙනවා. පොළොව දිගේ ඇදිලා යනවා. ළග හිටපු අයගෙ ඇගෙත් වැදෙනවා. ඒ වගේම නොකැඩුණත් පුටු හීරෙනවා. දාල තිබ්බ සින්දුවල සද්දෙත් එක්ක මෙයාලගෙ සද්දෙ වැඩිය ඇහුනෙ නැති වුණත් ඇස් තියෙන අවට හිටිය වැඩිහිටි කෙනෙක්වත් මෙයාලගෙ මේ වැඩ දැක්කෙ නැත්තෙ ඒ හැමෝමත් හිටියෙ එයාලගෙ කතා වල නිසා.
ඕක දිහා බලන් හිටපු මගේ ඇගේ ලේ රත් වෙන්න ගත්තෙ අර පොඩි එකත් දෙවෙනි කොල්ලගෙ වැඩ කරන්න පටන් ගත්තාහම වුනත් එතන හිටිය ගෑනු කෙනෙක් ඇවිත් පොඩිම එකාගෙ ඔලුව අතගාල ගිහාම මගෙ කටටත් පණ ආවා. එතන හිටපු පිරිමි කෙනෙක් පොඩ්ඩක් සැර කලත් එක අර ළමයි ගනන් ගත්තෙවත් නෑ.
පුටු වලට කකුලින් ගහලා ඇති වුනාම දෙවෙනියා පටන් ගත්තෙ පුටුවෙ ඉස්සරහ කකුල් දෙකෙන් ඉස්සරහට බර වෙලා වටෙන්න වගේ ගිහාම පුටුවෙන් පනින එක. එතකොට පුටුව එහෙම්මම පිටිපස්සෙන් ලිස්සලා බිමට වැටෙනවා. පොඩි එකත් ඕකම පටන් ගත්තා. පුටුවෙ හරියට වාඩි වුනාම කකුල් බිමවත් ගෑවෙන්නෙ නැති ඒ ළමයගෙ සමබරතාවය ගැන කියන්න ඕනෙ නෑනේ. එක පාරක් balance එක නැති වෙලා ගිහින් ළග හිටිය බල්ලෙක්ගෙ ඇගෙත් වැදුනා.(ඒක නම් වුනේ ගෙදර ගේට්ටු ඇරලා තිබ්බ නිසා පාරෙ ඉන්න බල්ලොත් party එකට ඇවිත් තිබුණ නිසා )
මට ඇත්තටම කල්පනා වුණේ මේ දෙන්නගෙන් එක්කෙනෙක් හරි වැටිලා තුවාල කරගත්තොත් party එකේ තත්වය කොහොම වෙයිද කියලයි. ඉතින් මගෙ තරහ වැඩි වෙලා මන් බැන්නාම පොඩි ළමයි මොකක් හරි කරන කරන වෙලාවට ලොකුම ළමයා කළේ ice cream එකකුත් කකා මන් දිහා බල බල හිනාවෙන එක. අනිත් කොල්ලො දෙන්නා මට පේන්නත් එක්කම වැඩියෙනුත් පුටු පද්දන්න ගත්තා. වැටිලා තුවාල වෙයන් කියලා හිතන ගමන්ම මන් අම්මටයි මල්ලිටයිත් ළමයි ගැන කිය කිය බැන්නා.. දෙන්නම මට තමයි බැන්නෙ. ඒ දෙන්නම කිව්වෙ වැටිලා තුවාල කරගත්තදෙන් ඔයාට වැඩක් නෑනෙ කියලා. ඉතින් මාත් කට වහගත්තා.
දැන් ඊට පස්සෙ මේ කොල්ලො දෙන්නම කලේ කන්දෙන් පහලට දුවගෙන එන ගමන් පුටු තල්ලු කරන එක. අර පොඩි එකා නම් දෙතුන් පාරක්ම වැටුණා. Balance එක නැතුව ඉස්සරහට විසික් වුණා. අන්තිමට වයසක ආච්චි කෙනෙක්ගෙ ඇගෙත් වැදුණා. ඊට පස්සෙ නම් මොනා වුනාද දන්නෙ නෑ. මොකද අපි ගෙදර ආවා. හැබැයි එන ගමනුත් මන් කල්පනා කළේ පොඩි කාලෙ මයි මල්ලි ඔහොම කලානම් අනිවාර්යෙන්ම ගුටි කනව නේද කියලයි. පිට ගෙදරකදිත් විතරක් නෙමෙයි ගෙදරදිත්.
මොකද චූටි තුවාලයක් හරි වුනොත් අපි අඩද්දි එයාලටත් දුක හිතෙන නිසාත් වැරද්දක් වුනාට පස්සෙ දුක් වෙනවට වඩා වෙන්න කලින් නවත්තන එක හොද නිසාත් අපි වැරද්දක් කරද්දි පාරක් දෙකක් ගහලා අපිව හැදුවා. ඇත්තටම මාත් හිතුවා කවදා හරි මගෙ ළමයින්ව හදද්දි මගේ අවදානයෙන් තොරව ඉද්දි කාගෙන්වත් කතාවක් අහන්න බැරි වෙන්න ළමයින්ව හදන්නත්, අවදානයෙන් තොරව ඉන්න අවස්තා අඩු කරන්නත්.. ඉතින් එදා මන් මටම දීගත්ත පොරොන්දුව ඒකයි.
0 comments:
Post a Comment