Advertisements සහ වචන


7/10/2019
20:22

රූපවාහිනී advertisementsවල තියෙන සමහර වචන සිදුවීම් අපිට කොච්චරක් සමීප වෙනවද?? සමහර adds රටේ අතිශය ජනප්‍රිය වෙනවා.. ඊනෝ add එකත් ඒ වගේ එකක්..

දවසක් Add එක යද්දි මාත් add එකේ විදිහට නෝඊ නෝඊ ගඟා ඉද්දි මල්ලිත් ආවා.. නෝඊ නෝඊ කිව්වාම  ඊනෝ කියනව ඇහෙනවා .. හරි පුදුමයි නේද?? මන් මල්ලිට කිව්වා.. ඊනෝ කියල කියාගෙන යන්න.. මාත් එහෙම්මම කළා.. ඒ මාරයිනේ hallo... එකත් ඒ විදිහටමනේ ඇහෙන්නේ.. ඇත්තටම ඒ add එක බලන හැම වෙලාවකම මට හිතෙන්නේ ඊනෝ කියන නමට ඒ addඑක හදාගන්න add එක කරපු කෙනා tongue twisters කරල ඇති නේද කියලයි...

ළඟදි ආපු අළුත්ම add එක තමයි airtel එකේ කතා bus .. Add එක මුලින්ම දකිද්දි මාත් කල්පනා කළා මොකද්ද මේ bus ජාතිය කියලා.. ඇයි add එකෙත් තියෙන්නෙ bus එකක්නේ..( මුලින්ම කියන්නේ දවස් දෙකක් විතර)  පස්සේ තමයි මට තේරුණේ ඒක bus එකක් නෙමෙයි කියලා..

ඒක කතාබස් .. කතාබහ කරන එක ගැන තමයි add එක පුරාම කියවෙන්නේ.. ඇත්තටම මගේ මොළේට ඕක තේරුම් ගන්නම දවස් ගාණක් ගියානේ.. TV එකේ පෙන්නන දේ අපි බලන්නම ඕනේ choice එක ගන්න  channel මාරු කරන්න ඕනේ.. ඒත් ඔක්කොගෙම එකම add එකනේ යන්නේ ... මේ විදිහට විවිධ වයස්වල ඉන්න ප්‍රේක්ෂකයාට දෙන වචන, මවු භාෂාවෙන් කඩලා අරන් modify කරපු  නව සංස්කෘතියේ එක අංගයක් නේද කියලත් හිතුණා..

මොන දේ වුණත් තරඟයේදි එහෙමයි කියලා අපිම මොළේ තියාගන්නෝනේ..

0 comments:

Post a Comment