14:15
ඒක නම් හරි කැත වැඩේ...😌 😌 😌 😌 HR diploma ඒකේ පළවෙනි දවස අද.. මාත් ඉතින් අද උදේම lectures ගියාට.. HRවලට යන්නව නම් යන්න දෙන්න බැහැ කියල තමා අම්මයි තාත්තයි දෙන්නම කිව්වෙ.. මඟින් මඟට call කරද්දි කොහොමත් clz ඉවර වෙලා office යන නිසා; clz යන්නැතුව office යනව කිව්වට, මන් ඇත්තටම ගියේ clz.. ඒ ගිහාමයි දැක්කෙ මායි තව නංඟි කෙනෙකුයි විතරයි ඇවිල්ල තියෙන්නේ කියලා.. 8.30am lectures පටන් ගන්න, hall එකටම 8.25am වෙද්දිත් ළමයි දෙන්නයි.. මන් ගිහින් lecture room එකේ තනියම වාඩි වුණා.. මන් ගාවට ආවෙ cleaning service එකේ aunty කෙනෙක්..
Aunty : පුතේ දන්නවද වැඩක්??
මම : මොකද්ද aunty??
Aunty : අර දෙහිවලදි ජෝඩුවක් මැරුණේ...
මම : ඉතින්??
Aunty : ඒ ගෑණු ළමයා මෙහේ clz ආපු ළමයෙක්
මම : නෑ... 😲
Aunty : නැහ් නෙමෙයි.. එදත් මෙහෙ පංති එනවා කියලා ඇවිත් මිනිහෙක් එක්ක කාමරෙකට ගිහින් ...
මම : මාර ළමයෙක්නේ..
Aunty : කියල වැඩක් නැහැ දරුවෝ.. එදා අර සිද්ධිය නිසා කලින් පංති ඇරියා.. 12ට විතර.. ඒ ළමයට දවල් ගෙදරින් call කරද්දි ඒ ළමය කියල තියෙනවා sir පංතියෙ කියලත්..
මම : ඉතින්..
Aunty : අම්මලා දන්නෙත් නෑනේ මෙහෙම දෙයක්.. පස්සෙ තමා හොයලා බලද්දි ඔය වගක් දැනන් තියෙන්නේ..
මම : අනේ දෙයියනේ වටෙන්ම බෝම්බ ගහද්දි ඔහොම ගමන් යනවද??
Aunty : කරුමෙ තමයි.. ඒ මිනිහා බඳපු මිනිහෙකුත් එක්ක...
මම : නැහ්...
Aunty : ඒ මිනිහගේ ගෑනු කෙනා කැමති වෙලා නැහැ මිනියවත් ගන්න...
මම : 😱😱
Aunty : අවුරුද්දක විතර පොඩි ළමයෙකුත් ඉන්නවා ...
මම : ඉතින් ඔහොම මිනිහෙක්ගේ මිනිය ගෑනු කෙනා ගත්තොත් තමා පුදුමේ...
Aunty : පස්සේ අර ලක්ශයක් දෙන නිසා වෙන්න ඇති තාත්ත කොල්ලගේ මිනිය අරන්...
මම : 😔😔😔 (ඒ මිනිස්සු එක අතකට හරි අඩුම තරමේ ඒ ලක්ශේ හරි අරන් ඒ මිනිස්සුන්ගේ වැඩක් කරගන්නේ නැතැයි..) මාර වැඩේනෙ ඉතිං.. බෝම්බෙන් මැරුණ කිව්වට අවුලක් නැහැ.. ඒත් කවුරුහරි ඇහුවොත් කොයි බෝම්බෙන්ද කියල දෙහිවල කිව්වම හැමෝටම තේරෙනවනෙ වැඩේ මොකද්ද කියල??මොකද දෙහිවලදි blast කරගත්ත කෙනා ඇරුනාම මැරුණේ couple එක විතරයිනේ. පවු ඒ ගෙවල්වල මිනිස්සු...
Aunty : අනේද කියන්නේ ළමයින්ගේ වැරදි වලට ඒ මිනිස්සු පලිද?? අන්තිමේදි මැරිලත් මුලු පවුලෙම දැලි ගෑවනෙ ඒ ළමයා.. අම්මල කොච්චර විඳවන්න ඇතිද අර බොරු විශ්වාස කරලා අන්තිමේදි මැරිලා කියල දැනගත්තාම...
(අපි දෙන්නගේ කතාව තවත් දිග වුණා.. නංඟි ඇතුළටම එනකන්ම...) මාත් clz ඉවර වෙනකන්ම බයෙන් හිටියේ..ඇයි බෝම්බයක්වත් ගැහුවොත් ආයි?? ආවෙ lectures වුණාට මන් ගෙදරට කිව්වෙ office යනවා කියලනෙ... පස්සෙ lectures ඉවරවෙලා මන් office ගියා..
ගත හැකි ආදර්ශය : ඕනෙම වේලාවක ඕනෑම දෙයක් විය හැකි බැවින් ඔබේ ක්රියාකාරකම් වලින් ළඟම සිටින සබැඳියන් ලැජ්ජාවට පත් කිරීමෙන් වලකින්න.. ඔබේ පවුලට ඔබ එක් කරනා කළු පැල්ලම පරම්පරා ගණනාවක් යනතෙක් මැකී නොයෙයි... (මෙය ලංකාවාසීන්ට විශේෂයෙන්ම අදාළ වෙයි..)