වල

7/11/2019
20:22

ඇත්තටම මේ දවස්වල හිතට වදදෙන කාරණා ගොඩයි. ඒ කාරණා කිසිම එකක් මගෙ ප්‍රශ්න නෙමෙයි; නිකන්ම මට හිතෙන ඒවා. ඒත් ලියන්න ගියාම ඒ එකක්වත් හිතට එන්නේ නෑ.🙏🙏

මාසයක් HR clz ගියේ නැති නිසා clz එකේ ගොඩගැහුණ notes ටික අද උදේ ඉදන් ලියන්න ගත්තා. ඉතින් මට තාමත් 'වල' ලියන්න ගිහාම ලියන විදිහ පැටලෙවෙනවා.😐😐😐

'වල' කියලා කිව්වෙ මේකයි. ඕනෙම වචනයක් 'වල' වලින් ඉවර වෙනවා නම්, උදාහරණෙකට ගත්තොත් නීතිවල, මල්වල වගේ වචන මට high speed ලියද්දි ලියවෙන්නේ වචන දෙකකටයි. ඒ,

නීතිවල (නීතියේ) -> නීති වල (නීතිය නම් වූ වල)

මල්වල(මල්හි) -> මල් වල (මල් තියෙන වල)

ඒ කාලේ ඉඳලම ඔය වැරද්ද හදාගන්න හැඳුවට  මට තාම මට බැරිවුණා ඔය වරද හදාගන්න. වචනයක් සන්ධි කරලා ලියන්න ඕනේ එකයි විසන්ධි කරලා ලියන එකෙයි පාඩමත් මන් ඉගෙනගත්තට high speed ලියන් යද්දි  auto සන්ධි වෙන පද විසන්ධි වෙන එක කවදා නවත්තගන්න පුළුවන් වේද මන්දා? ඒ කොහොමවෙතත් AL OL දෙකේම සිංහලවලට A passes.

0 comments:

Post a Comment