පොඩි කාලේ (9)
👶 👶 👶 👶 👶 👶 👶 👶
මල්ලීව ඉස්පිරිතාලෙන් ගෙන අවුත් මාස කිහිපයකට පසු මට පුදුමාකාර රෝගී
තත්වයන් ඇතිවී තිබේ. රෝග පරීක්ෂණයට යූරියා කල්චර්ස් පවා ගන්නවා මට මතකය.
පළමු වරට ලොකු වෛද්‍ය මද්‍යස්ථානයකට කියා ගියේ එහිය. එහි තිබූ සුවඳට මා
ඉතා ආශා කළෙමි. කෙසේ හෝ අවසානයේ දොස්තර මහතා මගෙන් ඔයාගේ
ප්‍රශ්නේ මොකද්ද කියා අසා ඇත. මා පවසා ඇත්තේ මල්ලි කෙනෙක් ගෙනාවා යන්නයි.
දොස්තර මහතාද එහෙනම් වැඩේ හරි යනුවෙන් පවසා ඇත.
එදායින් පසු මා බලා ගැනීම තාත්තා බාරගෙන ඇත. සැබවින්ම මා ඉපදෙනතුරු වැඩට ගිය අම්මා මගේ ඉපදීමත් සමඟ වැඩට නොගොස් ඇති අතර නැවතත් සුදු අංකල් එනම් අම්මගේ වැඩ ලෝකයේ ප්‍රධානියා සෙනසුරාදා නිවාඩු සහ ගමනාගමන පහසුකම් දෙන බව පවසමින් වැඩට ගෙන්වා ගෙන ඇත. එහෙත් නිතරම අම්මා මා ළඟ සිටියාය. ඇය සමඟ මා බොහෝ දේ කළෙමි. මල්ලී බිහිවන තෙක් අවුරුදු දෙකක් පුරාවට මා සිටියේ සැමගේ අවධානය මැදය. අදටද චුට්ට බැරිවූ විට මා හට ඉක්මනින් දුක සිතේ.

0 comments:
Post a Comment