පොඩි කාලේ (#)
👶 👶 👶 👶 👶 👶 👶
මට මතක ඇති හැම කාලෙකම ආච්චිලගෙ ගෙදර කුකුළ්ලු සිටියෝය. පීරිස් ආතා හා සුදු ආච්චී යනු අපේ අසල්වාසියෝය.. විශාල මී හරක් පට්ටියක් ඔවුන් සතුවිය. 🐮 🐴 🐮 🐮 එම නිසා පීරිස් ආතා දවසේ වැඩි කාලයක් හිටියේ අමුඩයක් පිටිනි. එම හරක්ගෙන් ලබා ගන්නා කිරි වලින් පීරිස් ආච්චි හරි රසට මී කිරි හදනවාය..එම කාර්ය ඇය මිය යන තෙක්ම එක දිගට සිදු විය. ගොඩ මඩ ඉඩම් තිබූ ඔවුන් වගාකල සියල්ල විකිණූ අතර.. ගෙදර හදන මී කිරිද විකුණන ලදී. නමුත් අපේ ආච්චී ඇයගේ යහලුවෙකු වූ නිසාත් ..සීයා ගමේ වැදගත් පුද්ගලයෙක් වූ නිසාත් සිරිතක් ලෙස ඇය මීකිරි අප හට නොමිලේම ලබාදුන්නාය. 🍚 ඇය මිය ගිය පසු සෑම දෙනෙකුටම මතක තිබුණේ මී කිරිවල රස නැවතත් අත්දැකීමට නොලැබෙන බවය.
ඔවුන්ටද කුකුළන්ද සිටියෝය. 🐔 🐔 🐔 🐔 🐔 සමහර කාලෙක අපේ ආච්චි බිත්තර රක්කනවාය. වතාවක් එසේ කරද්දි ආච්චි පීරිස් ආතාට පැවසූයේ මේ සැරේ බිත්තර ඔක්කොම නරක් වෙලා ඇත කියාය. වැස්ස කාලෙට බිත්තර රක්කන්නෑ මැණිකේ යැයි මී කිරි ගෙනා ඔහුගෙන් ආච්චීට ලැබුණු පිළිතුර විය. මාද කුකුල් කූඩුව දෙස බැලූ විට එහි තෙත පිදුරු තිබූ බව ලාවට මතකයේ ඇත. පහුවදා පීරිස් ආතා සුදු ආච්චී (පීරිස් ආච්චී) ගෙන් ඉල්ලාගත් රක්කන්නටම වෙන් කර තිබූ බිත්තර ටිකක් ගෙනවිත් ආච්චීට වැසි කාලයේදී බිත්තර රක්කන ආකාරය කියා දුන්නේය. ඒ වතාවේ අපිට කහ පාට කුකුල් පැටව් 5ක් විතර හම්බුවිණ. 🐣 🐣 🐣 🐣 කහ පාට බෝල ගෙඩිවන් උන්ව පූසන්ගෙන් පරිස්සම් කිරීම ආච්චී මට බාර කලාය. තවද ඔවුන් තරමක් ලොකු වන තෙක් පොඩි පැටවුන් සහ මවු කිකිලිය ඈතට නොයෑමට නොදී ඇස් මායිමේ තබා ගැනීමටද මා හට සිදු විය. සවසට කුඩා පැටවුන්ව කූඩුවට ගෙනයාමද මා සිදු කලෙමි. 🐥 🐥 🐥 🐥 🐥 🐥 🐥 🐥 උන් කුඩා කාලයේදී ආච්චී උන් කුකුලන්ද කිකිලියන්ද බව දැන සිටියාය. එය පීරිස් ආතා සමගද කියනු මා අසා සිටියෙමි. මා ඇසූ විට ආච්චී කිව්වේ උන්ගේ හොටෙන් හා තටු වලින් එසේ හදුනාගැනීම් කරනා බවය. නමුත් අද වෙන තෙක් එසේ පැටවුන් හදුනා ගැනීමට මට හැකිවී නැත. එතැන් පටන් අවස්ථා කීපයකදීම බිත්තර රැක්කවූවද එසේ බිහිවන පැටවුන් හෝතම්බුවන්/ වෙනත් සතුන් විසින් කෑම නිසා ආච්චී බිත්තර රැක්කවීම නවත්තන ලදී. එහෙත් මට මතක කාලෙදි හම්බුවුන මා කුඩා කල බලාගත් කුකුල් පැටවා (සාෂා) අවුරුදු 14ක් පමණ ජීවත් විය. 🐔......

0 comments:
Post a Comment