Usual in Daily

Feelings are much like Waves, we can't stop them from coming but we can choose; which one to surf.

School Times

We didn't realize we were making memories, we just knew we having F U N....

ගැහැණු ළමයාගේ කතාව

I'm so thankful I had a childhood before technology took over....

For a better Life

I will love the LIGHT for it shows me the way,yet I will endure the darkness because it shows me the sTaRs...

It's Shows me

A private life is H A P P Y Life

කල්පනා සරෝජ්

කෝටිපතිනියක වූ කුලහීන කෙල්ල.
-------------------------------------------
ඇය අඩුකුලේ කෙල්ලකි.
ඔව්. කල්පනා සරෝජ්, ඉන්දියාවේ පහත්ම යැයි සැලකෙන දාලිත් කුලයට අයත් අයෙකි. ඒ මදිවාට ඇය උපන්නේ ඉන්දියාවේ දුෂ්කරම ගම්මානයකය. ඒ දුෂ්කර ගම්මානයේ උන්නේ දුප්පත් මිනිසුන්ය. ඒ දුප්පතුන් අතර දුප්පත්ම පවුල වූයේ කල්පනාගේ පවුලය.
කොතරම් දුප්පත් වුණත් කල්පනාගේ තාත්තා ඇයව පාසැල් යැව්වේය.
“අපේ කුලේ අය ඉගෙනගත්තා කියලා රස්සාවල් කරන්ඩ බෑ තමයි. ඒත් ලියුමක් කියවගන්ඩවත් පුළුවන් වෙනකල් කෙල්ල ඉස්කෝලෙ ගියාවෙ..” කල්පනාගේ පාසැල් ගමන ගැන ගමේ මිනිසුන් කතා කියන විට තාත්තා උත්තර දුන්නේය.
කල්පනාගේ තාත්තා කෙසේ කීවත්, ගමේ අඩුකුලේ ළමයින් පාසැලට ඒම ගැන පාසැලේ අනෙක් ළමයින් කැමති වුණේද නැත. පාසැලේ උන් කුළවත් පවුල් වල දරුවෝ නිතරම කල්පනාට අඩන්තේට්ටම් කළහ. පාසැලේ ඇයට කිසිදු යෙහෙළියක් හෝ යහළුවෙක් උන්නේ නැත. ඒ කිසිවෙකු ඇයව ගෙදරකට වැද්දගන්නේද නැත. ඒ ඇය අඩුකුලයේ දැරියක නිසාය. ඉහල කුළ වල දරුවන් සමග අඩුකුලේ දැරියක් තරග කිරීම බරපතල පාපයක් විය. එනිසා පාසැලේ ක්‍රීඩා තරගයකටවත් සහභාගි වෙන්නට ඇයට අවසර තිබුණේ නැත.
කල්පනා ඒ් සිියල්ල ඉවසමින් අකුරු ඉගෙනගන්නට ආශාවෙන් පාසැල් ගියාය.
එහෙත් ඇයට ඒ ගමන වැඩිකල් යන්නට ලැබුණේද නැත.
වයස අවුරුදු දොලහක් වන විට කල්පනාට දීග යන්නට සිදු විය. විරුද්ධ වන්නට කාරණාවක් නැත. මෙය කල්පනාට පමණක් සිදුවූ දෙයක් නොවේ. ඉන්දියානු සමාජයේ කුලහීන දැරියන්ගෙන් වැඩි දෙනෙකුගේ ඉරණම මේකය.
ඉතින් වැඩිවිය පැමිණී මාස ගණනක්වත් නැති දොළොස් හැවිරිදිි කල්පනා, තමාට වඩා දස වසරකින් වැඩිමල් පිරිමියෙකු හා දීග ගියාය. කල්පනාගේ සැමියා ඇයවත් කැටුව ඔහුගේ ගමට ගියේය. එය ගමක් නොවේ. විසල් නගරයකි. ඒ විසල් නගරය බොම්බායයි. ඒ විසල් නගරයෙන් කල්පනාට ලැබුණු ඉඩ අඩි කිහිපයක් පමණකි. ඒ බොම්බායේ මුඩුක්කුවක, තනි කාමරයේ පැල්පතකි. ඒ තනි කාමරයේත් තනි අයිතියක් කල්පනාට තිබුණේ නැත. ඒ කාමරය කල්පනා හා සැමියාත්, කල්පනාගේ සැමියාගේ අයියා සහ ඔහුගේ බිරිදත් යන පවුල් දෙක විසින් බෙදාගත යුතු විය.
කල්පනා වැටුණේ කබලෙන් ලිපටය. කල්පනා ඒ මුඩුක්කු කාමරයේ උන් අනෙක් තිදෙනාගේ වහලිය බවට පත් වූවාය. උදේ පටන් රෑ නින්දට යනතුරුම, සැමියාගේ මෙන්ම සැැමියාගේ අයියාගේ පවුලේත් සියළුම මෙහෙවරකම් කරන්නට සිදුවුණේ දොලොස් හැවිරිදි කල්පනාටය. ඒ මදිවාට ඒ තිදෙනාගෙන්ම ලැබුණේ ඇනුම් බැනුම්ය. නිිතරම සැමිියාගේ අයියාත්, ඔහුගේ බිරිදත් කල්පනාට වරදක් ඇතත් නැතත් පහර දෙති.
කල්පනා ඒ සියල්ල ඉවසාගෙන වැඩ කළාය. එහෙත් ඉවසන්නට බැරිම කාලයක්ද පැමිණියේය. ඇය ලියුමක් ලිව්වාය.
“තාත්තේ, එක සැරයක් බොම්බායට ඇවිත් මාව බලල යන්න..”
තාත්තා පිළිතුරු ලිපියක් එව්වේ නැත. ඒ වෙනුවට ඔහු පසුදිනයේම ඇයව බලන්නට බොම්බායේ මුඩුක්කුවට ආවේය.
ඔහු එනවිට කල්පනාගේ නෑනා, කල්පනාගේ කෙස්වැටිියෙන් ඇදගෙන ඇයට පහර දෙමින් උන්නාය. කල්පනාගේ ඇදුම් ඉරී ගොසිනි. ගමේදී උන් කෙළිලොල් දැරිය දැන් ඇටසැකිල්ලක් ගාණය. තාත්තාට වෙනත් විස්තර කියන්නට උවමනා වූයේ නැත. කල්පනාගේ ඇදුම් කිිහිපයද ඔතාගත් ඔහු ඇයව නැවතත් ගමට කැදවාගෙන ගියේය.
ආපසු ගමට ආ ඇයව ගම්මු ආදරයෙන් පිළිගත්තේ නැත.
“මූසල කෙල්ල, ස්වාමිපුරුෂයගෙ ගෙදරින් එළවලා දාලා. මොකක් හරි නැහැදිච්ච කමක් කරන්ඩ ඇති..” ගම්මු ඇයට යවුල් වැනි ඇනුම්පද කීවෝය. මේ කතා වලට උත්තර දෙන්නට නොගිය කල්පනා, තාත්තාට බරක් නොවී ජීවත් වෙන්නට, මොකක් හෝ රස්සාවක්, අඩුගාණේ ගෙදරක මෙහෙකාර කමක්වත් හොයා ගන්නට උත්සාහ කළාය.
අන්තිමේදී ඇය ජීවත් වෙන්නට කුළියට ඇදුම් මහන්නට පටන් ගත්තාය. ඒ රැකියාවෙන් යාන්තම් කීයක් හෝ අතට ආවත්, මිනිසුන්ගේ කතා ඇගේ සිත තදින් රිදවූයේය. ඒ මදිවාට දීගය කැඩී ගෙදර ආ ඇයව වෙනත් මාවත් වලට හරවා ගන්නට මාන බැලූ මිනිසුන්ගේ බලපෑම්ද බොහෝ විය.
මේ සියල්ල දරාගන්නට බැරි දිනක් ඇයට උදාවිය.
මිනිසුන්ගේ කෙණෙහිලිකම් විදිමින්, ආඩපාලි අසමින්, ඇදුම් මසා හොයා ගත් සොච්චමක් රැගෙන නගරයට ගිය ඇය කෘමිනාශක බෝතල් තුනක් මිලට ගෙන නැවත ගෙදර ආවාය.
“ජීවිතේ හොදටෝම ඇති.. මට තවත් විදවන්න බෑ..” කල්පනා තීරනය කොට තිබිණ. ඇය කාමරයට ගොස් ඒ බෝතල් තුනම එක හුස්මට හිස් කළාය.
වාසනාවකට, වසබොන්නට කලියෙන් කාමරෙයේ දොර අගුළ දමන්නට ඇයට අමතක වී තිබිණ. කල්පනාගේ නැන්දනිය පැමිණ, නිවසේ කිසිවෙකු නැත්තේ ඇයිදැයි විපරම් කරද්දී, කාමරයේ දොර අඩවන් කොට තිබෙනු දුටුවාය. දොර විවර කොට බැලූ නැන්දාට දකින්නට ලැබුණේ කට දෙකෙළවරින් සෙම පෙරමින් බිම වැටී උන් කල්පනාවය. කල්පනා අසල තිබුණු කෘමිනාශක බෝතල් දුටු ඇය කතාව තේරුම් ගත්තාය.
තත්පරයක්වත් පමාද නොවූ ඇය කල්පනාව රෝහලකට ගෙන ගියාය. කල්පනාට ජීවත් වෙන්නට වාසනාව තිබිණ. මාස ගණනක් රෝහලේ ප්‍රතිකාර ලැබූ කල්පනා රෝහලෙන් පිටතට ආවේ අලුත් අධිෂ්ඨානයක් සමගය.
“මං ජීවත් වෙනවා. හැබැයි මේ කාලකණ්ණි ජීවිතය නම් ඉවරයක් කරනවාමයි. මං කවදා හරි මැරෙන්නේ වෙනස්ම ජීවිතයක අයිතිකාරියක් විදිහට..” කල්පනා තදින් සිතාගත්තාය.
ඉන්පසු ඇය නැවතත් බොම්බායට ආවාය. මෙවර ඇය බොම්බායට ආවේ තනිවමය. ඒ් වන විට ඇගේ වයස අවුරුදු දාසයකි. ඇගේ මාමා බොම්බායේ කුලියට ඇදුම් මසන සන්නාලියෙකි. කල්පනා ආවේ ඔහුගේ සහායිකාව ලෙස රැකියාව කරන්නටය. ජීවිතය පහසු නැත. කල්පනාට ලැබුණේ මාසයකට ඩොලර් එකකටත් අඩු වැටුුපකිි. ඒ් සුළු වැටුපට මහ රෑ වන තුරු වැඩ කරන්නට ඇයට සිදුුවිය. එහෙත් ඇය මැසිිවිල්ලක් නොනගා මහන්සියෙන් වැඩ කලාය. ලොකු උනන්දුවකින් අධිවේගී මහන මැෂින් ක්‍රියා කරවන්නට ඉගෙන ගත්තාය.
කල්පනා වැඩිිපුරත් වැඩ කලාය. ඇගේ ආදායමද ක්‍ර මයෙන් ඉහළ යන්නට විය. එහෙත් ඇය උපයන සියල්ල ඇගේ නැගනියගේ අසනීපයට විියදම් කරන්නට සිිදුවිය. ඒ් කෙසේ වුුවත් කල්පනා පසුබසින්නියක නොවේ. ඇය තව තවත් වැඩියෙන් උපයන්නට සිිතා ගත්තාය.
තමන්ගේ මැහුුම් ව්‍යාපාරය දියුණු කරගන්නටත්, අලුුත් ගෘහ භාණ්ඩ ව්‍යාපාරයක් පටන් ගන්නටත් ඇය රජයෙන් ණය මුදලක් ලබා ගත්තාය.
ඉන්පසු ඇය දවසට පැය දාසයක් වැඩ කරන්නට ගත්තාය. ව්‍යාපාරය දිනෙන් දින දියුණුු විය. ඒ් අතර ඇය තවත් ගෘහභාන්ඩ ව්‍යාපාරිකයෙකු සමග විිවාහ වූවාය.
ව්‍යාපාර ලෝකයේ ඇගේ කීර්තිය පැතිරෙන්නට විය. ඒ වන විට බංකොලොත් භාවයට පත්වෙමිින් තිිබුනුු ව්‍යාපාරයක් බාරගන්නැයි ඇයට ඉල්ලීමක් ලැබිණ. ඒ “කමනි ටියුබ්ස්” ය. “කමනි ටියුුබ්ස්” ව්‍යාපාරය පැවතියේ විිසල් ණය බරකට යටවී අභාවයට යමින්ය.
ඒ් ව්‍යාපායේ සේවකයිින්ට පිහිටක් වෙන්නට කල්පනාට උවමනා විය. කල්පනාගේ උත්සාහය පළ දැරීය. අද කමනි ටිියුබ්ස් ව්‍යාපාරය වේගයෙන් වැඩෙන ව්‍යාපාරයකි. ව්‍යාපාරයේ වත්කම ඩොලර් මිලියන සියයකට අධිකය. හැම කුලයකම, හැම ජාතියකම සේවකයෝ කල්පනා යටතේ වැඩ කරති.
අඩුකුලේ දුුප්පත් කෙල්ලක වූූ කල්පනා සරෝජ් අද රතන් ටාටා, මුකේෂ් අම්බානි වැනි ප්‍රකෝටිපති ව්‍යාපාරිකයින් හා උරෙනුර ගැටෙන යෝධ චරිතයකි.
ඉදහිටක ඇය ඇගේ ගමට යයි.. ගමේ සුභසාධන කටයුතු වෙනුවෙන් ඇය නොමසුුරුව විියදම් කරන්නේ කිසිදු හිතේ කහටකිින් තොරවය.
“මං බොම්බායට එනකොට ඒ විශාල නගරයේදී මට දැනුනේ මං අගුටුමිට්ටෙක් වගේ. මං පාරක් තොටක් හොයා ගන්නවත් දැනගෙන හිටියේ නෑ. ඒත් අද මේ විශාල නගරයේ මගේ ව්‍යාපාරය නමින් පාරවල් දෙකක්ම නම් කරලා තියෙනවා. තමන් කරන දේ වෙනුවෙන් හදවතින්ම කැප වෙන්න. ඔබේ ජීවිතය වෙනස් වෙනවා සහතිකයි.” කල්පනා සරෝජ් කියන්නීය.
නිම්මි මුුදිතා හේරත්
සති අග අරුණ

5 ශිෂ්‍යත්වේ

7/23/2019
20:22

5 ශිෂ්‍යත්වේ



ඇත්තටම දැන් පොත් කියවන්න වෙලාවක් නෑ... ඉතින් මේ වෙද්දි මගේ සාමාන්‍ය දැනුම හරි අඩුයි.. හේතුව අපි මොකක් හරි දෙයක යෙදෙද්දි තමා අපේ දැනුම polish වෙන්නේ.. ඉස්සර primary school එකේ ඉද්දි මන් කොච්චර කියෙව්වද කිව්වොත් මන් 6 වසරෙදි ගිය ඉස්කොලේ මට කියවන්න පොත් තිබ්බේ නැහැ. Primary school එකේ තිබ්බ තරම් rich library එකක් ප්‍රසිද්ධ ඉස්කොලයක් වෙච්ච දෙවෙනි ඉස්කොලේ තිබ්බේ නැති එක මට තදටම දැනුණා.. දෙවෙනි ඉස්කොලේ library එකට ගිය පළවෙනි දවසේ ඉඳන් අන්තිම දවස වෙනකන්ම මන් ඒක ගැන දුක් වුණා..
සිංහල රචනා, දැනුම මිනුම තරඟවලට යන්න නිතරම පොත් කියවන්න ඕනෙම නැහැ.. ඒත් ඒ කාලේ කතා පොත් වලට අමතරව සාමාන්‍ය දැනුම මිනුම පොත්, සීයගේ තඩි වේයො කාපු atlas hall රචනා පොත (දැන් ඒක මගේ) නිතරම පාවිච්චි වුණා.. 5 වසරේ ශිෂ්‍යත්වේ ඉඳන් දක්වා මන් සින්හලෙන් ලියපු හැම විභාගෙකටම යන්න කලින් මන් පාවිච්චි කළේ සීයගේ තඩි රචනා පොත ....

මන් ඉගෙන ගත්ත කාලෙත් atlas hall පොත publish කලේ නැහැ.. ඒත් සීයගේ ගොඩ ගහපු කුණු කඳු අවුස්සලා තමා මන් ඒක හොයාගත්තේ.. පරණ.. කහ වුණ.. type-setting කරපු වේයො කාපු පොතක් නිසා වෙන කෙනෙක් නම් ඒක අනිවාර්යෙන් විසික් කරයි.. ඒත් මන් අදටත් ඒ පොත පාවිච්චි කරනවා...
ඉතින් මන් රචනා පොත ගැන නෙමෙයි කියන්න ගියේ , 5 ශිෂ්‍යත්වේ ගැන.. මාමගේ දෙවෙනි දුවට මන් මේ දවස් වල කියලා දෙනවා.. තත්වේ නම් සෝචනීයයි.. කෙල්ලගේ උනන්දුවක් නැතිකම තියෙන්නේ.. වැඩ පුළුවන්..

ඊයේ පෙරේදා දවසක් මන් office ගිහින් ආපු ගමන්ම කිව්වා ඊයේ කියලා දීපු ගාණ එහෙම්මම ඇවිත් තිබ්බා කියලා.. මන් ඇහුවා හැදුවද කියලා.. එයත් ඔව් කිව්වා..  Wash එකක් දාගෙන තේකක්වත් බොන්නැතුව මන් එයත් එක්ක මේසේට වාඩි වුණා..

ඒ ගාණම අරන් එයාට දීලා කිව්වා හදන්න කියලා.. හැදුවා ... ගාණම වැරදී... ප්‍රශ්නෙ මතක තියන් උත්තර ගහනවා කියන්න ඉතින් කතා ඕනේ නෑනේ..

අපේ ගේ පිටිපස්සෙ තියෙන්නේ පන්සල.. (පන්සල හදන්න කලින් තිබ්බෙ ඕවිට) පන්සලට යන්න තියෙන පාර තියෙන්නෙ කුඹුර මැද්දෙන්... තාම වක්කඩ දැකල නෑලු.. දිය හොල්මන ..ඒ දන්නෙත් නෑ (මේක නම් මාත් දැකලා නෑ ප්‍රයෝගිකව - පොත් කියෙව්ව නිසා 5 වසරෙදි අදහස දන්නවා)

බිලිං අමි ආච්චිලගේ ගෙදර ගස් කොච්චර තියෙනවද?? ලොවි හැදෙන්නේ කදේලු.. ලොවි පොඩි ආතලාගේ ගෙදරට යන පාරෙ තියෙනවා... කැරට්වල තියෙන්නේ ප්‍රොටීන්ලු.. අපි ඒ කාලේ කෑම ගැන ඉගෙනගත්තේ මොන්ඩිසෝරියෙදි.. ඊටත් වඩා ප්‍රායෝගිකව interval එකේදි කෑම පෙට්ටියේ කෑම ගැන කියලා දෙනවා......
මන් 3 වසරෙදි අපේ මල්ලියි.. එහා ගෙදර මල්ලියි එක්කන් ගෙවල් වලට හොරෙන්.. වේල්ලෙන් පැනලා ඕවිටේ වැවිල තියෙන පලා ගලවන් එනවා ගෙදර කන්න..(අපි පලා ජාති... කොළවල හැඩය දැනන් හිටියා..) මායි මල්ලියි කියන්නේ ඒවා එහා ගෙදර මල්ලිල දුන්න කියලා.. ඒ මල්ලි කියන්නේ අපි දුන්න කියල.. ඕවිටම අපි සුද්ද කරනව... ඒ අස්සෙ ගෝඩා බැරලුත් අපි දකිනවා..  කිරල්ලු හබලර ගස් අස්සෙන් දුවනවා.. මන් පළවෙනියටම දිය නයෙක් දැක්කේ වේල්ලට බහිද්දි.. මල්ලි එතකොට 1 වසරේ..මන් පොළඟෙක් කියලා මල්ලිව පස්සට අඳිද්දි මල්ලි තමා මට කිව්වේ ඒ දිය නයෙක් කියලා.. ආච්චි එක්ක අපේ ඉඩමේ පින් ළිඳේ නාද්දි එයාලට කළිනුත් ඌව හම්බු වෙලා තියෙනවලු..
ගස් අස්සේ ඉඳලම ගස්වල කොළේ හැඩේ ගෙඩි වල ඇටේ කොයි වගෙද කියලා , මල්වල පෙති ගාණ,  ඔක්කොම දන්නවා...theory දැනන් හිටියේ නැහැ.. ආච්චි මල් වවද්දි කියනවානේ...

ඒ කාළේ පත්තරවල කියවන්න ඕනෙ තරම් දේවල් තිබ්බ... සෙනසුරාදට සතර පත්තරේ ගන්න එක තමයි හපන්කම...  පත්තර වල රූප කොළ නිසාත් සමහර දේවල් හොඳට මතක තිබ්බා... ඉතින් නංඟි කියනවා ශිෂ්‍යත්වෙට සති 2යි.. තාම ආහාර පාඩම කරලා නෑලු..

මන් 5 වසරේ ඉද්දි හිටියේ බොහොරාන් මිස්.. .. මැලේ ටීචර් කෙනෙක්..  අකුරක්  නෑර කියලා දුන්නේ අලුත් දේවල්. ඒවා ශිෂ්‍යත්වෙට වටින නිසා.. ගාණට syllabus cover කළා...

ඉතින් අත්දැකීම්, ඒ වගේම කියවීමත් දෙකම එක වගේ වැදගත් ළමයෙක්ට.. නැත්නම් රචනා ලියන්නත් බැහැ.. අනික කතා කරන ශබ්දකෝශය වුණත් නිර්මාණය වෙන්නේ පොඩි කාළෙම අපි එකතු කරගන්න වචන වලින්..

දැන් ඉතින් නංගි ගැන කිව්වොත් එයාගේ සාමන්‍ය දැනුමත් එක්ක
වුවමනාවක් නැතුව හිතන්නේ නැතුව කරන ගණන් කිරීම්.. අනේ මන්දා ඉතින්... අර ඉතින් AL agree කරපු එකෙකුත් දහස්පෙතියා වවන්න, ඇට කියලා හිතලා මලේ පෙති විතරක් බිම දැම්මේ... ඒ අතින් පොඩි උන් ගැන කවර කතාද??

කටමැත

7/14/2019
8:01

මම කියන සමහර දේවල්වලට අම්මයි තාත්තයි මූණ බලාගන්නවා මන් දැකලා තියෙනවා..

ඇත්තටම මන් නොහිතා කියන ඒවගෙන් තව කෙනෙක්ට මන් ගැන මොනා හිතෙනවද කොයි මිම්මෙන් මාව මනිනවද කියලා කියවද්දි මට මතක් වෙන්නේ නැහැ.. Nonstop කියවන්න මන් හරි ආසයි.. එතකොට ඒ වෙලාවට හිතෙන ඔක්කොම කියලා දැම්මහම හිත මාරම relax..  ඒත් පවුලක, සමාජෙක ජීවත් වෙද්දි ඒක එහෙම බැහැ කියලා  ඔහොම දෙයක් වුණාම මන්ම හිතනවා..

සමහර වෙලාවට මන් කථා කරද්දි තාත්තයි මල්ලියි දෙන්නම මට කට වහගන්න කියලා කියන්නෙත් ඒ නිසා වෙන්න ඇති.. සමහර වෙලාවට ඒක එයාලට කරදරයක් වෙන්නත් ඇති... ඒත් එහෙම වුණාම මගේ හිතට කොච්චර දුක හිතෙනවද??

සමහර දවසට මන් කොට්ටෙ බදාගෙන කොච්චර අඬනවද.. කිසිම එකක් කිසිම කෙනෙක්ට කියන්න බැරි වුණාම හිතට එන දුක.. හිතේ හැමදේම කාට හරි කියන්න ඕනෙ වුණාට එයාල ඒව ගණන් නොගෙන කට වහගන්න කිව්වම හිතට එන දුක කොච්චර ලිව්වත් වචනවලට දෙන්න බැහැ..

ඒත් ඉතින් අම්මලාටම ඒවා නොකියා කාට කියන්නද?? යාළුවන්ට වඩා අම්මලව විශ්වාසයිනේ.. ඒත් කටවහගන්න කියද්දි වෙන දවසක ගොඩක් ලොකු රහසක්වත් කියන්න හිතෙන්නෙ නැහැනේ..
අනික එහෙම කියන්න එපා කියලා නවත්තපු කතා ගැනම හිත හිත ඉදලා මන් කොච්චර විඳවනවද??? අනික මල්ලිට තාත්තට අම්මට මගෙන් දෙන්න තියෙන උපදෙසක් ඒ වෙලාවෙම දුන්නෙ නැත්නම් පස්සෙ කියන්න අමතකත් වෙනවා.. ඉතින් මතක් වෙන්නෙ කොයි වෙලේද මන් ඒ වෙලාවෙ ඒක කියලා දානවා..

ඒත් දැන් මන් වැඩිහිටියෙක් විදිහට හිතද්දි මීට වඩා වගකීමෙන් කතා කරන්න ඕනේ කියලත් හිතෙනවා.. ඉතින් ඒක එහෙම වුණත් මට කතා නොකරම ඉන්න බැහැනේ.. මොකද තැනකට ගිහාම ඒ මිනිස්සු අහනවනේ කතා කරන්නවත් බැරිද කියලා... එතකොට ගෙදර ආවාම තත්තා බනිනවා ලොකුකම වැඩී කියලා... ඉතින් ඇත්තටම මන් එහෙම කරන්නෙ මගේ කටින් වැරදි දෙයක් කියවුනොත් අම්මටයි තාත්තටයි ලැජ්ජ වෙන එක නවත්තන්න.. ඉතින් මන් අඬනවා...අඬන්නෙ නැහැ මට නිකන්ම ඇඬෙනවා.... ආයිත් දවසක කොහේ හරි ගිහින් මන් කතාකරන්න ගියොත් තාත්තා ඔරවනවා.. ඉතින් ආයිත් මට දුක හිතිලා ගෙදර ඇවිත් අඬනවා.. එහෙම වෙන හැම දවසකම මන් හිතනවා අම්මලා මට ආදරේ නැහැ කියලා... ඇත්තටම මට තාම කිසිම අවස්තාවක් නැහැ ගෙදරින් පිට වෙලා ඉන්න... එහෙම chance එකක් හම්බුනොත් මන් ඇත්තටම කරන්නෙ ගෙදරින් යන එක..  ස  ද  හ  ට  ම....
එතකොට අම්මටයි තාත්තටයි මල්ලිටයි මගේ කතා අහන්නෙ නැතුව පාඩුවේ හිටියැකිනේ..
මොනා වුණත් අම්මලට මන් නිසා ලැජ්ජ වෙන්න දෙන්නත් බැරි නිසා මගේ අඩුපාඩුවත් හදාගන්නොනේ..

ඒත් මට තාම හිතාගන්න බැහැ කවදාහරි මන් බඳින කෙනත් මට කටවහගන්න කියලා නොකියා ඉඳීද කියලා... එයා එහෙම කියන පළවෙනි වතාවෙ ඉඳලා හැමදාම මන් හරිම odd විඳියට ඉඳී කියලත් හිතෙනවා.. හිනාවෙන්නෙත් නැහැ... කතා කරන්නෙත් නැහැ.. මගේ ජීවිතේම නාස්තිවෙයි.. ඉතින් අපි දෙන්න party එකකට ගිහාම ගොඩක් කාලෙකින් කතාකරන්න කට්ටිය ඉන්න නිසා මන් ඔක්කොලමත් එක්ක හිනාවෙවී කතා කරයි.. පස්සෙ ගෙදර එද්දි මට බනීවි උඹට මාත් එක්ක තමා කතා කරන්න බැරි කියලා.. පස්සෙ අපි රංඬුවෙයි.. නැත්නම් මන් එයාව මගේ pocket knife එකෙන් ඇනලා මරයි.. නැත්නම් පස්සෙ කාලෙක  අපි divorce වෙයි.. කවදා හරි මට වෙයි කියලා මන් හිතන් ඉන්නේ ඔය ටික තමා..

ඉතින් අනේ මන්දා වෙන දෙයක් වෙයිනේ... මගේ කියවිල්ල නිසා  අම්මටයි තාත්තටයි වෙන අයගෙන් බැනුම් අහන්නේ නැති විදිහට මන් කට ටිකක් හරි පරිස්සම් කරන් ඉන්නවා ... නැත්නම් ඔයාල ළමයි හදපු විදිහ තමා කියලා මූණටම හරි මූණේ පැත්තකට හරි... එයාල ඉන්නේ නැති තැනක හරි කිව්වොත් එයාලට දුක හිතෙයි.. අපේ ළමයෙක් නිසා මෙහෙම කථාවක් අහන්න වුණානෙ කියලා... ඉතින් ඒක නිසා මම හැදෙනවා..

වල

7/11/2019
20:22

ඇත්තටම මේ දවස්වල හිතට වදදෙන කාරණා ගොඩයි. ඒ කාරණා කිසිම එකක් මගෙ ප්‍රශ්න නෙමෙයි; නිකන්ම මට හිතෙන ඒවා. ඒත් ලියන්න ගියාම ඒ එකක්වත් හිතට එන්නේ නෑ.🙏🙏

මාසයක් HR clz ගියේ නැති නිසා clz එකේ ගොඩගැහුණ notes ටික අද උදේ ඉදන් ලියන්න ගත්තා. ඉතින් මට තාමත් 'වල' ලියන්න ගිහාම ලියන විදිහ පැටලෙවෙනවා.😐😐😐

'වල' කියලා කිව්වෙ මේකයි. ඕනෙම වචනයක් 'වල' වලින් ඉවර වෙනවා නම්, උදාහරණෙකට ගත්තොත් නීතිවල, මල්වල වගේ වචන මට high speed ලියද්දි ලියවෙන්නේ වචන දෙකකටයි. ඒ,

නීතිවල (නීතියේ) -> නීති වල (නීතිය නම් වූ වල)

මල්වල(මල්හි) -> මල් වල (මල් තියෙන වල)

ඒ කාලේ ඉඳලම ඔය වැරද්ද හදාගන්න හැඳුවට  මට තාම මට බැරිවුණා ඔය වරද හදාගන්න. වචනයක් සන්ධි කරලා ලියන්න ඕනේ එකයි විසන්ධි කරලා ලියන එකෙයි පාඩමත් මන් ඉගෙනගත්තට high speed ලියන් යද්දි  auto සන්ධි වෙන පද විසන්ධි වෙන එක කවදා නවත්තගන්න පුළුවන් වේද මන්දා? ඒ කොහොමවෙතත් AL OL දෙකේම සිංහලවලට A passes.

Death Penalty

7/12/2019
20:22



සමහර මිනිස්සු නිසා අපි හිනාවෙනවා.. අඬනවා..අසරණ වෙනවා.. ඒ ඔක්කොටමත් වඩා ඒ විදිහට අසරණ වෙලා මන් මටම හිනාවුණා කිව්වොත්...

2015 ජනවාරි 8 මාත් මගෙ පළවෙනි ඡන්දෙ දුන්නා.. ඉතින් එදා ඉඳන්ම මාත් හැටදෙලක්ෂෙ කෙනෙක්. ඉතින් අද ආයිත් පාරක් එයා නිසා ඒ කියන්නෙ සිරිසේන ජනාධිපතිතුමා  නිසා අසරණ වෙලා මන් මටම හිනාවුණා ... මුලින් දකිද්දි මන් හිතුවෙ බොරුවක් කියලා.. කතාවකුත් තියෙනවනෙ don't judge a book by it's cover කියලා.. පස්සෙ content  එක කියවලා ඒ කතාව හොදටම, ඒත් චුට්ටක් වෙනස් ඉදිහට තහවුරු කරගත්තා.. Judge a content of politic news by it's headings which belongs to goverment from 2015/20 විදිහට .. මොකද death penalty එක දෙන එක ගැන ඇත්තටම මන් හුඟක් බලාපොරොත්තු තියන් හිටියා..

කුඩුවලින් අපිට ලොකු බලපෑමක් නැති වුනත් අපේ ගේ වටේම ගෙවල්වල කුඩු විකුණනවා. Order එකට එයාල ඒ කුඩු, සබන් කොළේක, shopping කොළේක ඔතල light කණුවක් යට තිබ්බහම ඒක බලන් ඉන්න 3වෙනි පර්ශවය විදිහට අපි සැපයුම්කරු හා ගැණුම්කරු මාරුවෙන කාලය ඇතුලත කුඩුමුල උස්සන්නෙ කුඩු විකුණන අය දවසෙන් දෙකෙන් දියුණු වෙනවා බලන් ඉන්න බැරිකමටමයි.. එහෙම උස්සපු brown sugar ටිකක් ජීවිතේ පළවෙනි වතාවට මන් පාවිච්චි කළේ AL කාලෙදි. (මේ ජීවිතේ අවසන් දවස නොවෙන නිසා අන්තිම එකත් ඒකද කියලා තාම කියන්න බැහැ.)

මගෙ කතාව කෙසේ වෙතත් අපේ ගෙවල් පැත්තෙ ඉන්න අනිත් අය... කිසිම කෙනෙක් එයාලට විරුද්ධ වෙන්නෙ නැහැ.. හේතු,
  • ඒ මිනිස්සු ඒ මිනිස්සුන්ගෙ පාඩුවෙ business එක කරන් යනවා.
  • එදා ඉදන්ම දන්න අදුරන අය. 
  • ශ්‍රමදානයක්, පොදු වැඩක්, මලගෙවල් වල මිනීවල කපන එකේ ඉඳලම ශ්‍රමයෙන් කරන හැම වැඩකටම උදව් වෙනවා. (පන්සලේ speaker එකෙන් වුණත් එයාලගෙ නම් නොකියවෙන්නෙ එහෙමත් දවසක තමා.. )
  • ඔක්කොටමත් වඩා තරහකට කුඩුමුලක් ගෙයි වත්තෙ හංගල පොලීසියට ඔත්තුවක් දුන්නොත්...???
  • අනිත් එක කම්බුලා.. එයයි එයාගෙ නෝනයි තමා area එක run කරන්නෙ.. (රටේ බලවත්තු...  කම්බුලාගේ නෝනටයි අපේ ගෙවල් ගාව කුඩු විකුණන අක්කටයි නම් ඇතුළත් එකයි එළියත් එකයිලු... ඒත් එළියට වඩා ඇතුළ සැපයිලු.. ලොකු කතාවක් වගේ ඕවා කියවනවා ඇහෙද්දිනම්... 😠😠😠😠😠)

ඒත්  ඒ කිසිම කෙනෙක් කැමති නැහැ ඔය කුඩු වැඩේට.. ඒ
  • හැම ගේකම වගේ ඉන්නෙ පොඩි ළමයි.. කවදා හරි දවසක එයාලත් ලොකු අය වෙලා කුඩුවලට addict වුණොත්...
  • හැමදාම කුඩු තියනෙ එකම light කණුවක් යට නෙමෙයි.. එක එක ගෙවල්ගාව තියෙන light කණුයටත් වීම..
  • කුඩු විකුණන අක්ක පොඩි එකෙක්ව අරන් ඇවිදින නිසා.. (ඔත්තුව දෙන කෙනා phone එකෙන් හැඩරුව කිව්වාම ) එයාගෙ හැඩරුව තියෙන... පොඩි අයව තියන් ඉන්න හැම ගෑණු කෙනෙක්ම පොලීසිය සැක කරීම..
  • නන්නාඳුන මිනිස්සු හැම වෙලාවෙම පාරෙ ගැවසීම...

කොහොමින් කොහොමහරි පන්සලේ පොඩි හාමුදුරුවෝ දෙතුන්දෙනාත් මේකට ඇබ්බැහි වුණා කියමුකො.. අවශයය සල්ලි ලොකු හාමුදුරුවෝ නැති වෙලාවට පින් කැටෙනුත්.. අටපිරිකරවලිනුත් ලැබුණා කියමුකෝ..ඒත් කොයිම වෙලාවකවත් බෝ කොළ වැටෙද්දි එන සද්දෙවත් පන්සලෙන් පිට වුණේ නැහැ.. එහෙම වෙලාවට සද්දෙ නොනැගෙන්න වැලි මිදුලෙ විතරක් නෙමෙයි මහ පාරෙත් ඇවිදින්න උපාසිකාවෝ පුරුදු වෙලා හිටියා.. අපේ ආච්චිගෙ කටින් වුණත් එහෙම දෙයක් පිටවුණේ අස්සයා පන්සලෙන් පැනලා ගියහම තමයි..

ඉතින් මේ පැත්තෙ විතරක් නෙමෙයි මුළු රටේම කතාව මේක වෙන්න ඇතිනෙහ්..
අනික පන්සලේ විතරක් නෙමෙයි.. මේ පැත්තෙ තියෙන්නෙම garments..  තාවකාලිකව garmentsවල වැඩට එන බහුතරයක් ආයි ගමට යන්නේ ඔය කුඩු වසංගතෙත් එක්ක.. කුඩු විකුණන කෙනා කුඩු බොන්නෙ නැහැනේ.. නමුත් මේකට අහුවෙන පොඩි ළමයි.. Instituteවල පවා මන් දන්න dealersලා ඉන්නවා.. සිද්ධියට අපි අදාළ වෙලා නෑ කියලා දන්න නිසා කෙරෙන කතාබහ වුනත් සාමාන්‍යයයි..ඒත් ඉතින් කාත් එක්ක හරි චුට්ටක් එහා මෙහා වුනොත්  knuckleඑක හරි... Bladeඑක හරි තමා ඉස්සර වෙන්නෙ..

ගංවතුර නායයෑම් වගේ දේවල්වලදි හදන ආපදා මද්‍යස්ථාන තමා dealersලට කුම්භමේලාවන් වෙන්නෙ..ඒ කාලෙට අබායා එක ඇතුලෙම කොච්චර අරන් යනවද?

ලොකුද ?? පොඩිද?? ගැබිණිද?? කළලද?? දුප්පත්ද?? පෝසත්ද?? ගැහැණුද ?? පිරිමිද ?? 18- ද?? 18+ද?? හිරේද?? නැද්ද?? පැවිදිද?? ගිහිද?? drugවලදි සල්ලිවලට ඔක්කොම යටයි..

අනික පාර්ලිමේන්තුවෙත් කුඩුකාරයො ඉද්දි .. (එයාලා අලියන්ගේ පස්ස පැත්තෙන් ආපු නිසා සාමාන්‍යය අයගෙන් කුඩු ගන්නවා වෙන්නත් බෑනේ..) නීති හදන තැනේදිම (ඇත්තටම වර්තමානේ පාර්ලිමේන්තුව යනු නීති සාදන තැනක් නොව ටොම්පච කෙලින දේශපාලනික විවාහ සබඳතා සහිත ඥාති පවුල් කිහිපයක් හා පරම්පරා කිහිපයක්, family concert/ get-togetheres දැමීමට යොදාගන්නා තවත් එක් ස්ථානයකි) මෙහෙම දේවල් වෙද්දි සමාජේ ඉන්න සාමාන්‍යය අපි කොච්චර අසරණද??

මන් නොදන්න කොච්චර දේවල් drug abuse එකත් එක්ක හැංඟිලා ඇත්ද?මිනිහෙක්ගෙන් තවත් මිනිහෙක්ට වෙන්න තියෙන කරදර , මිනිහෙක්ගේ වැරදි හැසිරීම පාලනය කරන්න තමයි නීති තියෙන්නෙ.. ඉතින් රටටම හිනායන මෙහෙම ප්‍රවෘත්ති දැක්කම මොනා හිතෙන්නද තව?? (දවසින් දවස හිතාගන්න බැරුව යනවා ජනාධිපතිතුමා ළඟ ඉන්න ජනාධිපති උපදේශකයො කව්ද කියලා.. කොහොම පත්කළත් ජනාධිපතිනේ පත්වීමේ ලිපි දෙන්නේ.. ඒ අයත් ජනාධිපතිතුමාට දිරච්ච ලණු දෙනවද කොහෙද?? )

ඔක්කොටමත්  වඩා අරෙහෙම කියන්න ඒකත් තානාපතිවරුන්ට...?? අනිත් රටවල මිනිස්සු මොනා හිතනවා ඇත්ද?? ඔය තානාපතිවරු ටික හිනාව තද කරන් ඉදලා ගෙදර යන්න වාහනේට නැගල දොර වහලා lock කරන්  මහ හයියෙන් හිනාවෙන්න ඇති...  ඒක එහෙම ඉවර වුනා කියමුකො.. ඒත් මේ ලගදි ආයි news එකක් දානවා "drugsවලට addict වෙච්ච බාලවයස්කාරයින් පුනුරුත්ථාපනයට ජනාධිපතිගෙන් විශේෂ උපදෙස් මාලාවක් " කියලා.. උපදේශකයෝ ඔය උපදෙස් පිළිපදිද කියලයි මට තියෙන සැකේ.. වැරදියට ඒ උපදේශකයෝ ගැන කියනවා නෙමෙයි.. ප්‍රායෝගිකව addictersලා එක්ක ගැටෙන ඒ මිනිස්සුන්ට ඔය උපදෙස් කොහොම ප්‍රයෝගිකව ගැළපෙයිද දන්නෙ නැහැනෙ...


10/8/2017
20:22

ඇත්තටම දන්නේ නැති එක ගැන කතා කරන්න හොඳ නැහැ. විශේෂයෙන් දේශපාලනය..

 මන් මොනා දැනගෙනද නේද?? එක අතකට ඒක ඒ විදිහට වෙනවා නම් සිරිසේන ජනාධිපතිතුමා සාදාරණයි කියලත් හිතෙනවා.. ඒත් ඉතින් එතුමා ඉල්ලගෙනම කන නිසා අපිට මොනාත් කියන්නත් බැහැ.. පෞද්ගලිකව මෛත්‍රීපාල සිරිසේන කියන්නේ මන් ගරු කරන දේශපාලඥයෙක්.. ( එවකට එනම් රාජපක්ෂ සමයේදි එතුමා බෙහෙත් මිල පාලනයට කළ මෙහෙය අමතක කළ යුතු නැහැ... ) 

ඉතින් අද කතාව මරණ දඬුවම ලංකාවෙ ක්‍රියාත්මක කළොත් අනුකම්පාව නිසා ලංකාවට   UNO එකෙන් (ඇත්තටම UNO එකට අනුබද්ධ ආයතනය මඟින් දෙන) ලැබෙන GSP+ සහනයත් කපා හරිනවලු.. ලංකාවෙ රාජ්‍ය පාලනය ගැන දන්න නිසා ඇමරිකාවත් කැමති නැහැලු.. අහිංසකයො මැරෙයි කියලා....ICC එකටත් ලංකාවට යන්නවේලු.. අනේ මන්දා.. ඒවත් ලේසි නැහැනෙ ඉතින්...

දැන් ඒත් අදත් ජනාධිපතිතුමා කියනවා.. එක නවත්වන්නේ නැහැ.... මරණ දඬුවම දෙනඑක නවත්වන්නේ නැහැ කියලා... ඒත් අත්සන් කරපු 4දෙනාගෙන් එක්කෙනෙක්ගේ නඩුවකුත් තාම උසාවියේ විභාග වෙනවලු...

ඉතින්..අපිට  වෙන දෙයක් වෙන්න කියලා බලන් ඉන්න තමා වෙන්නේ...

Advertisements සහ වචන


7/10/2019
20:22

රූපවාහිනී advertisementsවල තියෙන සමහර වචන සිදුවීම් අපිට කොච්චරක් සමීප වෙනවද?? සමහර adds රටේ අතිශය ජනප්‍රිය වෙනවා.. ඊනෝ add එකත් ඒ වගේ එකක්..

දවසක් Add එක යද්දි මාත් add එකේ විදිහට නෝඊ නෝඊ ගඟා ඉද්දි මල්ලිත් ආවා.. නෝඊ නෝඊ කිව්වාම  ඊනෝ කියනව ඇහෙනවා .. හරි පුදුමයි නේද?? මන් මල්ලිට කිව්වා.. ඊනෝ කියල කියාගෙන යන්න.. මාත් එහෙම්මම කළා.. ඒ මාරයිනේ hallo... එකත් ඒ විදිහටමනේ ඇහෙන්නේ.. ඇත්තටම ඒ add එක බලන හැම වෙලාවකම මට හිතෙන්නේ ඊනෝ කියන නමට ඒ addඑක හදාගන්න add එක කරපු කෙනා tongue twisters කරල ඇති නේද කියලයි...

ළඟදි ආපු අළුත්ම add එක තමයි airtel එකේ කතා bus .. Add එක මුලින්ම දකිද්දි මාත් කල්පනා කළා මොකද්ද මේ bus ජාතිය කියලා.. ඇයි add එකෙත් තියෙන්නෙ bus එකක්නේ..( මුලින්ම කියන්නේ දවස් දෙකක් විතර)  පස්සේ තමයි මට තේරුණේ ඒක bus එකක් නෙමෙයි කියලා..

ඒක කතාබස් .. කතාබහ කරන එක ගැන තමයි add එක පුරාම කියවෙන්නේ.. ඇත්තටම මගේ මොළේට ඕක තේරුම් ගන්නම දවස් ගාණක් ගියානේ.. TV එකේ පෙන්නන දේ අපි බලන්නම ඕනේ choice එක ගන්න  channel මාරු කරන්න ඕනේ.. ඒත් ඔක්කොගෙම එකම add එකනේ යන්නේ ... මේ විදිහට විවිධ වයස්වල ඉන්න ප්‍රේක්ෂකයාට දෙන වචන, මවු භාෂාවෙන් කඩලා අරන් modify කරපු  නව සංස්කෘතියේ එක අංගයක් නේද කියලත් හිතුණා..

මොන දේ වුණත් තරඟයේදි එහෙමයි කියලා අපිම මොළේ තියාගන්නෝනේ..

ආකල්ප

7/7/2019
20:22


අද පාඩම ,
පුද්ගල චර්යාවේ වෙනස්කම් හා ඒ සඳහා බලපාන ඉගෙනීම හා අගනාවන්..




1 ආකල්ප..

කිසියම් පුද්ගලයෙක් , ද්‍රව්‍යක් සිද්ධියක් / ක්‍රියාවක් සම්බන්ධව පුද්ගලයෙක් තුළ ඇති හැඟීම ආකල්පයකි. යහපත්/ අයහපත් ඒවා විය හැකි අතර කාලයක් තිස්සේ ඉගෙනගත් ඒවායේ ප්‍රතිඵලයක්ද වේ.ආකල්ප වර්ධනය වූ පසු ඒවා පුද්ගලයෙකුගේ අභ්‍යන්තරයේ රැඳී පවතී. ඒ අනුව කිසියම් දෙයක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු හොඳ නරක ලෙස යහපත් අයහපත් ලෙස ආදී වශයෙන් තීරණය කරනු ලබන්නේ ආකල්පයන්ගේ බලපෑමෙනි.

මෙහිදී විශේෂයෙන්ම වැදගත්වන කරුණක් නම් කිසියම් දෙයක් සම්බන්ධව පුද්ගලයෙකු තුළ පවතින සෑම හැඟීමක්ම ආකල්පයක් නොවන බවයි. හැඟීමක් ආකල්පයක් බවට පත්වීමට නම් එහි සත්‍යතාව පිළිගත හැකිබව පිළිබඳ පරීක්ෂණයක් එල්ලවේ.සාමාන්‍ය පුද්ගලයෙක් තම ආකල්ප පිළිබඳ පරීක්ෂාවක් සිදු නොකළා වුවද තම අත්දැකීම් හා දැනුමෙහි ප්‍රතිඵලයක් ලෙස එවැනි පරීක්ෂාවන් නිරන්තරයෙන්ම සිදුවේ. ඒ අනුව හැඟීම් වල මූලික මට්ටම නොව වර්ධනය වූ/ පරීක්ශාකළ පසු තත්වය ආකල්පයක් ලෙස හඳුන්වනු ලැබේ.

කිසියම් ප්‍රස්තුතයක් දෙසට පුද්ගලයෙක් තුළ ඇති සාපේක්ෂ වශයෙන් කල්පවතින ගතියක් ඇති හැඟීමක් හා චර්යාත්මක නැඹුරුවක් ආකල්පයක් ලෙස නිර්වචනය කළ හැක.

කෙසේ වුවත් මෙම හැඳින්වීම් තුළින් ආකල්පයක් වෙනස් කළ නොහැකි බවක් කියැවේ. ආකල්පයක් වෙනස් කිරීම දුෂ්කර කාර්යක් වුවද කැමැත්තෙන් / අන් අයගේ බලපෑම / වෙනත් හේතූන් මත ආකල්ප වෙනස් කිරීම / වෙනස්වීම සිදුවේ.

කුඩේ

7/7/2019
20:22

කුඩේ



HR ඉවරවෙලා මන් 280 bus  එකට ඉක්මනට නැග්ගේ sheet එකක් අල්ලගන්න.. වැඩි වෙලාවක් යන්න කලින් bus එක පිරුණා.. මගේ එහාපැත්තේ ඒ කියන්නේ ජනේලය පැත්තේ වාඩි වෙලා හිටියෙ කණ්ණාඩි දාපු uncle කෙනෙක්.. දකුණු පැත්තේ හිටගෙන හිටියේ පිරිමි කෙනෙක්.. ඒ පිරිමි කෙනාගේ දකුණු පැත්තෙන් ඇවිත් හිටගත්තේ 28-30 අතර වයස කොල්ලෙක්.. කලු shirt එකක් ඇඳලා .. උසයි.. ඒ ගාණට මහත... 4n එකත් කණේ ගහන් හිටියේ.. මාත් fb එකේ හිටියත් අහල පහල ගැන විමසිල්ලෙන් ඉන්නේ..මන් ඉතින් එයාව නිරීක්ෂණය කරන අතරතුර එයා 4n එක කණෙන් ගලවල එයා මිනිස්සු දිහා රවුමට බලන ගමන් මගේ දිහාත් බැලුවා..මට ඒ බැල්ම එච්චර ඇල්ලුවේ නැත්තේ.. මට ඉතින් තියෙන සමහර අත්දැකීම් නිසා වෙන්න ඇති.. මන් එයාගේ ශීට් එක අල්ලන් හිටපු වම් අත දිහා බලුවා.. අතේ phones 2යි.. Woda & smart.. ලොකු රිදීපාට blaslet එකක් දාලා... අතේ නියපොතු  කලු පාටට හුරුයි.. මිනිහෙක්ගේ අත දිහා බැලුවාම ඒ මිනිහා ගැන කොච්චර කියන්න පුළුවන්ද? අතට දාඩිය දාන පාටයි.. ඒ කියන්නේ තෙත් අතක්.. යන්නෙත් නැහැ.. ඇයි යකෝ..උස මහත තිබිලා වැඩක් නැහැ ලස්සනට muscles හැඩ කරගන්නේ නැතුව.. අඩුම තරමේ බර වැඩක්වත්.. කරන්නේ පාටයි.. ජොබ් එකක්වත් කරනවද දන්නේ නැහැ.. මන් හිතුවා..

ටිකක් වෙලා ගියාට පස්සේ ඒ කොල්ලා බස් එකේ පිටිපස්සට ගියා.. ආයි තත්පර ගාණකින් මන් ගාව හිටගෙන හිටපු කෙනාත් පිටිපස්සට ගියා.. එතකොට මන් ගාව හිටපු කෙනාගේ එහා පැත්තෙ හිටපු කෙනා මගේ දකුණු පැත්තට ආවා.. එතකොටයි මන් දැක්කේ ඒ අර දෙකේ කොල්ලා කියලා.. බස් එකත් යන්න ගත්තා..

මන් හිතපු විදිහටම ඌ ජැක්කාරයෙක්.. හරියන්නේ නෑ... මුළින්ම මන් බැලුවෙ pocket knifeඑක ගෙනත්ද කියලා.. කරුමෙටම ඒක දාල ඇවිත්.. මන් ඊළගට බැලුවේ කුඩේ.. කුඩෙත් දාගෙන නෑ කියන්නකො.. පස්සෙ මන් එළියට අරගත්තෙ බෝතලේ.. ඒකෙ වතුර බාගයක්වත් නෑ.. ඉතින් අරූට ගහන්නෙ කොහොමද????? මන් එහාට මෙහාට ඇඹරෙද්දි කණ්ණාඩි uncleලුත් ජැක්කාරයා දිහා බලනවා මන් දැක්ක..

ඊලගට ඉතින් තිබ්බේ අවස්තාවෙන් ප්‍රයෝජන ගැනීම.. "Uncle බහින්නෙ ළගින්ද?"  මන් ඇහුවා.. Uncle මොකද්ද ඔලුව වනලා කිව්වා.. ගැරඬියට භූමිතෙල් ගැහුවා වගේ අරුත් ගියා..Uncle ඒ වෙලාවෙම මගේ පැත්ත හැරිලා කිව්වා.."ඌ එහෙම කෙනෙක් තමයි" කියලා..(ටිකක් කල්පනා කරද්දි මට හිතුණා මූ මුලින්ම මන් ගාව පැත්තේ හිටන් හිටපු කෙනාගෙ එහා පැත්තට ගියේ අර මනුස්සයා බස් එකේ break එකට ටිකක් එහා මෙහා වෙනකම් ඉඳලා ජැක් එකක් ගහන්න හිතන් වෙන්න ඇතිනේ කියලා...)

 මන් ඉතිං වැඩි හොඳට ජනේලය ගාව  ඉල්ලගන්නත් එක්කම තමා uncleට කතා කළේ.. කොහෙද ඉතින් ජැක්කාරයා ගියානේ...
පස්සේ මන් සැපට නින්දක් දාගෙන හිටියේ බහිනකන්ම.. ගෙදර ගිහින් ආයි අමතක නොවෙන්න කුඩේ හෙව්වා.. රෑ ආයි පාඩම් කරන්න බෑග් එක අඳිද්දි මෙන්න පොත් අස්සේ තිබිලා කුඩේ එනවා... කුඩේට ආදරේ හිතුණා එකෙන්ම..

ආචාර්ය පුංචිනිලමේ මිගස්වත්ත

ආචාර්ය පුංචිනිලමේ මිගස්වත්ත 

( Copied )