Usual in Daily

Feelings are much like Waves, we can't stop them from coming but we can choose; which one to surf.

School Times

We didn't realize we were making memories, we just knew we having F U N....

ගැහැණු ළමයාගේ කතාව

I'm so thankful I had a childhood before technology took over....

For a better Life

I will love the LIGHT for it shows me the way,yet I will endure the darkness because it shows me the sTaRs...

It's Shows me

A private life is H A P P Y Life

OL MEMOS 10

Good night
2012 .09. 13 
at home 


Hai Tharu,
මේක ලියනකොට මම ගොඩක් හැඟීම්බර වෙයිද දන්නෙ නැහැ. Bt මගේ මේ පාළු ජීවිතේ මට හමුවුන මගේ පාළු හිතට ආදරේ දන්නපු ගොඩක් හොද යාලුවෙක් වගේම මගපෙන්වන්නෙක්. මොන දේ සිද්ධ වුණත් ඔයා මගේ ලඟම හිටියා. ඔයාගේ හිතේ තියෙන හැම දෙයක්ම මාත් එක්ක කිව්වා. ජීවිතේ මට ගොඩක් තැන්වලදී ඔයා මට ආයේ නැගිටින්න ධෛර්ය දුන්නා. ඔයාගේ හිතට දැනෙන හුගාක්ම හොද වචන වලින් ඔයා මට යාලුවෙක් වගේ අවවාද කළා. හිතට දුකක් දැනුණු වෙලාවට මට ඕන වුනේ ඔයා ගාවට දුවලා ඇවිත් ඔයාට මගේ දුක කියන්න. සමහර වෙලාවට ඔයා ඉෂ්ඨ දේවතාවියක් වගේ ඇවිත් මාව කරදරවලින් බේරුවා. ඔයාගේ හැම දෙයක්ම මට කියනකොට මට හිතුනෙම ඔයාට මාව ගොඩක් වටිනා යාලුවෙක් වෙන්න ඇති කියලා. ඔයාට කොහොම උනත් මට නම් ඔයාව ගොඩක් වටිනවා.....

 ගොඩක්ම හොඳ යාළුවෙක් තමන්ගේ යාළුවා හොඳට බලාගන්නවා.
ඒ යාලුවා ට ගොඩක් ආදරේ කරනවා.
 යාලුවෝ වැටුන වෙලාවට නැගිටින්න අත දෙනවා.
 ඔයත් ඒ වගේ...
don't think that I'll forget you.You'll be always in my heart ||
අහසින් වැටෙන හැම වැහි බින්දුවක් පාසා 
ඔයාගේ ඒ හිනා සද්දේ 
ඔයාගේ ඒ කට හඬ 
මට ඇසේවි...

 ඇත්තට තාරුකා 
මම ඔයාට ගොඩක් ආස ඔයාට තරහ යන වෙලාවට.
 එතකොට ඔයා ලස්සනට ඔරවනවා.
 නමුත් හිනාවෙලා ඉන්න. 
එතකොට හැමෝටම ඔයා 
හඳත් එක්ක හිනා වෙවී පොළොව දිහා බලාගෙන ඇසිපිය හෙළන තාරුකාවක් වේවි...
මාත් එක්ක හිනාවෙන හැම තරුවකට මම කියනවා
මම මගේ යාළුවන්ට ගොඩක් ආදරෙයි කියලා 
ඒ ඒ ගොල්ලො ඒක ඇවිත් ඔයාට කොඳුරාවී 
මගන් පණිවිඩයක් කියලා


T H A RU K A
H I N A W E W I
A S A W E N
R A W A N N E T H U W A 
U T H S A H A W A N T A 
K A R U N A W A N TH A 
A D A R A N I Y A

                        කෙනෙක් වෙන්න


 You'll be in a special place in my heart ||

 Best of Luck

A CHAMPION IS SOMEONE WHO GET'S UP WHEN HE CAN'T

  OL හොඳට pass වෙලා හොඳ ලොකු ඉස්කෝලෙකට ගියාම ඔයාට මාව අමතක වෙයි.
 එතකොට මට දුක හිතෙයි.||


ජීවිතේ විදවන හැම වෙලාවකම ජීවිතේ විදින්න මට පාර පෙන්නපු ඔයාට කවදාවත් වරදින්න එපා.....

දෙවියන්ගේ පිහිටෙන් ඔයාට හරි යන්නම ඕනේ.

 මීට                    
ඔයාගේ        
ආදරණීය යාළුවා 
Pubudi  



    
එදා විදුබිමේ  
එකම පන්තියකදී එකට හමුවුණු 
සංසාරයේ  
ළබැඳි මිතුරියේ...... 
එකට  අකුරු කළ ඒ සුන්දර අතීතයේ 
තැවරුණු 
මුව දැවටුණු
අහිංසක සිනා රැල්ලක් සමඟ 
ආදරයෙන් අත්වැල් පටලාන 
මිතුරු දම අර්ථවත් කළ අයුරු 
අමතක නොවන මතකයක් සේ
ස්තුති මතකයක් 
එක් දිනක 
කඳුළු බින්දුව කැටි ගැසී
මගේ නෙතින් ගිලිහේවි
ළබැඳි මිතුරියේ........
කටු අකුල් ඇති මාවතේ 
ගමන් කොට රෝස මල් යහනාවක් 
උරුමකරගත් දවසට
ඔබේ ඔය සිනා රැල්ල තුළ 
අපේ මතකය රැඳේවි 
ජීවත් වුවත් මියගියත් 
නොමියෙන මතකයක් 
හදවතේ සුවිශේෂී තැනක 
ආදරෙන් වැජඹෙවි
ඒ මතකය
කවදාමුත් දවසක 
ඔබත් මමත්
සාන්ත ජෝසප් විදුබිමේ
ළබැඳි මිතුරියන්
වූ බව
ඔබට පසක් කරාවි

- පුබුදි ඉරේෂා -

 මගෙන් පුංචි තෑග්ගක් 
මාව අමතක වුවත් පුබුදි කියන පිස්සිව 
මතක තියෙයි. 
ජීවිතේ කොතැනක හරි 
ආයේ හමුවන්න 
අපි පෙරුම් පුරමු

OL MEMOS 9

2012, 12, 07

Subodhi & Navoda.

සුවඳ සුළගේ ගහගෙන ගියාට පස්සේ ඒ සුවඳ අරන් යන්න සුළඟ ආයෙත් එන්නෙ නෑ.

 සොමියෙන් බර 
වලියෙන් තොර 
ආතල් අනාගතයකට
 normal පැතුම් ගෙන එන්නේ 
 Loving friends

Tharuka, 
            ඔයා මේක ලියන්න දුන්න  වෙලාව අන්තිම නරකයි. මොකද මට ඒ වෙලාවේ රාහු කාලය. ඔයා හොද යාලුවෙක්. ඔයා යන්නම යනවනම් මට  ඉන්න කියන්න බෑ......නෙ ඉතින්

OL MEMOS 8

30/11/2012

Dear Tharu Nangi,

I wish you all the best for your O/L exam !_ _ _ _
&
Wish you a bright future! _ _ _


from
Dasuni akka

OL MEMOS 7


Tharu.....
අද මට මේක ලස්සනට ලියන්න පෑන් නෑ. අනේ තරහා වෙන්න එපා.  අද ඇස් දෙකේ ඉතුරුවෙලා තියෙන කඳුළු අපිව ගොඩක් ලස්සන අතීතයකට අරන් යනවා. අතීත කොච්චර ලස්සන වුනත් ආයෙ ජීවිතේ කවදාවත් ඒ ලස්සන අතීතෙ අපි ළඟට එන්නේ නැහැ. ඒ හින්දා අතීතයට වඩා අනාගතය ගැන හිතන්න. ජීවිතේ ගොඩක් ලස්සනයි තරූ .ඒත් ඒ ලස්සන තියෙන්නෙ හැංගිලා. ගෙවෙන හැම තත්පරේම ඒ ලස්සන ජීවිතේ හොයන්න. ඔයාට කවදාවත් වරදින් නෑ  මගෙ macho..
 ඔයාට ජේසු පිහිටයි!

 අම්මා තාත්තා අයියා අක්කා නංගී මල්ලී කියන්නේ රුධිරය වගේ 
අපිට නැතුවම බැහැ....
 නෑදෑයො කියන්නේ ඔලුව කැක්කුම වගේ 
එකපාරටම එනවා ආයෙත් යනවා....
Boy friend කියන්නේ වයිරස් එකක් වගේ
 එක එක වෙලාවට ඇවිත් මුළු ජීවිතේම අවුල් කරලා යනවා....
 ඒත් friendship එක කියන්නේ H.I.V. වගේ 
එක පාරක් ඇඟට ආවොත් ආයේ මැරෙනකම්ම යන්නේ නැහැ....


Good Luck යාලු ...

from
Sugandya..
( 2012 .12 . 17)
 -අපේ අන්තිම දවස-

OL MEMOS 6

Dear Tharuka,

Let your dreams let your dreams bigger than your fears , yours actions, louder than words and your faith stronger than your feelings.

I wish you all the best for your future.

- Pamodi Sandaruwani -

OL MEMOS 5

Dear Tharu,

අපි meet වුනේ grade 10 A clz එකේදි. එදා ඉඳන් අවුරුදු 2ක් අපි එකට හිටියා. අපි clz  එකේදි මොනතරම් පිස්සු නැටුවද ? මිස්ලට කියපු දේවල් වලට අපිට යන්න අපායක් නැහැ. anyway දැන් OL කට ළඟටම ඇවිත් තියෙන්නේ. ඒ වගේම අපිට වෙන්  වෙන් තියෙන්නෙ තව ටික දවසයි. අපි දන්නවා අනිවා ඔයා 9As ගන්නවා කියලා. අපි ඔයාට හදවතින්ම wish කරනවා ලස්සන future එකකට. 

ඉතිං Tharu කොහොමහරි exam එක හොඳට කරගන්න කියලා තමයි මාත් කියන්නේ. ඔයාට සුබ අනාගතයකට මම සුබ පතනවා.

  අහස හුඟාක් දුර වුණාට...
 අල්ලන්න බැරි වුණාට.. 
හිරු එළියෙන් මුළු ලෝකෙම...
 එළිය කරනවා..

 මුහුද හුගක් ලොකු වුණාට...
 අතට ගන්න බැරි වුණාට... 
 හමන සුළඟ මුළු ගතේම..
  විඩා නිවනවා..

විභාගේ  අත ලඟ වුණාට.. 
පන්තිය අතහැර ගියාට..
 පන්තියෙ අපි හිටිය විදිය..
 මතක තියෙනවා..

  අනාගතේ  යම් දවසක..
 හොඳ දරුවෙක්  වී ලෝකෙට..
  වැඩ ඇති කෙනෙකුන් වන්නට..
 දිරිය පතනවා...

Yours loving 
Harshani Piyumika.

OL MEMOS 4

DEAR THARUKA,

ගත වු වසරක කාලය තුළ පාසල් මාතාවගේ සෙවණේ ගත කළ ඒ සොඳුරු මතකකිසිදා අමතක නොවේ. ඔයා මට හම්බ උනේ 10 A clz එකේදි.  ඔයා හොද අහිංසක යාළුවෙක්. ඉදිරියට මුහුණ දෙන O/L විභාගය හොඳින් සමත් වන්න. එතනින් එහාට ජීවිතේ නතර නොකර A/L  madushika විභාගයත් සමත්වෙන්න.

I wish you all the best your future.

From your friend,
Madhushika Navodini

OL MEMOS 3

DEAR  THARUKA,

HODATA EXAM KARANNA HODE !!!

ALL THE BEST.

TWINKLE // LITTLE STAR 
THARU IS A SUPER STAR

- ANDREA - 

OL MEMOS 2

A stranger stabs you in the front
A friend stabs you in the back
A boyfriend stabs you in the heart
BUT  BEST FRIEND ONLY POKE EACH OTHER WITH SRAWS
-unknown -

OL MEMOS 1

නෙක පැතුමන් සිත තුළ පුරවා
නිහඬව ලොවට පිපෙන මල් කැකුළුව සිටියෙමු අපි
එකම ගසේ එක අත්තක සතුටු මුවෙන්

කැකුළු වුවත් හෙට දවසේ 
යථාර්ථයට යායුතු වෙයි
එකම ගසේ සිටියත් අපි 
වෙන්වීලා යන්නට වෙයි 

අවසරයි සබඳ
ඔබේ හැඟුමන් කෙටි කරන්න 
අපේ මියුරු මතක පොතින්
මතක කිහිපයක් අරගෙන

සැමදා අපේ සබැඳියාව තියේවි 
මගේ හදවත තුල ලස්සනට පිපුණු මලක් විලස

- තාරුකා කරුණාරත්න-

Office World 3 - 2nd month

05 - 08 - 2019

අද අපිට rules ටික කියලා දීලා ඉවර කළා.. ඒකෙන් පස්සේ dummy test එක.. test එක අතරේ අපේ ඔක්කොම කොල්ලොයි ( විමුක්තියි, birthday මල්ලියි හැර ) සිකුරාදා batch එකේ කෙල්ලොයි ඔක්කොම tea බොන්න ගිහින්..තිවංශි අක්කට තරහ ගිය පාර කට්ටියම brown tags (Team Leaders)දාල තියෙන අය්යලා ගාවට දැම්මා.. එයාලට සුළුවෙන් ජාතිය අමතලා ..
අපිවත් ගෙන්නලා ඔක්කොගෙම ජාතිය ඇමතුවා.. Punishment එකක් විදිහට Thursday deploy test එක බදදාට  දැම්මා.. 

ඕකෙන් පස්සේ trip එක යන්නෙ නෑ කියලා කොල්ලො set එකම තීරණය කරලා.. හේතුව කරපු වැරැද්දට බැන්න එක.. 

අද birthdays 3යි.. සිකුරාදා batch එකේ ශාහිනීගෙ එහාපැත්තෙ ඉන්න මල්ලිගෙයි ( birthday මල්ලි ) තව අයියලා දෙන්නෙක්ගෙයි.. 

Office එකේ custom  එක ජාතික ගීය ඉවර වුණාට පස්සේ හැමෝම පෝලිමට ගිහින්  birthday personට wish  කරන එක.. ඉතින් අද අපිත් ගිහින් 3 දෙන්නාටම wish කළා..හවසත් birthday celebration වෙනදා වගේ තිබ්බා.  හෙට ඉඳන් ශාහිනීගේ bfත් 3වෙනි වැඩ ලෝකෙට එනවා..

06 - 08 - 2019

අද අපිට දෙවෙනි dumy test එක දුන්නා.. අද test එකෙන් තෝරගන්න හොඳ අය හෙට deploy test එකට දානවා.. Test එක කරන අතරේ තිවංශි අක්කා එක එක්කෙනා ලඟට කතා කරලා කළින් clip එකේ වැරදි පෙන්නලා error comments දානවා.. මගේ clip  එකේ comments 21යි..
අද clip එක QC / Team leadersලා තමයි check කරන්නේ....  දැන් දැන් ඉඳලා සිකුරාදා batch එකේ girlsලා අපිත් එක්ක කතා කරනවා. මන් හිතුවා වගේ ඒ අය කතා කරද්දි නම් අවුලක් නැහැ. ඒ වගේම කාලෙකට පස්සේ ශනුරි canteen එකේදි අද හම්බුණා.. එයා දැන් deploy වෙලා සතියක් විතර වගේ.. කියන්න තරම් විශේෂයක් නැති ආගිය තොරතුරු තමයි ඉතින් කතා කලේ.. Trip එක යන එක ගැන එයා හිතනවා කිව්වා.. කියපු විදියෙන් නම් එයා එන්න කැමතියි වගේ.. 

Lunch එකෙන් පස්සේ ධනුශ්.. මට අල බෝලෙ කියලා නමකුත් දාලා.. "කොටට කොටේ ඉඳගෙන කොහෙද ඉතින් ඇවිදින මිනිස්සු එකක්වත් හරියට පෙනවයැ.."😠😒😠😒 මොනවා කියන්නද ඉතින් මම.. 
නවීන්ට නම් අද එපා වෙලා හිටියේ.. දෙතුන්පාරක්ම මගෙන් ඇහුවා දිගටම එනවද කියලත්..
මේ එයා කරන පළවෙනි job එක.. Salary එක කොච්චර අරපිරිමැස්මෙන්ද කරන්න ඕනේ..??  Job එකක් නැති වුණාම ආයි එකක් හොයාගන්න කොච්චර අමාරුයිද?  එයාට job එකක් හරි ගිහින් නිසා මන් මොකුත් කිව්වේ නැහැ.. ඒත් මන්ම තනියම හිතුවා මන් job එකක් කර කරම ඉගෙනගන්න කරන වියදම් කිරිල්ල නැත්නම් මටත් මේ වගේ ප්‍රශ්නවලට කොච්චර ලේසියෙන් උත්තර දෙන්න තිබ්බද කියලත්... 

මගේ clip එක check  කලේ මගේ ඉස්සරහා pc එකේ  ඉන්න team leader .. දාපු comments 22යි. Occlusion errors තමයි වැඩිපුරම තිබ්බේ . හිමාශා නම් lunch hour එකේදිම කිව්වා එයාට අක්කා හෙට test එක කරන්න කිව්වා කියලා.. තේරුණ අයගෙන් භාගෙකට වඩා කොල්ලො..
කට්ටිය off වෙද්දි අක්ක මට නවතින්න කිව්ව. එයා TL අයියගෙන් මගේ අඩුපාඩු ඇහුවා. ඊටපස්සේ අක්කා කිව්ව මන් pending list එකේ ඉන්න නිසා හෙට exam එක තියෙනවද නැද්ද කියලා කියන්න අමාරුයි කියලා. ඊයේ ඉඳන් අපි ගෙදර යන්න 5.30ට එන කිරිවත්තුඩුව bus එක තෝර ගත්තා.වත්තේගෙදර halt එකේ ඉද්දි තිවංශි අක්කයි, හර්ෂි අක්කයි අපිත් එක්ක හිනාවීගෙනම අපිව පහු කරගෙන ගියා.

07 - 08 -2019

අද වෙනදා විදිහටම පුරහල එකේ එද්දි බහින්න ළංවෙලා දොර ගාවට ආවාම හර්ෂි අක්කාත් එතනම හිටියා. එකෙන් බැහැලා කතා කර කර අපි එකට ආවා.. 
නවීන් අද ආවේ නැහැ..එයාට ප්‍රාදේශීය සභාවක තමයි job එක හම්බුවෙලා තියෙන්නේ.. ඒ වගේම ඊළඟ මාසේ එයාට පත්වීම් බාරගන්න තියෙන්නෙත්..

උදේම තිවංශි අක්කා ඇවිත් මටයි විමුක්තිටයි කිව්වා ඔය දෙන්නත් අද test එකට ලෑස්ති වෙන්න. ඔය දෙන්නා තමයි pending list හිටියේ කියලා.. 
අපි දෙන්නත් එක්ක අද test එක කරන ඔක්කොම අය 9 දෙනයි. 350ක clip එකක් තමයි අදින්න තිබ්බේ.. Attributes 1200 ගානක්.. පැය 4කදි ඔක්කොම ඇන්ඳා.. 

Test එක කරන අතරෙදි තිවංශි අක්කා හිමාශිගෙන් ඇහුවා trip එක යනවද කියලා.. හිමාශි ඔව් කියන්න ඇති. තිවංශි අක්කා හයියෙන් හිනාවෙලා කිව්වා ඔයා එක යනකම් ගොඩක් අය බලන් ඉන්නවා කියලා.. Lunch එකේදි හිමාශි කිව්වා එකට නම් ලියන්න ආපු අයියා එයාගෙන් යාළු වෙන්න අහනවා කියලා..හිමාශිගේ හැටි ලාවට වගේ තේරෙන නිසා trip එක දවසෙයි ඊට පස්සෙයි අපිට අහගෙන ඉන්න ගොඩක් දේවල් තියෙයි කියලත් මට හිතුණා..

clip එක check කරල ඉවරවෙලා ඉද්දි ධනුෂ් මාත් එක්ක මන් කතා කර කර හිටියා.. එයත් දෙවෙනි වැඩලෝකෙ නුගේගොඩ branch එකේ හිටපු කෙනෙක්... මන් මාෂාගේ team එකේ කිව්වාම එයා කිව්වා ඒක තමයි accuracy ඔච්චර හොඳ කියලා.. මාෂාගේ team එකේ ඉඳලා පිට team එකක කෙනෙක්ගෙන් අහපු පළවෙනි හොඳේ තමයි ඒ..හැබැයි ධනුෂ්ගේ කට කටක් නෙමෙයි.. මාව දැක්කාම ආදරේ හිතෙනවලු. ගෙදරටම ඇවිත් කතා කරන්න අම්මගේ no එක දෙන්නලු.. හැබැයි ඉස්සෙල්ලම හදවත දුන්නේ සෝමාටලු. ඒත් ඒක ඉතින් අවුලක් නෑලු. ගෙදර කාමර දෙකක්ම තියෙනවලු. හිමාශත් හොඳයිලු.. ඒත් එයාට වඩා මට කැමතියිලු.. අපි කැමති නම් එයාට shift එකට වැඩ කරන්න පුළුවන්ලු.. වටේම උන් හිනාවෙනවා .. මොනා කරන්නද ? ඒ කටට නම් break නැහැ. 

මන් Lunch එකෙන් පස්සේත් ඇවිත් දහපාරකටත් වඩා clip check කළා.. ඒත් QC අක්කා ඇවිත් check කරලා comments 6ක් දැම්මා.. ඒකේ තේරුම ඉතින් මන් හෙට deploy කියන එක තමයි.. Comments 8කට වඩා වැඩි වෙන්න බෑ කියන එක තමයි rule එක. ශාහිනීගේ යාළුවා වෙනදට අපිට කළින් halt එකට ඇවිත් මත්තෙගොඩ bus එකක් එනකන් බලන් ඉන්නවා. ඊයේ ශාහිනී මට කිව්වා එයාටත් මේ 280 එකේ යන එක ලේසියි කියලා. ඉතින් අද ශාහිනී ඇහුවා එයා ඇයි මත්තෙගොඩ bus එකකම යන්නේ කියලා..   එයා දුන්න උත්තරේට මට මහ හයියෙන් හිනා ගියා.. එයා කිව්වා මත්තෙගොඩ bus වල සෙනඟ අඩුයි කියලා.. කොහොමහරි අද එයා අපිත් එක්ක කිරිවත්තුඩුව bus  එකේ යන්න ආවා..

08 - 08 -2019

ඉතින් අද දවසෙම වගේ අපිට ලොකු වැඩක් තිබ්බේ නැහැ. Logins හදන්නෙත් අක්කලානේ.. අද අපේ අනිත් කට්ටියට deployment test එක තිබ්බා..හවස අපිව එළියට ගෙනිහින් team leadersla වෙනමම අපිත් එක්ක කතා කළා.. 
Brown tags දාගෙන ඉන්නේ team leadersලා තමයි. අපේ department එකට  TLලා දෙන්නයි.. දක්ශින.. සුපුන්.. මොනා වුණත් කියලා වැඩක් නෑ.. තුන්වෙනි වැඩ ලෝකේ interview එකේ ඉඳලා එකෙන් කරන හැම වැඩක්ම මාරම පිළිවෙලයි.. Team induction එකත් හොඳට වුණා.. 

දවසේ target එක 1750යි.. දවස් දහයකට තමා 1750. මොක්ද කිව්වොත් ඇවිල්ලා team එකත් එක්ක move වෙන ගමන් speed හදාගන්න තමයි ඒ දවස් 10 දීලා තියෙන්නෙ..ඊටපස්සේ target එකෙන් 75% achieve කරන්න ඕනේ. One month ඇතුලත 3500 එකට යන්න ඕනේ. අපි දෙනාගෙන් 4ක් දක්ශින අයියාගේ team එකට.. 

අනිත් අය ඒ කියන්නේ මාත් ඇතුළුව ඉතුරු පස්දෙනා සුපුන්ගේ team එකට.විමුක්ති , මම, හිමාශා, සිපයියා ,silent, ගලයා තමයි ඒ පස්දෙනා..අර හිමාශාගෙ පස්සෙන් එන කොල්ලා නිසා මන් හිතුවෙම හිමාශාව අනිත් එක වැටෙයි කියලා.. ඇත්තටම එයා එහෙම මන් ඉන්න පැත්තකටවක් එන්න එපා කියලා මන් යටි හිතින් ප්‍රාර්ථනා කළා..ඒ වගේම මට හිමාශව පෙන්නන්න බැරි ගතියකුත් තියෙනවා. මොකද එයාගේ වැඩ නම් අන්තිමයි..

දවස් ගානකට කලින් ඉඳන් මට තේරිලා තියෙනවා එයා පෙන්නුවෙ නැති වුණත් මන් කරන දේවල් ගැන ටිකක් අවදානෙන් ඉන්නවා කියලා.. හරියට compare කරන්න වගේ.. (අපි දෙයක් කළොත් එයත් ඒක අනිවාර්යෙන්ම clip එකේ කරලා  තියෙනවා වගේ.. එයා පිළිවෙලකට  කරන එක නම් ඇත්ත) එයා ඒක පෙන්නන්නේ නැතුව ඉන්න හරි දක්ෂයි.. ඒක ඕනෙම කෙනෙක්ට තේරෙන්නේ හරිම සාමාන්‍ය හැසිරීමක් ගාණට. ඒත් ඇත්තටම හැම ජාතියකම වගේ මිනිස්සු එක්ක ඉඳලා මිනිහෙක් හැසිරෙන්නේ මොනාටද කියන එක ගැන මට ඉවෙන් වගේ තේරෙනවා.. අද තිවංශි අක්කා ඇහුවා bf කෙනෙක් ඉන්නවද කියලා එයාගෙන්.. මෙයා ගත් කටටම කිව්වනේ නෑ කියලා.. 

විමුක්තියි, සිපයියයි එක සැරේට මගේ මූණ දිහා බැළුවා..  .. අපේ team එකම එනකන් අර කොල්ලා හිටියනේ මෙහෙම බඩුවක් අල්ලගන්න කියලා මට හිනා ගියා..

හවස යද්දිත් ශාහිනී මගෙන් ඔය කතාව ඇහුවා... ගයාන් අයියත් හිමාශාට line වගේ කියලා ශාහිනී මට කිව්වා.. ඒත් ඇත්තටම හිමාශාට වගේ office එකෙන් පිට ගයාන් අයියටත් love එකක් තියෙනවා..
 
 

Office World 3 - 1st month

22 - 07 - 2019

වැඩ ලෝකයේ 3 වන රැකියාවේ පළමු දවස අද..  ඇත්තටම පොඩි කාලයකදි. .. ඒ කියන්නේ අවුරුද්දකට අඩු කාලයකදි මම ජොබ්ස් 3ක් කරලා..  මේක ඇත්තටම එකේ මගේ අඩුපාඩුවක්ද? Job එක මට suite වෙන්නෙ නැත්නම් ඉතින් වෙන මොනවා කරන්නද?? ඇත්තටම පළවෙනි job එක දිග කාලයක් කරන්න ඕනේ කියලා නීතියක් තියෙනවද ?? නෑනේ.. හිතට නිදහසක් නැති ජීවිතේ මොකටද ඉතින්??? ( ඇත්තටම මේක අදාල වෙන්නේ 2වෙනි වැඩ ලෝකෙට විතරයි ) 

ගිය පළවෙනි දවසේ මාත් එක්ක හිටියේ සහස්‍රා... Group කඩලා Training room දැම්මට පස්සේ මාත් එක්ක හිටියේ ශාහිනි ( එයා අපේ ගෙවල් පැත්තෙ වගේම මල්ලිගේ OL school එකේ මල්ලිගේ පංතියේ හිටපු ළමයෙක් කියලා මන් පස්සේ දැනගත්තා..)  තව නංගි කෙනෙකුයි , මිහිරි කියන අක්කයි.. තව කොල්ලො 8කුයි... වැඩේ කියන්නේ කොල්ලන්ගෙන් බාගෙට බාගයක්ම මන් ගිය දෙවෙනි වැඩ ලෝකේ කොස්වත්ත branch එකේ අය.. Job එකේ නිවාඩු නැති එකයි.. Salary ප්‍රශ්නයි එක්ක තමයි ඔක්කොම අය එතනින් අයින් වෙලා තිබ්බේ..

ගිය පළවෙනිම දවසේ සංගීත්ව දැක්කා.. එයා මාත් එක්ක හිණාවුනා විතරයි.. මාත් ඉතින් හිනාවෙලාම මාරු වුණා.. කෙල්ලන්ට අනුව නම් කුකුළෙක්.. කුශාදි අක්කා තමා මට ඒක කිව්වේ.. 

ඒත් එයා මගේ පස්සෙන් එනකාලෙදි දාපු එක message එකක් මගේ හිතට තදින්ම වැදිලා තියෙනවා.. "තරූ මන් ඔයා තරම් ඉගෙනගෙන නෑ තමයි.. ඒත් තරූ මාව තේරුම් ගන්න.." ඒක මතක්වෙන වාරයක් පාසා මට එයාගේ මූණ බලන්න බැහැ වගේ හිතෙනවා..

හවස office ඉවර වෙලා මායි ශාහිනී පාරට එද්දිමයි දැක්කේ හොරණ හෙට්ටියාවත්ත bus එක යනවා.. මන් හිතන්නේ එදායින් පස්සේ කවදාවක්කත්ම අපි ඒ bus එක දැක්කේ නැහැ.. කොහොමින් කොහොමහරි අපි මහරගම බෝ ගහ යටට එද්දිම යන්න ලෑස්තිවෙලා තිබ්බ bus එකක් හම්බුණා.. 5.40 වෙද්දි මන් ගෙදරත් ආවා.

23 - 07 - 2019

අපේ training එක conduct කළේ තිවංශි අක්කා.. ඒත් එදා එයා හිටපු නැති නිසා හර්ෂි අක්කා තමයි අපිව train කෙරෙව්වේ.. මට හම්බුන place එක තිබ්බේ you-tube අයියාගේ පිටිපසේ.. ඒත් අපේ tables තිබ්බේ හරහට.. ඉතින් අයියා හිටියේ මගේ දකුණු අත පැත්තේ..

අද හවස මායි නංගී ඇවිත් bus එකට නැග්ගා ..අද අපිට හම්බුනේ එකළග එක පැත්තෙම  පේළි දෙකක sheets දෙකක්.. ටිකක් වෙලා ගියාහම මිනිහෙක් ඇවිත් මන් ගාවින් හිටගත්තා.. ටිකක් ඇගට තද වෙද්දි මන් මිනිහගේ මූණ දිහා බැළුවා... ඊටපස්සේ මිනිහා ශාහිනී ගාවට ගියා..  වටපිට බලද්දිම අපේ එකේ නංගි කෙනෙක් එක එහා පැත්තෙ හිටිය නිසා මන් ශාහිනීට කතා කරලා එයාට පෙන්නුවා.. ඒත් මන් කියන්න හදපු දේ එයාට තෙරුණේ නැති නිසා මන් ශාහිනීට ආයිමත් කතා කරල jack කියලා කිව්වා. .. ශාහිනීත් ඔව් අක්කේ කියලා පිටිපස්සට වුණා.. තත්පරයක්වත් ගියේ නැහැ..මිනිහා බැහැලා ගියා.. ශාහිනී ආයිත් මට තට්ටු කරලා "බැස්සා" කිව්වා. 

24 - 07 - 2019

අද උදේ එකට නැග්ගාම මිනිහෙක් මට පටගාලා ඉඩදුන්නා..ඊලඟට මොකද්ද වෙන්නේ කියලා මන් දන්නවා..ඒත් ඒ මිනිහා බහින පාටක් පෙන්නුව නිසා මන් එතනට ගියා.. මිනිහා කකුල පිටිපස්සෙන් දාද්දිම මන් එතනින් අයින් වුණා.. එතකොට ඒ මිනිහා මන් පිටිපස්සට යනවා කියලා ලඟ හිටපු ගෑනු ළමයෙක්ගේ උරහිසට අත තියලා පිටිපස්සට ගියා.. එතන ඉඳගෙන හිටපු නාකි සීය කෙනෙක් මගේ බෑග් එක ගත්තා.. කොට්ටාවෙදි සීයා ගාව ඉඳගෙන හිටපු කෙනා බැහැලා ගියනිසා සීයා ජනේලය ගාවට වෙලා මට ඉඳගන්න කිව්වා.. අර කලින් කියපු නංගි එතන හිටපු නිසා මන් ඒ නංඟිට වාඩි වෙන්න කිව්වා.. නංඟි බැස්සාම මන් එතනින් වාඩි වුණා.. 

" ගොඩක් වෙලා හිටගෙන හිටියා නේද?? "සීයා ඇහුවාම මන් හිනාවෙලා අහක බලා ගත්තා..මහරගමට ළං වෙද්දි මේ සීයා මගේ ඉනේ අත වද්දනවා කියලා තේරුණාම දන්න ජිම්නස්ටික් ක්‍රම දාල ඇඟ බේර ගත්තත් මේක සමහරවිට මට වුණ misunderstand එකක් කියලා හිතරවට්ටගන්න හැදුවේ, ඒක එහෙම නොවුණොත් මගේ කේන්තියවත් පාලනය කරගන්න හිතාගෙන.. 

Dental එක ගාව bus එක නවත්තපු ගමන් මන් එතනින් බහින්නෙ නැති නිසා අර සීයට ඉඩ දෙන්න ලෑස්ති වුණේ  මෙයා අසහනකාරයෙක්නම් මගේ එහාපැත්තේ ඉඳලා මෙහාපැත්තට පනිද්දි අත පණනැති කරලා අඟේ වද්දන එකෙන් බේරෙන්න පුළුවන් විදිහට...මන් ඉතින් හිතුවා හරි..  මන් ගත්ත තරහා පොඩ්ඩක්වත් අහක ගියේ නැහැ.. 

අද තමයි තිවංශි අක්කගේ birthday එක.. ඉතිං එකේ එයාගේ මේසෙ උඩින් සිවිලිමේ ඉඳලා පහළට වැටෙන happy birthday deco එකක් තිබ්බා.. දෙවෙනි වැඩ ලෝඉකේ ඉතින් මෙහෙම එකක් වෙනවා කියන්නේ හීන තමා.. මුළු pd department එකටම අක්කා ගානේ treat ..හවස 5 පහුවුණ ගමන් විනාඩි 15 ක් විතර කට්ටිය එයාගේ birthday එක celebrate කළා..

25 - 07 -2019

මගේ department එකේ  ඉන්න හාවා අයියා මට හරියටම click වුණේ අද තමයි.. දෙයියනේ මෙයා ... මෙයා මගේ senior කෙනෙක්ද?? මට ඉතින් එයාව දැක්කාම පරණ කතා ඔක්කොම ටික මතක් වුණා.. ගහට ගහක් මොරටුවෙදි හම්බුවෙන කතාව තව තවත් මන් තහවුරු කරගත්තේ තුන්වෙනි වැඩ ලෝකයෙදි තමයි.. 

ඇයි එතකොට සුපුන්.. මන් තාම එයා මන් දන්න කෙනාමද කියලා දන්නේ නැහැ.. එක්කෝ කවදාවත්ම ඒක දැනගන්න ඕනේ නැහැ කියලත් හිතෙනවා.. 5 වසරෙ හිටපු කෙට්ටු හාදයා දැන් ඌරු පෙති ගහලා වගේ.. මන් ඒ කාලේ තඩියට හිටියා.. එතකොට එයා මටත් වඩා මිටීද මන්දා .. දැන් මාව තනි අතින් උස්සන්න පුළුවන් සයිස්නෙහ්..

ඇයි එතකොට මිතිල අයියා..  මාව හොඳට දැනගෙන දැකලා අහක බලාගෙන යන ලස්සන.. මාත් මොකටද එයාව ගණන් ගන්නේ..
" මූණට මූණ හම්බුවෙලා අඩුම තරමෙ හිනාවෙන්නවත් බැරි මිනිහෙක්ගෙන් මන් ගැන අහන්න යන්න එපා.." හවස වැඩ ඉවරවෙලා යද්දි, call කරපු ගඟුල් අයියාට මන් කිව්වා.. "නැහැ නැහැ.. උඹ කිව්වනෙ අහන්නෙපා කියලා මන් නොදන්න ගාණට ඉන්නම්.. කොහොමත් ඌව හම්බුණේ නැහැ.. හම්බුණා නම් තමා ඌ ඔය ඔක්කොම කතා ඇදලා ගන්නේ.". 
"එයා නම් මොකෙද්ද මන්දා .. කොහොමත් ඉන්දික අයියලා විතරනේ මාත් එක්ක කතා කරලා තියෙන්නේ.. අනික ඒ set එකම මට පේන්න බැහැ.. කටවල් නෙමෙයි ඒවා.." ගඟුල් අයියා මහ හයියෙන් හිනාවුණා...

ඉතිං මාර වැඩේ කියන්නේ තුන්වෙනි වැඩ ලෝකයේදි මට උදීප්ව හම්බුණා.. "හානේ හලෝ ඔයත් මෙහෙද??" මට උදීප්ව දැක්ක ගමන් උන්හිටි තැන් අමතක වුණා.. " ඔයා දන්නවද වෙලා තියෙන දේ .. දැන් මාෂා day shift  එකේ නැහැ.. එයා night එකට ගිහිල්ලා.. මාෂා නැති නිසා හරීද්‍රටත් place එකක් නැහැනේ.. එයත් දැන් සාමාන්‍ය QAT කෙනෙක් විතරයි.."  මන් කියාගෙන කියාගෙන ගියා.. උදීප් හිනාව හිරකරගෙන මන් දිහා බලන් හිටියා.. 

උදීප් : මන් දැක්ක ඔයාව දවස් දෙකකට විතර කලින්..
මම : ඉතින් කතා කරන්නෙපැයි...
උදීප් : එදා ටිකක් වැඩ හලෝ.. දැන් අරෙහෙම වෙලාද ඉතින්..?? මන් ඔළුව වැනුවා.. ඔහොම තමයි අනේ අපිට කරන ඒවා ඵලදෙන්නත් එපැයි..මට මාෂා පස්සේ message කළා.. මන් කියන්නම්කො පස්සේ ඒක.
මම : සිරාවට?? (ශාහිනී මගේ ළඟට ආවා )
උදීප් : හරි හලෝ අපි පස්සේ කතා කරමු.. ඔයත් තේ දාගන්න.. ගොඩක් වෙලා ඉන්නත් බෑනේ.. මන් එහෙනම් අර පැත්තට යන්නම්.. මන් හා කිව්වා..

තේ බීලා ආයි එද්දි උදීප් මන් ගාවට ආවා.. 
උදීප් : තාම training ද??
මම : ඔව් හලෝ..මන් PD ඔයා??
උදීප් : road එකේ .. 
මම :කොහොමද මෙතන.. 

උදීප් : කියලා වැඩක් නෑ අනේ.. මාර හොඳයි.. 5ට යන්නත් පුළුවන්.. සෙනසුරාදා office කැමතිනම් විතරයිනේ.. ආයි දැන් ඉගෙනගන්න course එකක් හොයාගන්න ඕනේ අනේ.. 

මම : ඒක හොදයි.. ආයි open එකෙත් බලන්න.. මාත් හරි ආසයි හලෝ.. මෙහෙ birthday celebrate කරන විඳිහ...අරකෙ නම් ඉතින් මේවා හීන තමා.. අනික උදේට ජාතික ගීය දානවා.. ඉක්මනට ගෙදර යන්නත් පුළුවන්.. මන් ඊයේ ගෙදර ගිහින් මල්වලට වතුරත් දැම්මා.. හරි නිදහස්.. අනික ඉක්මනට promotion වුණත් දෙනවනේ..

උදීප් : ඒක තමයි අනේ.. කවද්ද අරකෙන් අයින් වුණේ.. 
මම : ඔයාට මතකනේ salary seen එක.. ඊට දවස් දෙක තුනකට  පස්සේ resign දුන්නා.. ඊට පස්සේ exam නිසා මාස දෙකක් විතර ගෙදරට වෙලා හිටියා..  
උදීප් : එහෙමද මාත් ඒ කාලෙම වගේ තමයි.. අර delmon training දැම්මේ.. ඊට ටික දවසකට පස්සේ මන් අයින් වුණා..
මම : ඒකට ගියේ පෙර කරුමයක් ගෙවන්න.. 
උදීප් : ඒක නම් ඇත්ත..මට මාෂා පස්සේ message කළා.. ආයි එන්න කිව්වා.. මන් කිව්වා ඉතින් අයින් වුනේ ආයි එන්න හිතන් නෙමෙයි.. අනික මන් කිව්වා මට එතන එපා වුනා කියලා.. හිතලා බලන්න කිව්වා.. මන් කිව්ව හිතන්න දෙයක් නෑ කියලා..
මම : මාරයිනේ එයා මට තාම කතා කලේ නෑනේ.. ඇයි දන්නේ නෑ.. මන් හිනා වෙවී කිව්වා.. 
උදීප් : දැන් අරකෙ මොකො වෙලා තියෙන්නේ..ඇයි අරයා අයින් වෙලා තියෙන්නේ?? 
මම :සිකුරාදා දවසක මාෂා කියලා තියෙනවා.. කට්ටියට සෙනසුරාදා වැඩට එන්න කියලා.. කට්ටියම කතා වෙලා වෙන්න ඇති ..ගිහින් නෑ.. 
උදීප් : අම්මා..ඉතින්.. ??
මම : මට උදේනි අක්කා තමා ඕක කිව්වෙ.. මන් ඉතින් ඇහුවා සඳුදා හොඳට අහගන්න ඇති නේද කියලා..
උදීප් :  ඉතින් අහගෙනද?? 
මම : නෑ හලෝ.. සඳුදා යද්දි ශේන්ලු TL ..
උදීප් :  එහෙමද..?? හැබැයි හොඳ වැඩේ වෙලා තියෙන්නේ. ..
මම : night එකේ ළමයි පව්.. 
උදීප් : ඒක ඇත්ත.. 
මම : ඒත් කොල්ලොනේ ගොඩක් ඉන්නේ අල්ලන් ඉඳී..
උදීප් :  එහෙමත් නෑ .. ගොඩක් අය මාත් එක්කම අයින් වුණා.  UDත් අයින් වුණා.. 
මම : UD නෑ ඔව්.. එයා පරණම එක්කෙනෙක්නේ.. ඒ මොකො අයින් වුණේ?? 
උදීප් : එතන ප්‍රශ්නනේ.. ඉතින් project මාරු කළා.. තේරුමක් නෑ කියලා හිතෙන්න ඇති..salary අඩුයිනේ..(උදීප්  වෙලාව බැලුවා ) මේ මන් යන්නද ??
මම : හරි හරි bye..
උදීප් : bye..

අක්කේ ඔයා විශ්වාස කරනවද?? උදීපුත් මෙහෙ.. ආයි floor එකට යන ගමන් මන් උදේනි අක්කට message එකක් දැම්මා..

26 - 07 - 2019

අද මන් office එකට යද්දී 8 පහුවෙලා.. ටිශාරව bus එකේදි අද හම්බුණේ අවුරුදු ගාණකට පස්සේ.. චුට්ටක් ආගිය තොරතුරු කතා කරන ගමන් මන් ඇහුවේ හේෂාව දන්නවද කියලා..
" අයියෝ මගේ හොඳ යාළුවෙක්නේ.. එයා ඉස්සර කියනවා මන් කොණ්ඩෙ කපන කපන වාරයක් පාසා කොල්ලො මාරු කරනවා කියලා.. කොන්ඩෙ කැපුවොත් අහන්නේ කොල්ලා කවුද කියලා..??" අපි දෙන්නම හිනා වුණා..
ටිෂාරා : කොහොමද office එක?? 
මම : අවුලක් නෑ.. ඒත් software engineer කෙනෙක් වෙලා ඉඳලා පොඩි position එකකට ආවාම හරිම අමාරුයි.. කොහොමත් ටික කාලයයිනේ..
ටිෂාරා : Degree එක ඉවර වෙනකන්ම ඉන්නවද??
මම : තාම එහෙම අදහසක් නැහැ..ඒත් weekend එක free job එකක් හොයාගන්න ටිකක් අමාරු නිසා ටිකක් කල් ඔතන ඉඳීයි.

අදත් ඉතින් office එක ඇතුල නම් වෙනදා විදිහටම වැඩ වුණා.. අද අළුතින් batch එකක් ආවා.. දෙකටම එකට training  එක කරනවා කියලා අක්කා කිව්වා.. ඊයේ වෙද්දි අපෙ places වෙනස් කලානේ.. දැන් මගේ දෙපැත්තේ ඉන්නේ විමුක්තියි. නවීනුයි.. ශාහිනී මගෙ පිටිපස්සේ.. මිහිරි අක්කා ආයි එන්නේ නැහැ.. හරියට වැඩ කරන්නෑ කියලා ඊයේ තිවන්ෂි අක්කා මිහිරි අක්කටයි ශාහිනීටයි නවීන්ටයි බැන්න.. මාත් ඉතින් පුළුවන් විදිහට එයාලට කියලා දුන්නා.. ඒත් මට තේරුණ විදිහට නම් මිහිරි අක්කට computers පාවිච්චිය ගැන වැඩි හුරුවක් නෑ වගේ.. හැබැයි මිහිරි අක්කා කැම්පස් ගිහිල්ලා.. ඒ වගේම මන් වගේ ඉගෙනගන්න තියෙන හැම එකක්ම ඉගෙනගෙනත් තියෙනවා.. එයා අද ඉඳන් වැඩට එන්නේ නෑලු.  එක අතකට ඉගෙනගෙන තියෙන කෙනෙක්ට.. තමන්ගේ ඉගෙනීමේ value එක දැන දැනම.. වයසින් අඩු කෙනෙක් ඉස්සරහා chater වෙන්න බෑ තමයි..

එයා අනික government job එකක් බලාපොරොත්තුවෙන් හිටියේ..

හවස මායි ශාහිනියි එද්දි ඕක ගැනම තමයි කතා වුනෙත්.. ශාහිනීත් කිව්වෙ හිතුනොත් විතරයි සඳුදට එන්නේ කියලා.. නවීන් නම් තනිකර පිස්සෙක්.. එයා කියනවා එයා ගොන් විදිහට හැසිරෙන්නේ එයාට මේ project එක එපාලු.. Road එකට යන්න ඕනෙලු.. ඒකෙ වැඩ ලේසිලු.. අනික..එයාගේ යාළුවො දෙන්නා ඉන්නේ road එකේ නිසා තමයිලු එකට යන්න ඕනේ.. යාළුවො පස්සෙම යන එවුන්ට කියල වැඩක් නැති නිසා මන් මොකුත් කියන්න ගියෙත් නැහැ.. කවදා හරි ඉතින් එයාටම තේරෙන දවසක තේරුම් ගනී..