- ශ්‍රී ලංකාවේ ප්රාග් ඓතිහාසික යුගය (10)-
- බුදුරජාණන්වහන්සේගේ පළමු ලංකාගමනය -
රාවණ රජතුමා ඉන්දියාවේ රටවල් කිහිපයක් යටත් කරගත් අවදියේ ම ලකෙන් ගිය යක්, රක්, දෙව්, නා යන සිව් රැහේ වූවන් එහිම රැඳී හින්දීය දැයට එක් වුනා. සත්සිරාගෙ යහළුවෙකු වූ හිමවතාත් එබන්දෙක්. සත්හිරාන් හිමිවතාත් දෙදෙන හොඳ යහළුවො. සාතාගිර තම මිතුරා බැලීමට නිතර නිතර හිමාලයට ගියා. සත්ගිර අදිපතියා සත්හිරා වුන අතර හිමාලයේ හිමවතෙහි සිටි රකු නායකයා හිමිවන නොහොත් හෙමවත් වුනා.
බුදුරජානන් වහන්සේ ලෝ පහල වීමෙන් පසු හින්දියාවේ සිටි ජනනායකයින් බොහොම දෙනෙකු උන් වහන්සේ වෙත ඇදී ගියා. හිමවතත් බුදුරජානන් වහන්සේ වෙත ගිහින් බණ අසා පැහැදි උපාසකයෙකු වුනා. සත්ගිරා තම මිතුරා බැලීමට ගිය විටෙක දී දෙදෙනාම ගොස් බුදුරජාණන් වහන්සේ බැහැ දැක්කා. ඉන්පසුව සත්ගිරාත් බොදු උපාසකයෙකු වුනා.
සත්ගිරි නොහොත් සප්ත කන්‍යා කඳු තිබුනෙ සුමන සමන් දෙවිඳුන්ට අයත් සමනල අඩවියෙයි. සමන් දෙවිඳුනුත්, සාතාගිරිත් හොඳ මිතුරො. බුදුරදුන් හමුවට ගොස් ආපසු ආ සාතාගිරි බුදුරදුන් ගැන සුමන සමන් දෙවිඳුන්ට කීවා. සුමන සමන් දෙවිඳුනුත් සත්සිරා එක්ව බුදු රදුන් දැක පැහැද බොදු උපාසකයෙකු වුනා. ඉන්පසුව දෙදෙනාම නිතර නිතර බුදුරදුන් හමුවීමට හින්දියාවට ගියා.
මිනිස් දිවි ගෙවූ කල සුමන සමන් දෙවියන් නාග රැහැට අයත් වූවෙක්.
නා රැහේ වූවන් එතරම් සටන්කාමීන් නොවෙයි. එනිසා හටනක් ඇති වුව හොත් පරාජය අත්වනුයේ නා රැ වුවන්ට බව උන්වහන්සේ දැන සිටියා.
එම නිසා බිම්තැන්නෙ නා රැහේ හා යක් රැහේ වූවන් අතර ඇති වීමට ගිය හටනක් නැවැත්වීමට සුමන සමන් දෙවිඳුන් සටන නැවැත්වීමට බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා.
යක් රැහේ වුවන් දරුණු සටන්කාමීන් නිසා ඔවුන් අතින් තම රැහේ වූවන් නැසෙනු දැකීමට නොහැකිව සමන් දෙවිඳු කළ ආරාධනය සලකලා බුදුන් වැඩමවා සටන නැවතුවා.
මහාවංශයේ සඳහන් වන්නේ මහියංගණයෙහි මහවැලි ගඟ අසබඩ යොදුන් තුනක් දුරින් පිහිටි මහානාග වනෝද්‍යානයට බුදු සමිඳුන් වැඩි බවයි.
බුදුන් වහන්සේගෙන් බණ අසා නා රැහේ වූවන් සහ යකු රැහේ වූවන් බොහොමයක් බුදු දහම පිලිගත්තා. මලය බලය මෙහෙයවූ යක් රැහේ වුවන්ගේ දෙවියන් වන උපුල්වන දෙවියනුත් බණ ඇසීමට පැමිණියා. එහිදී උපුල්වන් දෙවියනනුත් බුදු දහම පිලිගෙන හෙළදිවේ බුදුදහම පැතිරවීමටත්, දහම අදහන්නත් රැකබලා ගැනීමටත් ඉදිරිපත් වුණා.
#කොග්ගල_නිලමේ පොත ඇසුරින් සැකසිණි.
0 comments:
Post a Comment