පොඩි කාලේ (1)
👶 👶 👶 👶 👶 👶 👶 👶
මන් පාඨක ඔබෙන් ප්‍රශ්නයක් අසමි. ඒ ගැහැණු ළමයෙකුට අතීතයේ වුන දේවල්
කොච්චර කාලයක් මතක තියෙනවද යන්නයි.. නමුත් මමද ඔබෙන් පිළිතුරක්
බලාපොරොත්තු නොවෙමි. මක් නිසාද යත්.. මටද එයට නිශ්චිත පිළිතුරක් දිය නොහැකි
නිසාවෙනි.
මගේ කුඩාකල මතකයන් රාශියකි. මා උපත ලැබුවේ 1996 වර්ශයේ ආදරණීයයන්ගේ මාසයේ 💑 ආදරණියයන්ගේ දිනයට පසු දිනයි. එහෙත් අම්මාට දවසක් ඉක්මන් වී මා බිහි කිරීමට තිබුනි.එසේ වූවනම් මාගේ නම වැලන්ටිනා වීමට ඉඩ තිබිණි. ❤ ❤ ❤
කෙසේ වෙතත් 14-15 යන දෙදිනම මට තෑගි එක දිගට ලැබේ යැයි එකල කළලයක් වී සිටි මා විශ්වාස කරන්නට ඇත.එම නිසා 15 ඉපදීමට මා තීරණය කරන්නට ඇත. කෙසේ වෙතත් මේ වෙන තෙක් 14 වෙනි දින තෑගි දීම සදහා තවමත් කෙනෙක් ඉදිරිපත් වී නොමැත.එය වෙනම කතාවකි.
අම්මා පවසන ආකාරයට මා ඉපදී ඇත්තේ රාත්‍රී කාලයේය. ඉපදී ඇත්තේ කිනම් වෙලාවකද යන්න අම්මාවත් නොදනී... මා උපත ලබා ඇත්තේ සාමාන්‍ය දරු උපතක් ලෙස නිසා අම්මාට එය මතක නොහිටීම සාදාරණය. ☑ ☑ ඉස්පිරිතාලෙන් දී ඇති උපත් වෙලාව 7.38 වන අතර.. ජෝතීශ්‍යවේදී මහතා පවසන ආකාරයට මා ඉපදී ඇත්තේ 7.58ටය. මට හැගෙන ආකාරයට 7.38ට මගේ ඔලුවද 7.58ට මගේ කකුල් දෙකද එලියට එන්නට ඇත.විනාඩි 20 පුරා මා බිහි වී ඇත. එය මගේ තර්කයයි.. කාහටවත් එහි වරදක් කීමට නොහැක.. එදින මුලු රාත්‍රී කාලයේම මාගේ පින් මහිමය නිසා දරුණු වැස්සක් වැස ඇත. ☔ ☔ පාන්දර 3 වෙනකම් මා නොනවත්වා හඩා ඇත. අම්මා පව්ය. මුලු රාත්‍රියේදිම ඇය මා වඩාගෙන වාට්ටුව පුරා ඇවිදමින් සිට ඇත .එදිනට පසු දින අම්මා පාසැල් යන කාලයේ සිට සිතාගෙන සිටි පරිදි මා හට තාරුකා ලෙස නම් තබා ඇත.
එහි තේරුම තරුගොන්න යන්නයි. 🌟 🌟 🌟 🌟 🌟 🌟 🌟 🌟 🌟 🌟 🌟
තාත්තා ඊට නිලක්ෂි (නිල් ඇස්) යනුවෙන්ද එක් කර ඇත. නිල් ඇස් තියෙන තරු ගොන්න මමය. නමුත් මා දන්නා පරිදි මට ඇත්තේ තරු ඇස් නොවේ. ඒවා කතාද නොකරයි. කාච දැමීමෙන් මිසක ඒවා නිල් කල නොහැක. 👀 👀 👀 👀 👀
එය එසේ වූවද එදින සිට මා මාගෙ නිවැසියන් හට චූටි දුවද, නෑදෑයන් හට තරූ ද, මාමාට චූටි මැණිකේද, අහල පහල නිවැසියන් හට සුදු නෝනාද විය.

0 comments:
Post a Comment