මටත් වෙන්නෙම මාර වැඩ.. මේ අවුරුද්දෙ daily diary එකේ ලියපු ඔක්කොම වගේ birthdaysවල දින වැරදියි... ඔක්කොටම වඩා දින ගණන් මාස ගණන් පහුවෙලා හරි මාස ගාණකට කළින් හරි යාළුවන්ට wish කරද්දි අනේ අද නෙමෙයිනෙ hallo කියද්දි මන් ස්වයංව bite වීම ඇරුණුකොට ඉතින් මහලොකු දෙයක් නැහැ..
මැයිවල මන් විශ්මිට wish කලේ.. එයාගේ උපන්දිනේට මාසෙකට කලින්.. ජූලිවල පියුමිකාට wish කළේ මාසෙකට පස්සේ.. ඒ වගේම ඩිශානිට උපන්දිනේට දවසකට කළින්.. අපේ මල්ලිගේ උපන්දිනේ එදාට කළින් දවසේ මතක් කර කර හිටියත්.. ආයි ඒක මට මතක්වුනේ උපන්දිනෙන් පස්සේ දවසේ.. මන් එදාවත් ඒක මතක් කලේ නැත්නම් ගෙදර අයටත් ඒක එහෙම්මම අමතක වෙනවා..
ඉතින් අද අගෝස්තු 01.. Dairy එකේ ලියල තිබ්බ විදිහට ඊයෙ තමයි ජුලීගේ birthdayඑක තිබ්බෙ.. මන් ඉතින් රෑ වෙනකන්ම ඉඳලා wishකරනවා කියලා හිතුවේ කාලෙකින් එයාට message කරන්නත් බැරි වුණනිසා.. ඒත් ඉතින් මට ඒක අමතක වුණා.. ආයි මතක් වුණේ අද office එකේදි.. ක්ෂණිකව දැම්මා message එකක්.. හවස ඒකට ආපු උත්තරේ " වැඩක් නැහැ.." මාත් යැව්ව .. කමක් නැහැ මන් පරක්කු වෙලා හරි wish කලානේ කියලා..
ජුලිත් : ඇහ් ඇත්තද?? වැඩක් නැහ්..
මම : කමක් නැහැ.. මන් Wish කලානේ..
ජුලිත් : ඒත් මන් ඔයාට වෙලාවට wish කරනවනේ..
මම : ඒක ඇත්ත..
ජුලිත් : ඒකනෙ
මම :ඒත් මන් අමතක කළේ නැහැ.
ජුලිත් : අමතක වුණා ?
මම : නැහැ මට මතක තිබ්බා
ජුලිත්: ඇත්තද?
මම : ඔව්.. මන් ලියලත් තියන් ඉන්නවා.. (ඒ message එකත් එක්කම diary එකේ July birthday section එකේ pic එකකුත් යැව්ව.. )
ජුලිත් : මගෙ 31 නෙමේ.. එතනම වැරදිනේ..
මම : 31 තමා.. මන් ඊට කලින් අවුරුදු වල මන් 31නෙ wish කලේ..
ජුලිත් : මගේ ජූලි 30..
මම : අප්පා ඔයාගෙත් වැරදිද?
ජුලිත් : වැඩක් නැහැ..
මම : මන් පොතක ඔක්කොම ලිව්ව.. බලන් ගියාම ලියල තියෙන ඔක්කොම වගේ birthdays වැරදීනෙ එහෙනම්..
ජුලිත් : වැඩක් නැහැ... මන් ආයේ ඔයාගේ birthday එකට විශ් කරන්නේ නැහැ.. (ඇත්තටම ඉතින් ජුලිත් මගේ birthday එකට wish කරන්න alarm set කරනවා)
මම : මේ අවුරුද්දෙ ඔක්කොටම මන් wish කරල තියෙන්නේ.. එක්කෝ කලින් නැත්නම් පහුවෙලා.. හා කමක් නෑ.. මතක තියාගන්නෙපා ඒක..
ජුලිත් : හා.. මට මතකයි..
තාම ජූලි .. තව මේ වගේ වැඩ වෙයි ඉතින්..
0 comments:
Post a Comment