චූටි කාලෙ මාහට කක්කා දැමීමට පවසා රෝසපාට පොඩි කක්කා පෝච්චියෙ වාඩ් කරවා මා එසේ වාඩි කරවූ කෙනා වෙනත් වැඩක යෙදේ නම් මා කක්කා පෝච්චිය කකුල් දෙකින් අද්දමින් පොළව සූරමින් ගෙයි පිටුපස සිට කාමරයක් කාමරයක් වෙතද ඉන්පසු ගෙයි ඉදිරිපස වෙතද යන්නේලු. ඇතැම් රාත්‍රීවල රෑ අටේ පුවත්ද මා බලන්නේ නිවසේ පිටුපස සිට ඉදිරිපසට පැමිණ එලෙස කක්කා දමමිනි. ලොකු මාමා මෙයට විරුද්ධ වී මා නැවතත් ගෙයි පිටුපසට එළවූ අවස්තාද ඇතිබව අම්මා මට කියා තිබේ.
කෙසේ නමුදු අදවන විට මා වැඩුණු තරුණියක බැවින් කුඩා කළ පිළිබදව මතකයන් අනුව කෙලෙසක එසේ හැසිරුණිදැයි මා හටම සිතාගත නොහැක.
0 comments:
Post a Comment