පොඩි කාලේ (6)
👶 👶 👶 👶 👶 👶 👶 👶
මට තදින්ම නංගි කෙනෙක් උවමනා වී සිටියද මල්ලි ඉපදෙන්නට සිටින කාලය මට ඉතාමත් නොවූ එහෙත් යාන්තමට මතක ඇත.

ඇය නිසා එවකට මට මිඩ්වයිෆ් කෙනෙක් වීමේ පිස්සුවක්ද ඇතිවිය. ඒ ඇසූ ඇය මහ හයියෙන් සිනාසී "අපිට වෙලා තියෙන දේ පේනවනේ. මිඩ්වයිෆ් කෙනෙක් වෙන්න හිතන්නවත් එපා. කකුල් කැඩෙනකම් අපි ඇවිදිනවා. කොච්චර කිව්වත් සායනවලට එන්නෙ නැති අම්මලා ඉන්නවා. අන්තිමට ඔක්කොම අපේ පිටින් යනවා." යැයි පවසමින් අම්මා සමග කියවන්නිය. 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
ඉන්පසු "සායනය තියෙන දවසට ආයිත් එන්න. මේ සැරේවත් කොක්කේ එල්ලන්නම්" යැයි මා හට පවසන්නීය. එසේ පවසන්නේ බොහෝ ළමයි දුඹුරුපාට උරයක දමා ළමා සායනයේදී කොක්කේ එල්ලුවද මා පමණක් තරාදියක තබන බැවිනි. මා බර වැඩි බව ආච්චි හෝ අම්මා පැවසුවද කෙදිනකවත් මා කොක්කේ නොඑල්ලන බැවින් ළමා සායනයට ගොස් ආපසු මා එන්නේ මුහුණ දික් කරගෙන හෝ අඬමිනි. බරවැඩි නිසා මට එකල සමපෝෂ ද හමුනොවිණි. එහෙත් මා ගැන දුක් උපදවාගත් බෝල මිඩ්වයිෆ් ඇන්ටි කෙසේ හෝ සමපෝෂ පැකැට්ටුව මා සතු කරයි.
0 comments:
Post a Comment