පොඩි කාලේ 8
👶 👶 👶 👶 👶 👶 👶 👶
ආච්චීලාගේ ගෙදර එදවස මල්ගස් වලින් හා පළතුරු එළවළු පැළ වලින් ගහණ විය.ඒ සියලුම ගස් වලට ආච්චී අතින්ම සත්කාර කළ අතර ඇගේ වත්තේ කිසිවක් නොවැවූ තැනක් නොමැති විය.
🌴 🌺 🌱 🌹 🌴 🌺 🌱 🌹 🌴
නිවසේ ප්‍රධාන දොරටුවෙන් ඊසාන දෙසට මිදුල මැද්දේ පිහිටියේ තඩි අඹ ගසකි.. අඹ ගසේ විශාලත්වයටම සරිලන පරිදි ගස වැසීමට තරම් වූ දිමි ගහණයක් එහි ජීවත් විය. කොළ ඉදී බිම වැටෙන විට කොළ සමඟ බහුලව දිමි ගොටු බිමට වැටීම නිස මිදුලේද දිමියන් සුළු හෝ මහා පරිමාණයෙන් ව්‍යාප්තව සිටියහ. මා ඉතා කුඩා කල සැබවින්ම දිමියන් නොසිටි අතර මා හට අවුරුදු 3/4 වූ අවදියේදි දිමියන්ගේ බහුල වැඩිවීම මට මතකය.ඇඟේ ඇලවී විකා කන දිමියන් මට පෙනෙන්නට බැරිය. දැකපු තැන උන් මරා දැමීමට මා මනාපය. ඇඟේ ඇලවී සිටින දිමියන් ගැලවීම කූඩැල්ලන් ගලවනවාට හපන්ය. දිමියන් ගැලවීමේදී උන්ගේ බෙල්ලද අත පයද වෙන වෙනම ගැලවී යන්නේ මහ එපා කරපු ගඳක්ද සමඟිණි..පසු කලෙක ගස කපා දැමුවේද දිමි කරදයද එක් හේතුවක් වූ හෙයිනි. කැපුවේ මයිකල් මාමාය. එදා වැඩිපුරම දිමියන් කෑවේ ඉස්තෝප්පුවේ සිටි මාවය. උන්ගේ බෙලි ගලවමින් අත් පය ගලවමින් උඩු කය නිරුවත්ව ඉස්තෝප්පුවේ එහෙ මෙහෙ දුවමින් දිමියන්ගෙන් බේරීමට මා දැරූ උත්සහය දැනුදු මට මතකය. දිමියන්ගේ එපා කරපු ගඳින් බේරීමට එදින විශේෂයෙන් නෑමට සිදු විය.
🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜 🐜
ඒ කෙසේ වූවද අඹ ගහේ ගෙඩි නම් පංකාදු පහකි. එහි ගෙඩි නොකෑ ප්‍රදේශවාසීන් ගණන විරල විය. ගෙඩි සෑදී තිබෙන කාලයට ගේ අසලින් යන ප්‍රදේශවාසීන් එදවස නිතරම ඇසුවේ අඹ නැත්ද යන්න ලෙසිනි. විකිණීමට හෝ ගෙදර ප්‍රයෝජනයට අඹ ඉල්ලන අයට ආච්චී මදි නොකියන්න අඹ කඩා ගන්නා ලෙස පවසයි. නමුදු අඹ කැඩීමට කොල්ලො කුරුට්ටන් පැමිණි විට ඔවුන්ට අඹ කැඩීමට සිදුවන්නේ ආච්චිගේ දහසකුත් එකක් වු බාධා මධ්‍යයේය. අඹ ගසට නැග අඹ කඩන්නේ නම් ආච්චී මනාපය. ඒ ගල් පොළු ගැසීම නිසා මිදුලට වන විනාශය අවම වන නිසාය. කොළ හැලී මිදුල හැඩි වනවාට ආච්චී කැමති නැත. මිදුල මෙන්ම ජනේලද බේරා ගැනීම ආච්චිගෙ අරමුණ සේම වත්තේ ඇති ගල් තැන තැන දමා යාමට නොදීම සුළු අබිප්‍රාය වේ. කොල්ලන් ඇවිත් අඹ කඩා යන විට ආච්චී නොහිටියොත් නැවත ගෙදර ආ විට සීයා සමඟ වලියකි. ඒ සීයා මිදුල හැඩි වන එක ගැන වැඩිදුර නොසිතූ බැවිනි.
😂 😂 😂 😂 😂 😂 😂 😂 😂
ආච්චීලාගේ ගෙදර සාදා තිබුනේ වලක බාගයක්ද ඈඳා ගනිමිනි. ඉදිරියට ගෙය තනි තට්ටුවට පෙනුනද පිටුපස සිට බලද්දී ගෙය තට්ටු දෙකකි. වලට උඩින් වූ උඩ මිදුලේ වත්ත කෙලවරට වන්නට උගුරැස්ස ගසක්ද විය. මල්ලිත් මාත් රංඩු කළහොත් හෝ නරක වැඩක් කලහොත් අපි අපායට යනවාය. බොරු කියන මිනිසුන්ව අපායට ඇද ගන්නවාය. ආච්චී පවසන ආකාරයට කටු ඉඹුල් ගහ ලෙස ආච්චී හදුන්වා දුන්නේ උගුරැස්ස ගසය .
🌴 🌴 🌴 🌴 🌴 🌴 🌴 🌴
අප ඉතින් උගුරැස්ස ගසට ලං වන්නේ නැති තරම්ය. නමුදු ආච්චී ගස ලඟින් එහෙ මෙහෙ යයි. ගස අසලම ලොකු කුණු ගොඩක් සාදා පුළුස්සයි. ආච්චී පවසා තිබූ ආකාරයට උගුරැස්ස ගස ගාවට ගියත් ඇතිය. අපායට යයි. එසේ නම් අපායේ ගස පුච්චන ආච්චී අපායට නොයයි. ඒ කෙසේද? ආච්චී දෙවෙනිවර කතාව අළුත් කළාය. ගස ඇල්ලුවොත් පමණක් අපායට යයි. කටු පෑගුවොත් අපායට යයි ලෙසයි.. දිනක් ආච්චීද නොමැති අවස්තාවක මාත් මල්ලිත් ගස අසලට ගියෙමු. අල්ලන්න එපා ඔයා අපායට යයි. මන් මහ හයියෙන් කෑ ගැසුවේ මල්ලිටය. එහෙම වෙන්නෑ. මල්ලි ගසේ කටුවක් ස්පර්ශ කර පෙන්වූයේය. මන් කලිනුත් ඇල්ලුවා.. ඔහු කීය.. මන් ගොනෙකු සේ තදින් වැසූ ඇස් විවර කරමින් අත් දෙක කන් දෙකේ තබා තද කරමින් බලා සිටියෙමි. මල්ලී අපායට ගියේ නැත. අද සේම ඔහු පොඩි කාලේද බකම පණ්ඩිතයෙකි. කරන්නේම එපා කියන වැඩය.
😝 😝 😝 😝 😝 😝 😝 😝

0 comments:
Post a Comment