ගැහැණු ළමයාගේ කතාව - පොඩි කාලේ (4)


 පොඩි කාලේ (4)


👶   👶    👶    👶    👶    👶    👶    👶    👶
මට වයස අවුරුදු 1 1/2 වෙද්දී ලොකු මාමා රට ඉදන් පැමිනියේය. ✈  ✈  ✈ ඔහු එකළ තනිකඩයෙකි. එම නිසා ඔහු එන විට මා සදහා තඩි  🎁 🎁 බෝනික්කෙකුද, 🎹  තඩි ඔර්ගන් එකක්ද 🎹 ගෙනාවේය. ඔහු එන විට ආච්චී සිටියේ මා වඩාගෙනය.  ආ සැනින් ඉදිරිපස දොර ලග සිට ඔහු ඇසුවේ කව්ද මේ වදුරු පැටියා  🐵   යනුවෙනි. මන් ගස්සා අහක බලා ගත්තෙමි. මට ඔහු වැඩිය ඇල්ලුවෙද නැත. පසු කලෙක තෑගි ගෙනා නිසා කැමති වන්නට ඇත. ටික දවසකින් ඔහු විදුලිබල මණ්ඩලයේ සිකුරුටි කෙනෙක් ලෙස රැකියාවට බැදී ඇත.
     👮     👮     👮     👮     👮     👮    👮
දැන් නම් අම්මා පවසන අයුරින් එකල ඔහු සිට ඇත්තේ විදුලිබල මණ්ඩලයම ඔහුගේ යැයි සිතාගෙනය. ඇතැම් විට විදුලිබල අමාත්‍යවරයා යැයි සිතාගෙනය.
පසුව ආරන්චී වූයේ ඔහු රැකියාවට යන ගමන් පන්නිපිටියේ කලු නැන්දා කෙනෙක් සමග හාද වී ඇති බවය. 💘 මාමා සුදුය.  නැන්දා කලු නිසා ආච්චී මෙයට මුලින් කැමති වූයේ නැත.පසුව තවත් වටින් ගොඩින් සෙවූ පසු ආරන්චි වූයේ night duty කියා ගෙදරට කියා ගොස් කලු නැන්දලාගේ ගෙදර සිකුරිටි වැඩේ කරනවා යන්නයි. තවත් කියා පලක් නැති බැවින් ආච්චී මාමාට ඇයව බදින්නට කීවාය.

නමුත් ඇත්ත කතාව එය නොවන බව මා ලගදී දැන ගත්තෙමි. මාමා කාටත් හොරාම  අපේ ගේ ඉස්සරහ හිටපු සුදු නැන්දෙක් එක්කද යාලු වී සිට ඇත. ඒ අතරතුර කලු නැන්දාගේ අයියලා අපේ ගෙදරට මගුල් යෝජනා ගෙන ඇවිත් ඇත.🎎   🎎   🎎   🎎   🎎 එසේ පැමිණි කලු නැන්දාගේ අයියාගේ යාලුවෙක් සමග සුදු නැන්දා යාලු වී ඇත. වැඩේ අහු වූයේ අපේ අම්මටය. එකල අම්මා මගේ තනියට මල්ලී කෙනෙක් ඉස්පිරිතාලේ කාණුවෙන් ගේන්නට සිට ඇත. එය දැන සිට ඇත්තේ අම්මාගේ ගෙදර අයත් .. තාත්තාගේ ගෙදර අයත් පමණි. දවසක්දා අම්මාට තැම්බූ වෙරළු ගෙන ආ සුදු නැන්දා අම්මාගේ සුව දුක් විමසා ඇත.එය අම්මාට ප්‍රශ්නයක් වූයේ ඇය කෙසේ එය දන්නේද යන්නයි. පසුව සුදු නැන්දාත් කලු නැන්දාගේ අය්යාගේ යාළුවාත් තුරුල් වී කතා කරනු අම්මා දැක ඇත.   💏     💏     💏     💏    💏    එයට දවස් කිහිපයකට පසු අම්මාට ආරන්චි වී ඇත්තේ කලු නැන්දාගේ අය්යාගේ යාළුවා කලු නැන්දා හා ඇයගේ අය්යලා ඉදිරිපිටදී ප්‍රකාශ කර ඇත්තේ ඔහු සුදු නැන්දා හා යාලු බවත්..දවසක් දා ඔවුන් කතා කරමින් සිටිනු අපේ අම්මා දැක ඇති බවත්ය.  ඇය පසුපස දේවප්‍රිය  නැමැත්තෙකු යන බවත්ය.
කලු නැන්දාගේ අය්යගේ යාලුවා ලොකු මාමාගේ සම්පූර්ණ නම නොදැන සිටීම නිසාත් සුදු නැන්දා ඒ අපේ ලොකු මාමා කියා නොපැවසීම නිසාත් මෙය මෙසේ සිදුවී ඇත. 
එවිට කලු නැන්දලාගේ අය්යලා අපේ ගෙදර පැමිණ ලොකු මාමාගේ උදව්වෙන් දේවප්‍රිය නැමැත්තා සොයා ඇත.  🔪    🔪    🔪    🔪    🔪     🔪
මෙය ආච්චී දැනගත් විට ඇය. 🔥 මිසයිලයක් මෙන් පුපුරා ඇත .  🔥 හේතුව ලොකු මාමාගේ අනියම් ආදර පටලැවිල්ල නොව, ඒ ආදරය ඇති කරගත් සුදු නැන්දාගේ අම්මාට ගමේ හතර වටේ පිරිමි සිටි නිසා ඒ පව්ල වැදගත් පවුලක් නොවීම නිසා ඔවුන් එක්ක පෑහීමට ආච්චී අකමැති වීමය. එම නිසා අච්චීම කලු නැන්දාගේ කටයුත්ත ඉක්මන් කර ඇත. 🎊    🎎    🎊  පසුව සුදු නැන්දාද කලු නැන්දාගේ අය්යාගේ යාළුවා සමග විවාහපත් වී ඇත.  🎊   🎎    🎊  

0 comments:

Post a Comment