05 - 08 - 2019
අද අපිට rules ටික කියලා දීලා ඉවර කළා.. ඒකෙන් පස්සේ dummy test එක.. test එක අතරේ අපේ ඔක්කොම කොල්ලොයි ( විමුක්තියි, birthday මල්ලියි හැර ) සිකුරාදා batch එකේ කෙල්ලොයි ඔක්කොම tea බොන්න ගිහින්..තිවංශි අක්කට තරහ ගිය පාර කට්ටියම brown tags (Team Leaders)දාල තියෙන අය්යලා ගාවට දැම්මා.. එයාලට සුළුවෙන් ජාතිය අමතලා ..
අපිවත් ගෙන්නලා ඔක්කොගෙම ජාතිය ඇමතුවා.. Punishment එකක් විදිහට Thursday deploy test එක බදදාට දැම්මා..
ඕකෙන් පස්සේ trip එක යන්නෙ නෑ කියලා කොල්ලො set එකම තීරණය කරලා.. හේතුව කරපු වැරැද්දට බැන්න එක..
අද birthdays 3යි.. සිකුරාදා batch එකේ ශාහිනීගෙ එහාපැත්තෙ ඉන්න මල්ලිගෙයි ( birthday මල්ලි ) තව අයියලා දෙන්නෙක්ගෙයි..
Office එකේ custom එක ජාතික ගීය ඉවර වුණාට පස්සේ හැමෝම පෝලිමට ගිහින් birthday personට wish කරන එක.. ඉතින් අද අපිත් ගිහින් 3 දෙන්නාටම wish කළා..හවසත් birthday celebration වෙනදා වගේ තිබ්බා. හෙට ඉඳන් ශාහිනීගේ bfත් 3වෙනි වැඩ ලෝකෙට එනවා..
06 - 08 - 2019
අද අපිට දෙවෙනි dumy test එක දුන්නා.. අද test එකෙන් තෝරගන්න හොඳ අය හෙට deploy test එකට දානවා.. Test එක කරන අතරේ තිවංශි අක්කා එක එක්කෙනා ලඟට කතා කරලා කළින් clip එකේ වැරදි පෙන්නලා error comments දානවා.. මගේ clip එකේ comments 21යි..
අද clip එක QC / Team leadersලා තමයි check කරන්නේ.... දැන් දැන් ඉඳලා සිකුරාදා batch එකේ girlsලා අපිත් එක්ක කතා කරනවා. මන් හිතුවා වගේ ඒ අය කතා කරද්දි නම් අවුලක් නැහැ. ඒ වගේම කාලෙකට පස්සේ ශනුරි canteen එකේදි අද හම්බුණා.. එයා දැන් deploy වෙලා සතියක් විතර වගේ.. කියන්න තරම් විශේෂයක් නැති ආගිය තොරතුරු තමයි ඉතින් කතා කලේ.. Trip එක යන එක ගැන එයා හිතනවා කිව්වා.. කියපු විදියෙන් නම් එයා එන්න කැමතියි වගේ..
Lunch එකෙන් පස්සේ ධනුශ්.. මට අල බෝලෙ කියලා නමකුත් දාලා.. "කොටට කොටේ ඉඳගෙන කොහෙද ඉතින් ඇවිදින මිනිස්සු එකක්වත් හරියට පෙනවයැ.."😠😒😠😒 මොනවා කියන්නද ඉතින් මම..
නවීන්ට නම් අද එපා වෙලා හිටියේ.. දෙතුන්පාරක්ම මගෙන් ඇහුවා දිගටම එනවද කියලත්..
මේ එයා කරන පළවෙනි job එක.. Salary එක කොච්චර අරපිරිමැස්මෙන්ද කරන්න ඕනේ..?? Job එකක් නැති වුණාම ආයි එකක් හොයාගන්න කොච්චර අමාරුයිද? එයාට job එකක් හරි ගිහින් නිසා මන් මොකුත් කිව්වේ නැහැ.. ඒත් මන්ම තනියම හිතුවා මන් job එකක් කර කරම ඉගෙනගන්න කරන වියදම් කිරිල්ල නැත්නම් මටත් මේ වගේ ප්‍රශ්නවලට කොච්චර ලේසියෙන් උත්තර දෙන්න තිබ්බද කියලත්...
මගේ clip එක check කලේ මගේ ඉස්සරහා pc එකේ ඉන්න team leader .. දාපු comments 22යි. Occlusion errors තමයි වැඩිපුරම තිබ්බේ . හිමාශා නම් lunch hour එකේදිම කිව්වා එයාට අක්කා හෙට test එක කරන්න කිව්වා කියලා.. තේරුණ අයගෙන් භාගෙකට වඩා කොල්ලො..
කට්ටිය off වෙද්දි අක්ක මට නවතින්න කිව්ව. එයා TL අයියගෙන් මගේ අඩුපාඩු ඇහුවා. ඊටපස්සේ අක්කා කිව්ව මන් pending list එකේ ඉන්න නිසා හෙට exam එක තියෙනවද නැද්ද කියලා කියන්න අමාරුයි කියලා. ඊයේ ඉඳන් අපි ගෙදර යන්න 5.30ට එන කිරිවත්තුඩුව bus එක තෝර ගත්තා.වත්තේගෙදර halt එකේ ඉද්දි තිවංශි අක්කයි, හර්ෂි අක්කයි අපිත් එක්ක හිනාවීගෙනම අපිව පහු කරගෙන ගියා.
07 - 08 -2019
07 - 08 -2019
අද වෙනදා විදිහටම පුරහල එකේ එද්දි බහින්න ළංවෙලා දොර ගාවට ආවාම හර්ෂි අක්කාත් එතනම හිටියා. එකෙන් බැහැලා කතා කර කර අපි එකට ආවා..
නවීන් අද ආවේ නැහැ..එයාට ප්‍රාදේශීය සභාවක තමයි job එක හම්බුවෙලා තියෙන්නේ.. ඒ වගේම ඊළඟ මාසේ එයාට පත්වීම් බාරගන්න තියෙන්නෙත්..
උදේම තිවංශි අක්කා ඇවිත් මටයි විමුක්තිටයි කිව්වා ඔය දෙන්නත් අද test එකට ලෑස්ති වෙන්න. ඔය දෙන්නා තමයි pending list හිටියේ කියලා..
අපි දෙන්නත් එක්ක අද test එක කරන ඔක්කොම අය 9 දෙනයි. 350ක clip එකක් තමයි අදින්න තිබ්බේ.. Attributes 1200 ගානක්.. පැය 4කදි ඔක්කොම ඇන්ඳා..
Test එක කරන අතරෙදි තිවංශි අක්කා හිමාශිගෙන් ඇහුවා trip එක යනවද කියලා.. හිමාශි ඔව් කියන්න ඇති. තිවංශි අක්කා හයියෙන් හිනාවෙලා කිව්වා ඔයා එක යනකම් ගොඩක් අය බලන් ඉන්නවා කියලා.. Lunch එකේදි හිමාශි කිව්වා එකට නම් ලියන්න ආපු අයියා එයාගෙන් යාළු වෙන්න අහනවා කියලා..හිමාශිගේ හැටි ලාවට වගේ තේරෙන නිසා trip එක දවසෙයි ඊට පස්සෙයි අපිට අහගෙන ඉන්න ගොඩක් දේවල් තියෙයි කියලත් මට හිතුණා..
clip එක check කරල ඉවරවෙලා ඉද්දි ධනුෂ් මාත් එක්ක මන් කතා කර කර හිටියා.. එයත් දෙවෙනි වැඩලෝකෙ නුගේගොඩ branch එකේ හිටපු කෙනෙක්... මන් මාෂාගේ team එකේ කිව්වාම එයා කිව්වා ඒක තමයි accuracy ඔච්චර හොඳ කියලා.. මාෂාගේ team එකේ ඉඳලා පිට team එකක කෙනෙක්ගෙන් අහපු පළවෙනි හොඳේ තමයි ඒ..හැබැයි ධනුෂ්ගේ කට කටක් නෙමෙයි.. මාව දැක්කාම ආදරේ හිතෙනවලු. ගෙදරටම ඇවිත් කතා කරන්න අම්මගේ no එක දෙන්නලු.. හැබැයි ඉස්සෙල්ලම හදවත දුන්නේ සෝමාටලු. ඒත් ඒක ඉතින් අවුලක් නෑලු. ගෙදර කාමර දෙකක්ම තියෙනවලු. හිමාශත් හොඳයිලු.. ඒත් එයාට වඩා මට කැමතියිලු.. අපි කැමති නම් එයාට shift එකට වැඩ කරන්න පුළුවන්ලු.. වටේම උන් හිනාවෙනවා .. මොනා කරන්නද ? ඒ කටට නම් break නැහැ.
මන් Lunch එකෙන් පස්සේත් ඇවිත් දහපාරකටත් වඩා clip check කළා.. ඒත් QC අක්කා ඇවිත් check කරලා comments 6ක් දැම්මා.. ඒකේ තේරුම ඉතින් මන් හෙට deploy කියන එක තමයි.. Comments 8කට වඩා වැඩි වෙන්න බෑ කියන එක තමයි rule එක. ශාහිනීගේ යාළුවා වෙනදට අපිට කළින් halt එකට ඇවිත් මත්තෙගොඩ bus එකක් එනකන් බලන් ඉන්නවා. ඊයේ ශාහිනී මට කිව්වා එයාටත් මේ 280 එකේ යන එක ලේසියි කියලා. ඉතින් අද ශාහිනී ඇහුවා එයා ඇයි මත්තෙගොඩ bus එකකම යන්නේ කියලා.. එයා දුන්න උත්තරේට මට මහ හයියෙන් හිනා ගියා.. එයා කිව්වා මත්තෙගොඩ bus වල සෙනඟ අඩුයි කියලා.. කොහොමහරි අද එයා අපිත් එක්ක කිරිවත්තුඩුව bus එකේ යන්න ආවා..
08 - 08 -2019
ඉතින් අද දවසෙම වගේ අපිට ලොකු වැඩක් තිබ්බේ නැහැ. Logins හදන්නෙත් අක්කලානේ.. අද අපේ අනිත් කට්ටියට deployment test එක තිබ්බා..හවස අපිව එළියට ගෙනිහින් team leadersla වෙනමම අපිත් එක්ක කතා කළා..
Brown tags දාගෙන ඉන්නේ team leadersලා තමයි. අපේ department එකට TLලා දෙන්නයි.. දක්ශින.. සුපුන්.. මොනා වුණත් කියලා වැඩක් නෑ.. තුන්වෙනි වැඩ ලෝකේ interview එකේ ඉඳලා එකෙන් කරන හැම වැඩක්ම මාරම පිළිවෙලයි.. Team induction එකත් හොඳට වුණා..
දවසේ target එක 1750යි.. දවස් දහයකට තමා 1750. මොක්ද කිව්වොත් ඇවිල්ලා team එකත් එක්ක move වෙන ගමන් speed හදාගන්න තමයි ඒ දවස් 10 දීලා තියෙන්නෙ..ඊටපස්සේ target එකෙන් 75% achieve කරන්න ඕනේ. One month ඇතුලත 3500 එකට යන්න ඕනේ. අපි දෙනාගෙන් 4ක් දක්ශින අයියාගේ team එකට..
අනිත් අය ඒ කියන්නේ මාත් ඇතුළුව ඉතුරු පස්දෙනා සුපුන්ගේ team එකට.විමුක්ති , මම, හිමාශා, සිපයියා ,silent, ගලයා තමයි ඒ පස්දෙනා..අර හිමාශාගෙ පස්සෙන් එන කොල්ලා නිසා මන් හිතුවෙම හිමාශාව අනිත් එක වැටෙයි කියලා.. ඇත්තටම එයා එහෙම මන් ඉන්න පැත්තකටවක් එන්න එපා කියලා මන් යටි හිතින් ප්‍රාර්ථනා කළා..ඒ වගේම මට හිමාශව පෙන්නන්න බැරි ගතියකුත් තියෙනවා. මොකද එයාගේ වැඩ නම් අන්තිමයි..
දවස් ගානකට කලින් ඉඳන් මට තේරිලා තියෙනවා එයා පෙන්නුවෙ නැති වුණත් මන් කරන දේවල් ගැන ටිකක් අවදානෙන් ඉන්නවා කියලා.. හරියට compare කරන්න වගේ.. (අපි දෙයක් කළොත් එයත් ඒක අනිවාර්යෙන්ම clip එකේ කරලා තියෙනවා වගේ.. එයා පිළිවෙලකට කරන එක නම් ඇත්ත) එයා ඒක පෙන්නන්නේ නැතුව ඉන්න හරි දක්ෂයි.. ඒක ඕනෙම කෙනෙක්ට තේරෙන්නේ හරිම සාමාන්‍ය හැසිරීමක් ගාණට. ඒත් ඇත්තටම හැම ජාතියකම වගේ මිනිස්සු එක්ක ඉඳලා මිනිහෙක් හැසිරෙන්නේ මොනාටද කියන එක ගැන මට ඉවෙන් වගේ තේරෙනවා.. අද තිවංශි අක්කා ඇහුවා bf කෙනෙක් ඉන්නවද කියලා එයාගෙන්.. මෙයා ගත් කටටම කිව්වනේ නෑ කියලා..
විමුක්තියි, සිපයියයි එක සැරේට මගේ මූණ දිහා බැළුවා.. .. අපේ team එකම එනකන් අර කොල්ලා හිටියනේ මෙහෙම බඩුවක් අල්ලගන්න කියලා මට හිනා ගියා..
හවස යද්දිත් ශාහිනී මගෙන් ඔය කතාව ඇහුවා... ගයාන් අයියත් හිමාශාට line වගේ කියලා ශාහිනී මට කිව්වා.. ඒත් ඇත්තටම හිමාශාට වගේ office එකෙන් පිට ගයාන් අයියටත් love එකක් තියෙනවා..
0 comments:
Post a Comment