5 ශිෂ්‍යත්වේ

7/23/2019
20:22

5 ශිෂ්‍යත්වේ



ඇත්තටම දැන් පොත් කියවන්න වෙලාවක් නෑ... ඉතින් මේ වෙද්දි මගේ සාමාන්‍ය දැනුම හරි අඩුයි.. හේතුව අපි මොකක් හරි දෙයක යෙදෙද්දි තමා අපේ දැනුම polish වෙන්නේ.. ඉස්සර primary school එකේ ඉද්දි මන් කොච්චර කියෙව්වද කිව්වොත් මන් 6 වසරෙදි ගිය ඉස්කොලේ මට කියවන්න පොත් තිබ්බේ නැහැ. Primary school එකේ තිබ්බ තරම් rich library එකක් ප්‍රසිද්ධ ඉස්කොලයක් වෙච්ච දෙවෙනි ඉස්කොලේ තිබ්බේ නැති එක මට තදටම දැනුණා.. දෙවෙනි ඉස්කොලේ library එකට ගිය පළවෙනි දවසේ ඉඳන් අන්තිම දවස වෙනකන්ම මන් ඒක ගැන දුක් වුණා..
සිංහල රචනා, දැනුම මිනුම තරඟවලට යන්න නිතරම පොත් කියවන්න ඕනෙම නැහැ.. ඒත් ඒ කාලේ කතා පොත් වලට අමතරව සාමාන්‍ය දැනුම මිනුම පොත්, සීයගේ තඩි වේයො කාපු atlas hall රචනා පොත (දැන් ඒක මගේ) නිතරම පාවිච්චි වුණා.. 5 වසරේ ශිෂ්‍යත්වේ ඉඳන් දක්වා මන් සින්හලෙන් ලියපු හැම විභාගෙකටම යන්න කලින් මන් පාවිච්චි කළේ සීයගේ තඩි රචනා පොත ....

මන් ඉගෙන ගත්ත කාලෙත් atlas hall පොත publish කලේ නැහැ.. ඒත් සීයගේ ගොඩ ගහපු කුණු කඳු අවුස්සලා තමා මන් ඒක හොයාගත්තේ.. පරණ.. කහ වුණ.. type-setting කරපු වේයො කාපු පොතක් නිසා වෙන කෙනෙක් නම් ඒක අනිවාර්යෙන් විසික් කරයි.. ඒත් මන් අදටත් ඒ පොත පාවිච්චි කරනවා...
ඉතින් මන් රචනා පොත ගැන නෙමෙයි කියන්න ගියේ , 5 ශිෂ්‍යත්වේ ගැන.. මාමගේ දෙවෙනි දුවට මන් මේ දවස් වල කියලා දෙනවා.. තත්වේ නම් සෝචනීයයි.. කෙල්ලගේ උනන්දුවක් නැතිකම තියෙන්නේ.. වැඩ පුළුවන්..

ඊයේ පෙරේදා දවසක් මන් office ගිහින් ආපු ගමන්ම කිව්වා ඊයේ කියලා දීපු ගාණ එහෙම්මම ඇවිත් තිබ්බා කියලා.. මන් ඇහුවා හැදුවද කියලා.. එයත් ඔව් කිව්වා..  Wash එකක් දාගෙන තේකක්වත් බොන්නැතුව මන් එයත් එක්ක මේසේට වාඩි වුණා..

ඒ ගාණම අරන් එයාට දීලා කිව්වා හදන්න කියලා.. හැදුවා ... ගාණම වැරදී... ප්‍රශ්නෙ මතක තියන් උත්තර ගහනවා කියන්න ඉතින් කතා ඕනේ නෑනේ..

අපේ ගේ පිටිපස්සෙ තියෙන්නේ පන්සල.. (පන්සල හදන්න කලින් තිබ්බෙ ඕවිට) පන්සලට යන්න තියෙන පාර තියෙන්නෙ කුඹුර මැද්දෙන්... තාම වක්කඩ දැකල නෑලු.. දිය හොල්මන ..ඒ දන්නෙත් නෑ (මේක නම් මාත් දැකලා නෑ ප්‍රයෝගිකව - පොත් කියෙව්ව නිසා 5 වසරෙදි අදහස දන්නවා)

බිලිං අමි ආච්චිලගේ ගෙදර ගස් කොච්චර තියෙනවද?? ලොවි හැදෙන්නේ කදේලු.. ලොවි පොඩි ආතලාගේ ගෙදරට යන පාරෙ තියෙනවා... කැරට්වල තියෙන්නේ ප්‍රොටීන්ලු.. අපි ඒ කාලේ කෑම ගැන ඉගෙනගත්තේ මොන්ඩිසෝරියෙදි.. ඊටත් වඩා ප්‍රායෝගිකව interval එකේදි කෑම පෙට්ටියේ කෑම ගැන කියලා දෙනවා......
මන් 3 වසරෙදි අපේ මල්ලියි.. එහා ගෙදර මල්ලියි එක්කන් ගෙවල් වලට හොරෙන්.. වේල්ලෙන් පැනලා ඕවිටේ වැවිල තියෙන පලා ගලවන් එනවා ගෙදර කන්න..(අපි පලා ජාති... කොළවල හැඩය දැනන් හිටියා..) මායි මල්ලියි කියන්නේ ඒවා එහා ගෙදර මල්ලිල දුන්න කියලා.. ඒ මල්ලි කියන්නේ අපි දුන්න කියල.. ඕවිටම අපි සුද්ද කරනව... ඒ අස්සෙ ගෝඩා බැරලුත් අපි දකිනවා..  කිරල්ලු හබලර ගස් අස්සෙන් දුවනවා.. මන් පළවෙනියටම දිය නයෙක් දැක්කේ වේල්ලට බහිද්දි.. මල්ලි එතකොට 1 වසරේ..මන් පොළඟෙක් කියලා මල්ලිව පස්සට අඳිද්දි මල්ලි තමා මට කිව්වේ ඒ දිය නයෙක් කියලා.. ආච්චි එක්ක අපේ ඉඩමේ පින් ළිඳේ නාද්දි එයාලට කළිනුත් ඌව හම්බු වෙලා තියෙනවලු..
ගස් අස්සේ ඉඳලම ගස්වල කොළේ හැඩේ ගෙඩි වල ඇටේ කොයි වගෙද කියලා , මල්වල පෙති ගාණ,  ඔක්කොම දන්නවා...theory දැනන් හිටියේ නැහැ.. ආච්චි මල් වවද්දි කියනවානේ...

ඒ කාළේ පත්තරවල කියවන්න ඕනෙ තරම් දේවල් තිබ්බ... සෙනසුරාදට සතර පත්තරේ ගන්න එක තමයි හපන්කම...  පත්තර වල රූප කොළ නිසාත් සමහර දේවල් හොඳට මතක තිබ්බා... ඉතින් නංඟි කියනවා ශිෂ්‍යත්වෙට සති 2යි.. තාම ආහාර පාඩම කරලා නෑලු..

මන් 5 වසරේ ඉද්දි හිටියේ බොහොරාන් මිස්.. .. මැලේ ටීචර් කෙනෙක්..  අකුරක්  නෑර කියලා දුන්නේ අලුත් දේවල්. ඒවා ශිෂ්‍යත්වෙට වටින නිසා.. ගාණට syllabus cover කළා...

ඉතින් අත්දැකීම්, ඒ වගේම කියවීමත් දෙකම එක වගේ වැදගත් ළමයෙක්ට.. නැත්නම් රචනා ලියන්නත් බැහැ.. අනික කතා කරන ශබ්දකෝශය වුණත් නිර්මාණය වෙන්නේ පොඩි කාළෙම අපි එකතු කරගන්න වචන වලින්..

දැන් ඉතින් නංගි ගැන කිව්වොත් එයාගේ සාමන්‍ය දැනුමත් එක්ක
වුවමනාවක් නැතුව හිතන්නේ නැතුව කරන ගණන් කිරීම්.. අනේ මන්දා ඉතින්... අර ඉතින් AL agree කරපු එකෙකුත් දහස්පෙතියා වවන්න, ඇට කියලා හිතලා මලේ පෙති විතරක් බිම දැම්මේ... ඒ අතින් පොඩි උන් ගැන කවර කතාද??

0 comments:

Post a Comment