7/14/2019
8:01
ඇත්තටම මන් නොහිතා කියන ඒවගෙන් තව කෙනෙක්ට මන් ගැන මොනා හිතෙනවද කොයි මිම්මෙන් මාව මනිනවද කියලා කියවද්දි මට මතක් වෙන්නේ නැහැ.. Nonstop කියවන්න මන් හරි ආසයි.. එතකොට ඒ වෙලාවට හිතෙන ඔක්කොම කියලා දැම්මහම හිත මාරම relax.. ඒත් පවුලක, සමාජෙක ජීවත් වෙද්දි ඒක එහෙම බැහැ කියලා ඔහොම දෙයක් වුණාම මන්ම හිතනවා..
සමහර වෙලාවට මන් කථා කරද්දි තාත්තයි මල්ලියි දෙන්නම මට කට වහගන්න කියලා කියන්නෙත් ඒ නිසා වෙන්න ඇති.. සමහර වෙලාවට ඒක එයාලට කරදරයක් වෙන්නත් ඇති... ඒත් එහෙම වුණාම මගේ හිතට කොච්චර දුක හිතෙනවද??
සමහර දවසට මන් කොට්ටෙ බදාගෙන කොච්චර අඬනවද.. කිසිම එකක් කිසිම කෙනෙක්ට කියන්න බැරි වුණාම හිතට එන දුක.. හිතේ හැමදේම කාට හරි කියන්න ඕනෙ වුණාට එයාල ඒව ගණන් නොගෙන කට වහගන්න කිව්වම හිතට එන දුක කොච්චර ලිව්වත් වචනවලට දෙන්න බැහැ..
ඒත් ඉතින් අම්මලාටම ඒවා නොකියා කාට කියන්නද?? යාළුවන්ට වඩා අම්මලව විශ්වාසයිනේ.. ඒත් කටවහගන්න කියද්දි වෙන දවසක ගොඩක් ලොකු රහසක්වත් කියන්න හිතෙන්නෙ නැහැනේ..
අනික එහෙම කියන්න එපා කියලා නවත්තපු කතා ගැනම හිත හිත ඉදලා මන් කොච්චර විඳවනවද??? අනික මල්ලිට තාත්තට අම්මට මගෙන් දෙන්න තියෙන උපදෙසක් ඒ වෙලාවෙම දුන්නෙ නැත්නම් පස්සෙ කියන්න අමතකත් වෙනවා.. ඉතින් මතක් වෙන්නෙ කොයි වෙලේද මන් ඒ වෙලාවෙ ඒක කියලා දානවා..
ඒත් දැන් මන් වැඩිහිටියෙක් විදිහට හිතද්දි මීට වඩා වගකීමෙන් කතා කරන්න ඕනේ කියලත් හිතෙනවා.. ඉතින් ඒක එහෙම වුණත් මට කතා නොකරම ඉන්න බැහැනේ.. මොකද තැනකට ගිහාම ඒ මිනිස්සු අහනවනේ කතා කරන්නවත් බැරිද කියලා... එතකොට ගෙදර ආවාම තත්තා බනිනවා ලොකුකම වැඩී කියලා... ඉතින් ඇත්තටම මන් එහෙම කරන්නෙ මගේ කටින් වැරදි දෙයක් කියවුනොත් අම්මටයි තාත්තටයි ලැජ්ජ වෙන එක නවත්තන්න.. ඉතින් මන් අඬනවා...අඬන්නෙ නැහැ මට නිකන්ම ඇඬෙනවා.... ආයිත් දවසක කොහේ හරි ගිහින් මන් කතාකරන්න ගියොත් තාත්තා ඔරවනවා.. ඉතින් ආයිත් මට දුක හිතිලා ගෙදර ඇවිත් අඬනවා.. එහෙම වෙන හැම දවසකම මන් හිතනවා අම්මලා මට ආදරේ නැහැ කියලා... ඇත්තටම මට තාම කිසිම අවස්තාවක් නැහැ ගෙදරින් පිට වෙලා ඉන්න... එහෙම chance එකක් හම්බුනොත් මන් ඇත්තටම කරන්නෙ ගෙදරින් යන එක.. ස ද හ ට ම....
එතකොට අම්මටයි තාත්තටයි මල්ලිටයි මගේ කතා අහන්නෙ නැතුව පාඩුවේ හිටියැකිනේ..
මොනා වුණත් අම්මලට මන් නිසා ලැජ්ජ වෙන්න දෙන්නත් බැරි නිසා මගේ අඩුපාඩුවත් හදාගන්නොනේ..
ඒත් මට තාම හිතාගන්න බැහැ කවදාහරි මන් බඳින කෙනත් මට කටවහගන්න කියලා නොකියා ඉඳීද කියලා... එයා එහෙම කියන පළවෙනි වතාවෙ ඉඳලා හැමදාම මන් හරිම odd විඳියට ඉඳී කියලත් හිතෙනවා.. හිනාවෙන්නෙත් නැහැ... කතා කරන්නෙත් නැහැ.. මගේ ජීවිතේම නාස්තිවෙයි.. ඉතින් අපි දෙන්න party එකකට ගිහාම ගොඩක් කාලෙකින් කතාකරන්න කට්ටිය ඉන්න නිසා මන් ඔක්කොලමත් එක්ක හිනාවෙවී කතා කරයි.. පස්සෙ ගෙදර එද්දි මට බනීවි උඹට මාත් එක්ක තමා කතා කරන්න බැරි කියලා.. පස්සෙ අපි රංඬුවෙයි.. නැත්නම් මන් එයාව මගේ pocket knife එකෙන් ඇනලා මරයි.. නැත්නම් පස්සෙ කාලෙක අපි divorce වෙයි.. කවදා හරි මට වෙයි කියලා මන් හිතන් ඉන්නේ ඔය ටික තමා..
ඉතින් අනේ මන්දා වෙන දෙයක් වෙයිනේ... මගේ කියවිල්ල නිසා අම්මටයි තාත්තටයි වෙන අයගෙන් බැනුම් අහන්නේ නැති විදිහට මන් කට ටිකක් හරි පරිස්සම් කරන් ඉන්නවා ... නැත්නම් ඔයාල ළමයි හදපු විදිහ තමා කියලා මූණටම හරි මූණේ පැත්තකට හරි... එයාල ඉන්නේ නැති තැනක හරි කිව්වොත් එයාලට දුක හිතෙයි.. අපේ ළමයෙක් නිසා මෙහෙම කථාවක් අහන්න වුණානෙ කියලා... ඉතින් ඒක නිසා මම හැදෙනවා..
0 comments:
Post a Comment