- ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය (02)-
ලංකාව ඈත අතීතයේ හඳුන්වා ඇත්තේ "ලක" යන නාමයෙනි.
එයට හේතුව වී ඇත්තේ අප ආදිතමයන් ඉතා ලක(ජේත්තුව/ලස්සන) වූ හෙයිනි. විස්තරාත්මකව කියතහොත් මිනිස්සු පමණක් නොව, අප රටද ඉතා ලස්සනව තිබී ඇත. අතීතයේ තිබුණු වෙනත් රටවලට වඩා අපේ රට ලකට තිබී ඇත.
හැඩ රුව ඇති මිනිස්සුන්, ඇලදොල ආදී සියල්ලමද ලකයට තිබී ඇත. කොටින් පැවසූහොත් රටෙහි සෑම දෙයම ලකය. ඒ හෙයින් මෙම රටට "ලක " යන නම සෑදී ඇත.
- කොග්ගල නිළමේ පොත ඇසුරින් සැකසිණි -
- ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය (03)-
හෙළ දැයේ මුල් උපත, වසර ගණනින් මිණුම, කිසිම කිසි කෙනෙකු හට, නොකළහැකි දෙයක් නොවැ, හඳෙන් ආ කුමරියන්, හිරු කුමරුවන් සමඟ, දඹගිරියේ මුදුනෙදි, එක්ව විසුමෙන් සිදු වී ඇත.
"හෙළයා හැදුනේ හිරු හෙලු හරින්ය" යන ඇදහීමට දුන් ජන කතාවක්ද ඇත. එය මෙසේයි. ඈත අතීතයෙ මිහි මත මිනිසුන් ඇතිවීමට පෙර සිටම අපේ රට ඉතා ලකයි.
අපේ රට ලක බව වෙනත් ලෝකවල ඇත්තොත් පිළිගෙන තිබී ඇත. හිරු දෙවියොත් හිරු ලොව වැසියනුත් මේ රට එක සේ පිලිගෙන තිබුනාලු.
ඒ කාලේ හිරු දෙවිඳුගෙ පුත් කුමරුවොත් හඳ දේවියගෙ දූ කුමරියොත් කෙළි දෙලෙන් ගත කිරීමට ලකට එනවලු.
එසේ එන්නෙ සමනල කඳු මුදුනට. සමනල කීවේ වසරෙ හැම කාලයකම දෙපැත්තෙන්ම එන සුළඟ සම සේ ලැබෙන නිසයි.
ඒ අනුව රටේ එක් පැත්තකට සුළඟ ලැබෙන්නේ හය මාසයකට පමණයි. අනිත් හය මාසේ අනිත් පැත්තට. නමුත් සමනල කන්දට එබඳු වෙනසක් නැහැ. එසේ වන්නේ ඒ කන්දෙ පිහිටීම අනුවයි. එ නිසාම එපෙදෙසෙ ගස් වැල් ගංගා ඇල දොලත් සරුයි . ඒ හැම දෙයක්මත් ලකයි.
උදා හිරු නගින විට හිරු කුමාරවරුන් හිරු රැස් ඔස්සෙ සමනල කඳු මුදුනට බැස දිවා කල මෙහි ගතකර සැඳෑ සමයේ හිරු බසින විට හිරු රැස් ඔස්සේ ආපසු හිරු වෙත යනවලු.
ඒ විදියටම හද කුමරියන් සැඳෑ යාමයේ සඳ නැග එන විට සඳ රැස් ඔස්සේ සමනල කඳු මුදුනට බැසකෙළිදෙළෙන් රැය ගෙවා උදෑසන බටහිරින් සඳ බසින විට සඳරැස් ඔස්සේ ආපසු යනවලු.
එක් දිනක් "ආදි" නම් හිරු කුමරුට ආපසු යාමට හිරු බැසීමට පෙර කඳු මුදුනට ඒමට නොහැකිව කඳු මුදුනෙ නතර වුනාලු. සැඳෑ සමයෙ නැග ආ හඳ රැස් ඔස්සේ ආ "ඊව" නම් හඳ කුමරියක් ආදි දැක කතා බහට වැටුනලු. යහළු වී දෙදෙනාම ආපසු නොගොස් කඳු මුදුනෙ නතර වුනාලු. පසුදින ආදිගෙ සහ ඊවගෙ යහළු යෙහෙළියන් පිරිසකුත් ඒ දෙදෙනාට එක් වුනාලු.
තම කුමරුවෙක් මිනිස් ලොව ලක තුළ නතර වී ඇති බව දැනගත් හිරු රජු එසේ නතර වූ හැම දෙනාටම ආපසු ඒමට අණ කළත් ගියේ නැතිලු. ඒ ගැන උරණ වී ඊට පසු දින හිරු නැගී ආයේ කෝපයෙන් වෙව්ලමින්. නැගෙන හිර අහස තදරත් පැහැ ගන්වමින්, සැඩ හිරු රැසින් විඩාපත්ව දහදිය මහළගින් කඳුළු වැගිරූ කුමර කුමරියන් රැ කල හඳ උදාවීමෙන් පසු හඳ දේවියගෙ අනුකම්පාවෙන් ඔවුන් හැමදෙනාම සිසිල් කළාලු. කුමර කුමරියන්ගෙන් ගැලු දහදියත් කදුළුත් එක්වී ගංඟා හතරක් ලෙස හතර දිසාවට ගලා ගියාලු ඒ සතර ගංඟා තමා කළු, වලවේ, කැළණි සහ සිහවැලි.
හෙළ දැය ඇතිවුනේ එදා කඳු මුදුනෙදී එක් වූ හිරු කුමරුවන්ගෙනුත්, හඳ කුමරියන්ගෙනුත් බව පැවසෙන්නේ එබැවිනි.
බයිබලීය උත්පත්ති කතාවේ එන දෙවියන් මැවූ ආදම් සහ ඒව යන දෙදෙනා මොවුන්ද යන්න නොදන්නා මුත්, මොවුන්ගෙන් පැවතෙන පරපුර හිරු වන්දනාමන කළ බවත්, රාවණ යනුද හිරු කුළයේ කෙනෙක් බවත් පැවසෙයි.
- කොග්ගල නිළමේ පොත ඇසුරින් සැකසිණි -
0 comments:
Post a Comment