ගැහැණු ළමයාගේ කතාව - පොඩි කාලේ (12)

පොඩි කාලේ (12)

👶     👶      👶      👶      👶      👶       👶
කල්යත්ම අම්මා නැවත රැකියාවට යන්නට පටන්ගත් පසු  පොඩි කාලේ මා අපේ ගෙදර සිටිනවාටත් වඩා සිටියේ පාරෙන් එහා පැත්තේ තිබූ අමි ආච්චිලාගේ ගෙදරය.

පොඩි කාලයේ මා සදහා බත් කැවීම භාරගෙන තිබුනේ අමි ආච්චිය. අම්මා හෝ ආච්චී තඩි බත් පිගානකුත් සමග මා අමි ආචිචිට භාර දෙයි. අමි ආච්චී මට බත් කවන්නේ රාස්සයාගේ කතාව කියමිනි. අම්මා දැනට කියන ආකාරයට එකල ඇතැම් විට උදේට හෝ රෑට පාන් භාගයක්ම කවා ඇත්තේ අමි ආච්චිට පින් සිදු වන්නටය. 

අමි ආච්චිලාගේ ගෙදර ඉස්සරහ දොර දෙපැත්තේ බිත්ති කණු දෙක අතර තිබූ පොඩි පඩි දෙකෙන් දකුණු පැත්තේ මාව වම් පැත්තේ වාඩි කරවා අමි ආච්චිද වාඩි වෙයි.ඉන්පසුව අමි ආච්චී තඩි බත් පිගාන මට කවන්නේ රාස්සයාගේ කතාව කියමිනි.බත් පිගානේ විශාලත්වය අනුව කතාව දිග හෝ කොට වූ බව මා දැන් දන්නේ අදටද අමි ආච්චී එය හිනා වෙමින් මතක් කරන නිසාවෙනි.

එහෙත් පොඩි කාලේ මට කවද්දී අමි ආච්චී මුහුණ පා ඇති ප්‍රදාන ගැටළුව වී ඇත්තේ පෙර දවසේ කියූ කතාව මා හොදින් මතක තබා ගැනීමයි. ඒ නිසා සෑම දිනකම කතාව ආරම්භ කිරීමට පෙර සෑම දිනකම අද කියාන්නේ ඊයෙ කියපු රාස්සයා ගැන නෙමේ අලුත් රාස්සයෙක් ගැන යනුවෙන් කීමට අසරණ ඇයට සිදු වී ඇත. ඇතැම් දිනවල කාක්කාගේ කතාවද කියයි. එහි අන්තිමට කේජු කෑල්ල කෑ නරියා කලින් දවසේ කතාවේ සිටි රාස්සයා විසින් කන අවස්තාද විරල නොවේ. මේ නිසා අරාබි නිසොල්ලාසයේ කතාද අමි ආච්චිගේ කතා වලට පරාද බව  මගේ අදහසයි.

ඒ කොහොම වුණත් පොඩි මම බත් ඉවර වෙනකම් කා ඇත.
😁    😁    😁    😁    😁    😁    😁     😁

0 comments:

Post a Comment