7/12/2019
20:22
සමහර මිනිස්සු නිසා අපි හිනාවෙනවා.. අඬනවා..අසරණ වෙනවා.. ඒ ඔක්කොටමත් වඩා ඒ විදිහට අසරණ වෙලා මන් මටම හිනාවුණා කිව්වොත්...
10/8/2017
20:22
ඇත්තටම දන්නේ නැති එක ගැන කතා කරන්න හොඳ නැහැ. විශේෂයෙන් දේශපාලනය..
20:22

2015 ජනවාරි 8 මාත් මගෙ පළවෙනි ඡන්දෙ දුන්නා.. ඉතින් එදා ඉඳන්ම මාත් හැටදෙලක්ෂෙ කෙනෙක්. ඉතින් අද ආයිත් පාරක් එයා නිසා ඒ කියන්නෙ සිරිසේන ජනාධිපතිතුමා නිසා අසරණ වෙලා මන් මටම හිනාවුණා ... මුලින් දකිද්දි මන් හිතුවෙ බොරුවක් කියලා.. කතාවකුත් තියෙනවනෙ don't judge a book by it's cover කියලා.. පස්සෙ content එක කියවලා ඒ කතාව හොදටම, ඒත් චුට්ටක් වෙනස් ඉදිහට තහවුරු කරගත්තා.. Judge a content of politic news by it's headings which belongs to goverment from 2015/20 විදිහට .. මොකද death penalty එක දෙන එක ගැන ඇත්තටම මන් හුඟක් බලාපොරොත්තු තියන් හිටියා..
කුඩුවලින් අපිට ලොකු බලපෑමක් නැති වුනත් අපේ ගේ වටේම ගෙවල්වල කුඩු විකුණනවා. Order එකට එයාල ඒ කුඩු, සබන් කොළේක, shopping කොළේක ඔතල light කණුවක් යට තිබ්බහම ඒක බලන් ඉන්න 3වෙනි පර්ශවය විදිහට අපි සැපයුම්කරු හා ගැණුම්කරු මාරුවෙන කාලය ඇතුලත කුඩුමුල උස්සන්නෙ කුඩු විකුණන අය දවසෙන් දෙකෙන් දියුණු වෙනවා බලන් ඉන්න බැරිකමටමයි.. එහෙම උස්සපු brown sugar ටිකක් ජීවිතේ පළවෙනි වතාවට මන් පාවිච්චි කළේ AL කාලෙදි. (මේ ජීවිතේ අවසන් දවස නොවෙන නිසා අන්තිම එකත් ඒකද කියලා තාම කියන්න බැහැ.)
මගෙ කතාව කෙසේ වෙතත් අපේ ගෙවල් පැත්තෙ ඉන්න අනිත් අය... කිසිම කෙනෙක් එයාලට විරුද්ධ වෙන්නෙ නැහැ.. හේතු,
- ඒ මිනිස්සු ඒ මිනිස්සුන්ගෙ පාඩුවෙ business එක කරන් යනවා.
- එදා ඉදන්ම දන්න අදුරන අය.
- ශ්‍රමදානයක්, පොදු වැඩක්, මලගෙවල් වල මිනීවල කපන එකේ ඉඳලම ශ්‍රමයෙන් කරන හැම වැඩකටම උදව් වෙනවා. (පන්සලේ speaker එකෙන් වුණත් එයාලගෙ නම් නොකියවෙන්නෙ එහෙමත් දවසක තමා.. )
- ඔක්කොටමත් වඩා තරහකට කුඩුමුලක් ගෙයි වත්තෙ හංගල පොලීසියට ඔත්තුවක් දුන්නොත්...???
- අනිත් එක කම්බුලා.. එයයි එයාගෙ නෝනයි තමා area එක run කරන්නෙ.. (රටේ බලවත්තු... කම්බුලාගේ නෝනටයි අපේ ගෙවල් ගාව කුඩු විකුණන අක්කටයි නම් ඇතුළත් එකයි එළියත් එකයිලු... ඒත් එළියට වඩා ඇතුළ සැපයිලු.. ලොකු කතාවක් වගේ ඕවා කියවනවා ඇහෙද්දිනම්... 😠😠😠😠😠)
ඒත් ඒ කිසිම කෙනෙක් කැමති නැහැ ඔය කුඩු වැඩේට.. ඒ
- හැම ගේකම වගේ ඉන්නෙ පොඩි ළමයි.. කවදා හරි දවසක එයාලත් ලොකු අය වෙලා කුඩුවලට addict වුණොත්...
- හැමදාම කුඩු තියනෙ එකම light කණුවක් යට නෙමෙයි.. එක එක ගෙවල්ගාව තියෙන light කණුයටත් වීම..
- කුඩු විකුණන අක්ක පොඩි එකෙක්ව අරන් ඇවිදින නිසා.. (ඔත්තුව දෙන කෙනා phone එකෙන් හැඩරුව කිව්වාම ) එයාගෙ හැඩරුව තියෙන... පොඩි අයව තියන් ඉන්න හැම ගෑණු කෙනෙක්ම පොලීසිය සැක කරීම..
- නන්නාඳුන මිනිස්සු හැම වෙලාවෙම පාරෙ ගැවසීම...
කොහොමින් කොහොමහරි පන්සලේ පොඩි හාමුදුරුවෝ දෙතුන්දෙනාත් මේකට ඇබ්බැහි වුණා කියමුකො.. අවශයය සල්ලි ලොකු හාමුදුරුවෝ නැති වෙලාවට පින් කැටෙනුත්.. අටපිරිකරවලිනුත් ලැබුණා කියමුකෝ..ඒත් කොයිම වෙලාවකවත් බෝ කොළ වැටෙද්දි එන සද්දෙවත් පන්සලෙන් පිට වුණේ නැහැ.. එහෙම වෙලාවට සද්දෙ නොනැගෙන්න වැලි මිදුලෙ විතරක් නෙමෙයි මහ පාරෙත් ඇවිදින්න උපාසිකාවෝ පුරුදු වෙලා හිටියා.. අපේ ආච්චිගෙ කටින් වුණත් එහෙම දෙයක් පිටවුණේ අස්සයා පන්සලෙන් පැනලා ගියහම තමයි..
ඉතින් මේ පැත්තෙ විතරක් නෙමෙයි මුළු රටේම කතාව මේක වෙන්න ඇතිනෙහ්..
අනික පන්සලේ විතරක් නෙමෙයි.. මේ පැත්තෙ තියෙන්නෙම garments.. තාවකාලිකව garmentsවල වැඩට එන බහුතරයක් ආයි ගමට යන්නේ ඔය කුඩු වසංගතෙත් එක්ක.. කුඩු විකුණන කෙනා කුඩු බොන්නෙ නැහැනේ.. නමුත් මේකට අහුවෙන පොඩි ළමයි.. Instituteවල පවා මන් දන්න dealersලා ඉන්නවා.. සිද්ධියට අපි අදාළ වෙලා නෑ කියලා දන්න නිසා කෙරෙන කතාබහ වුනත් සාමාන්‍යයයි..ඒත් ඉතින් කාත් එක්ක හරි චුට්ටක් එහා මෙහා වුනොත් knuckleඑක හරි... Bladeඑක හරි තමා ඉස්සර වෙන්නෙ..
ගංවතුර නායයෑම් වගේ දේවල්වලදි හදන ආපදා මද්‍යස්ථාන තමා dealersලට කුම්භමේලාවන් වෙන්නෙ..ඒ කාලෙට අබායා එක ඇතුලෙම කොච්චර අරන් යනවද?
ලොකුද ?? පොඩිද?? ගැබිණිද?? කළලද?? දුප්පත්ද?? පෝසත්ද?? ගැහැණුද ?? පිරිමිද ?? 18- ද?? 18+ද?? හිරේද?? නැද්ද?? පැවිදිද?? ගිහිද?? drugවලදි සල්ලිවලට ඔක්කොම යටයි..
අනික පාර්ලිමේන්තුවෙත් කුඩුකාරයො ඉද්දි .. (එයාලා අලියන්ගේ පස්ස පැත්තෙන් ආපු නිසා සාමාන්‍යය අයගෙන් කුඩු ගන්නවා වෙන්නත් බෑනේ..) නීති හදන තැනේදිම (ඇත්තටම වර්තමානේ පාර්ලිමේන්තුව යනු නීති සාදන තැනක් නොව ටොම්පච කෙලින දේශපාලනික විවාහ සබඳතා සහිත ඥාති පවුල් කිහිපයක් හා පරම්පරා කිහිපයක්, family concert/ get-togetheres දැමීමට යොදාගන්නා තවත් එක් ස්ථානයකි) මෙහෙම දේවල් වෙද්දි සමාජේ ඉන්න සාමාන්‍යය අපි කොච්චර අසරණද??
මන් නොදන්න කොච්චර දේවල් drug abuse එකත් එක්ක හැංඟිලා ඇත්ද?මිනිහෙක්ගෙන් තවත් මිනිහෙක්ට වෙන්න තියෙන කරදර , මිනිහෙක්ගේ වැරදි හැසිරීම පාලනය කරන්න තමයි නීති තියෙන්නෙ.. ඉතින් රටටම හිනායන මෙහෙම ප්‍රවෘත්ති දැක්කම මොනා හිතෙන්නද තව?? (දවසින් දවස හිතාගන්න බැරුව යනවා ජනාධිපතිතුමා ළඟ ඉන්න ජනාධිපති උපදේශකයො කව්ද කියලා.. කොහොම පත්කළත් ජනාධිපතිනේ පත්වීමේ ලිපි දෙන්නේ.. ඒ අයත් ජනාධිපතිතුමාට දිරච්ච ලණු දෙනවද කොහෙද?? )
ඔක්කොටමත් වඩා අරෙහෙම කියන්න ඒකත් තානාපතිවරුන්ට...?? අනිත් රටවල මිනිස්සු මොනා හිතනවා ඇත්ද?? ඔය තානාපතිවරු ටික හිනාව තද කරන් ඉදලා ගෙදර යන්න වාහනේට නැගල දොර වහලා lock කරන් මහ හයියෙන් හිනාවෙන්න ඇති... ඒක එහෙම ඉවර වුනා කියමුකො.. ඒත් මේ ලගදි ආයි news එකක් දානවා "drugsවලට addict වෙච්ච බාලවයස්කාරයින් පුනුරුත්ථාපනයට ජනාධිපතිගෙන් විශේෂ උපදෙස් මාලාවක් " කියලා.. උපදේශකයෝ ඔය උපදෙස් පිළිපදිද කියලයි මට තියෙන සැකේ.. වැරදියට ඒ උපදේශකයෝ ගැන කියනවා නෙමෙයි.. ප්‍රායෝගිකව addictersලා එක්ක ගැටෙන ඒ මිනිස්සුන්ට ඔය උපදෙස් කොහොම ප්‍රයෝගිකව ගැළපෙයිද දන්නෙ නැහැනෙ...
10/8/2017
20:22
ඇත්තටම දන්නේ නැති එක ගැන කතා කරන්න හොඳ නැහැ. විශේෂයෙන් දේශපාලනය..
මන් මොනා දැනගෙනද නේද?? එක අතකට ඒක ඒ විදිහට වෙනවා නම් සිරිසේන ජනාධිපතිතුමා සාදාරණයි කියලත් හිතෙනවා.. ඒත් ඉතින් එතුමා ඉල්ලගෙනම කන නිසා අපිට මොනාත් කියන්නත් බැහැ.. පෞද්ගලිකව මෛත්‍රීපාල සිරිසේන කියන්නේ මන් ගරු කරන දේශපාලඥයෙක්.. ( එවකට එනම් රාජපක්ෂ සමයේදි එතුමා බෙහෙත් මිල පාලනයට කළ මෙහෙය අමතක කළ යුතු නැහැ... )
ඉතින් අද කතාව මරණ දඬුවම ලංකාවෙ ක්‍රියාත්මක කළොත් අනුකම්පාව නිසා ලංකාවට UNO එකෙන් (ඇත්තටම UNO එකට අනුබද්ධ ආයතනය මඟින් දෙන) ලැබෙන GSP+ සහනයත් කපා හරිනවලු.. ලංකාවෙ රාජ්‍ය පාලනය ගැන දන්න නිසා ඇමරිකාවත් කැමති නැහැලු.. අහිංසකයො මැරෙයි කියලා....ICC එකටත් ලංකාවට යන්නවේලු.. අනේ මන්දා.. ඒවත් ලේසි නැහැනෙ ඉතින්...
දැන් ඒත් අදත් ජනාධිපතිතුමා කියනවා.. එක නවත්වන්නේ නැහැ.... මරණ දඬුවම දෙනඑක නවත්වන්නේ නැහැ කියලා... ඒත් අත්සන් කරපු 4දෙනාගෙන් එක්කෙනෙක්ගේ නඩුවකුත් තාම උසාවියේ විභාග වෙනවලු...
ඉතින්..අපිට වෙන දෙයක් වෙන්න කියලා බලන් ඉන්න තමා වෙන්නේ...
0 comments:
Post a Comment