නෙක පැතුමන් සිත තුළ පුරවා
නිහඬව ලොවට පිපෙන මල් කැකුළුව සිටියෙමු අපි
එකම ගසේ එක අත්තක සතුටු මුවෙන්
අවසරයි සබඳ
ඔබේ හැඟුමන් කෙටි කරන්න
අපේ මියුරු මතක පොතින්
මතක කිහිපයක් අරගෙන
නිහඬව ලොවට පිපෙන මල් කැකුළුව සිටියෙමු අපි
එකම ගසේ එක අත්තක සතුටු මුවෙන්
කැකුළු වුවත් හෙට දවසේ
යථාර්ථයට යායුතු වෙයි
එකම ගසේ සිටියත් අපි
වෙන්වීලා යන්නට වෙයි
අවසරයි සබඳ
ඔබේ හැඟුමන් කෙටි කරන්න
අපේ මියුරු මතක පොතින්
මතක කිහිපයක් අරගෙන
සැමදා අපේ සබැඳියාව තියේවි
මගේ හදවත තුල ලස්සනට පිපුණු මලක් විලස
- තාරුකා කරුණාරත්න-
0 comments:
Post a Comment