ගැහැණු ළමයාගේ කතාව - පොඩි කාලේ (8)

  පොඩි කාලේ (8)

👶    👶    👶   👶    👶   👶   👶   👶
මට අවුරුදු 2 වූ පසු අම්මා මට සෙල්ලම් කිරීමට මල්ලි කෙනෙක් ඉස්පිරිතාලේ කාණුවෙන් ගෙනාවාය.එදා උදේම අම්මා තාත්තාත් එක්ක ඉස්පිරිතාලෙට ගියේ බයිසිකලයෙනි. 🚲    🚲
මා සිටියේ නිදාගෙනය. පොඩි මාමා මා අවදි කරවා පැවසූයේ අම්මලා මල්ලි ගෙන ඒමට ඉස්පිරිතාලේ යන බවය. 🏥  මා හනි හනික දුව යද්දී අම්මා බයිසිකලයට නැගද අවසන්ය. අම්මා මා අමතා ඔවුන් මල්ලී ගෙන ඒමට යන බවත්.. හඩමින් අච්චීට කරදර නොකරන ලෙසත් පවසූවාය.
මා එකග වූයෙමි. අම්මලා ආපසු පැමිණියේ හවස් වරුවකය. මා එවිට ලොකු මාමාගේ ඇදෙහි නිදන් උන්නෙමි. ඉස්සරහ ගෙදර දෝණි පුන්චීත්, බබී පුන්චීත් පැමිණ මා ඇහරවා මල්ලී ගෙන ආ බව පැවසුවෝය. මා දුව ගොස් කාමරයේ බැලූයෙමි... රෝස හා කලු පාට මල්ලී කෙනෙක් මට ලැබී තිබිණි. 😁   😁   😁   😁   😁   😁

0 comments:

Post a Comment