OL MEMOS 10

Good night
2012 .09. 13 
at home 


Hai Tharu,
මේක ලියනකොට මම ගොඩක් හැඟීම්බර වෙයිද දන්නෙ නැහැ. Bt මගේ මේ පාළු ජීවිතේ මට හමුවුන මගේ පාළු හිතට ආදරේ දන්නපු ගොඩක් හොද යාලුවෙක් වගේම මගපෙන්වන්නෙක්. මොන දේ සිද්ධ වුණත් ඔයා මගේ ලඟම හිටියා. ඔයාගේ හිතේ තියෙන හැම දෙයක්ම මාත් එක්ක කිව්වා. ජීවිතේ මට ගොඩක් තැන්වලදී ඔයා මට ආයේ නැගිටින්න ධෛර්ය දුන්නා. ඔයාගේ හිතට දැනෙන හුගාක්ම හොද වචන වලින් ඔයා මට යාලුවෙක් වගේ අවවාද කළා. හිතට දුකක් දැනුණු වෙලාවට මට ඕන වුනේ ඔයා ගාවට දුවලා ඇවිත් ඔයාට මගේ දුක කියන්න. සමහර වෙලාවට ඔයා ඉෂ්ඨ දේවතාවියක් වගේ ඇවිත් මාව කරදරවලින් බේරුවා. ඔයාගේ හැම දෙයක්ම මට කියනකොට මට හිතුනෙම ඔයාට මාව ගොඩක් වටිනා යාලුවෙක් වෙන්න ඇති කියලා. ඔයාට කොහොම උනත් මට නම් ඔයාව ගොඩක් වටිනවා.....

 ගොඩක්ම හොඳ යාළුවෙක් තමන්ගේ යාළුවා හොඳට බලාගන්නවා.
ඒ යාලුවා ට ගොඩක් ආදරේ කරනවා.
 යාලුවෝ වැටුන වෙලාවට නැගිටින්න අත දෙනවා.
 ඔයත් ඒ වගේ...
don't think that I'll forget you.You'll be always in my heart ||
අහසින් වැටෙන හැම වැහි බින්දුවක් පාසා 
ඔයාගේ ඒ හිනා සද්දේ 
ඔයාගේ ඒ කට හඬ 
මට ඇසේවි...

 ඇත්තට තාරුකා 
මම ඔයාට ගොඩක් ආස ඔයාට තරහ යන වෙලාවට.
 එතකොට ඔයා ලස්සනට ඔරවනවා.
 නමුත් හිනාවෙලා ඉන්න. 
එතකොට හැමෝටම ඔයා 
හඳත් එක්ක හිනා වෙවී පොළොව දිහා බලාගෙන ඇසිපිය හෙළන තාරුකාවක් වේවි...
මාත් එක්ක හිනාවෙන හැම තරුවකට මම කියනවා
මම මගේ යාළුවන්ට ගොඩක් ආදරෙයි කියලා 
ඒ ඒ ගොල්ලො ඒක ඇවිත් ඔයාට කොඳුරාවී 
මගන් පණිවිඩයක් කියලා


T H A RU K A
H I N A W E W I
A S A W E N
R A W A N N E T H U W A 
U T H S A H A W A N T A 
K A R U N A W A N TH A 
A D A R A N I Y A

                        කෙනෙක් වෙන්න


 You'll be in a special place in my heart ||

 Best of Luck

A CHAMPION IS SOMEONE WHO GET'S UP WHEN HE CAN'T

  OL හොඳට pass වෙලා හොඳ ලොකු ඉස්කෝලෙකට ගියාම ඔයාට මාව අමතක වෙයි.
 එතකොට මට දුක හිතෙයි.||


ජීවිතේ විදවන හැම වෙලාවකම ජීවිතේ විදින්න මට පාර පෙන්නපු ඔයාට කවදාවත් වරදින්න එපා.....

දෙවියන්ගේ පිහිටෙන් ඔයාට හරි යන්නම ඕනේ.

 මීට                    
ඔයාගේ        
ආදරණීය යාළුවා 
Pubudi  



    
එදා විදුබිමේ  
එකම පන්තියකදී එකට හමුවුණු 
සංසාරයේ  
ළබැඳි මිතුරියේ...... 
එකට  අකුරු කළ ඒ සුන්දර අතීතයේ 
තැවරුණු 
මුව දැවටුණු
අහිංසක සිනා රැල්ලක් සමඟ 
ආදරයෙන් අත්වැල් පටලාන 
මිතුරු දම අර්ථවත් කළ අයුරු 
අමතක නොවන මතකයක් සේ
ස්තුති මතකයක් 
එක් දිනක 
කඳුළු බින්දුව කැටි ගැසී
මගේ නෙතින් ගිලිහේවි
ළබැඳි මිතුරියේ........
කටු අකුල් ඇති මාවතේ 
ගමන් කොට රෝස මල් යහනාවක් 
උරුමකරගත් දවසට
ඔබේ ඔය සිනා රැල්ල තුළ 
අපේ මතකය රැඳේවි 
ජීවත් වුවත් මියගියත් 
නොමියෙන මතකයක් 
හදවතේ සුවිශේෂී තැනක 
ආදරෙන් වැජඹෙවි
ඒ මතකය
කවදාමුත් දවසක 
ඔබත් මමත්
සාන්ත ජෝසප් විදුබිමේ
ළබැඳි මිතුරියන්
වූ බව
ඔබට පසක් කරාවි

- පුබුදි ඉරේෂා -

 මගෙන් පුංචි තෑග්ගක් 
මාව අමතක වුවත් පුබුදි කියන පිස්සිව 
මතක තියෙයි. 
ජීවිතේ කොතැනක හරි 
ආයේ හමුවන්න 
අපි පෙරුම් පුරමු

0 comments:

Post a Comment