Usual in Daily

Feelings are much like Waves, we can't stop them from coming but we can choose; which one to surf.

School Times

We didn't realize we were making memories, we just knew we having F U N....

ගැහැණු ළමයාගේ කතාව

I'm so thankful I had a childhood before technology took over....

For a better Life

I will love the LIGHT for it shows me the way,yet I will endure the darkness because it shows me the sTaRs...

It's Shows me

A private life is H A P P Y Life


පොඩි කාලේ 20

 කුඩා කාලයේ මතකයන් අතර මා හට අමරණීය වැසි දිනයක් ඇත. එනම් සවසක් රාත්‍රියක් හා උදෑසනක් පුරාවට වැසිවැස අහළ පහළ ගල් කොරිහි පොකුණු උතුරාගිය දිනයයි. එපමණක් නොව එදින රාත්‍රියේ වැස්සෙන් වැටී තිබුණේ මාළුය. එසේ කීවේ උඩහ ගෙදර කලුවා මාමාය.

 "ලොකු එවුන් අල්ලද්දි ආදො වගේ ලිස්සනවා" ඔහු ඔලුවේ සිලිබෑගයක්ද දමාගෙන පාර දෙපසින් ගසාගෙන යන මාලුන් පසුපස එසේ කියමින් හයියෙන් හයියෙන් ඇවිද්දා මට මතකය. එම උදෑසන ඒ අවස්තාවේ ඔහු හා තවත් කිහිපදෙනෙක් මහපාරේ කාණුවෙන් මාලු අල්ලන දෙස මා බලා සිටියේ ආච්චීගේ නිවස ඉදිරිපස වූ පෝටිකෝවේ සිට රෝසපාට කක්කාපෝච්චියට කක්කා දමමිනි. මාගේ පසෙකින් ඒ දෙස සිනහවෙමින් බලා සිටින අම්මාත්, තාත්තාත්, පොඩි මාමාත් අනෙක් පසින් සීයාත් විය. ආච්චී නම් "පව්කාරයෝ" යැයි බනිමින් පෝටිකෝවේ බිම වූ වතුර පිස දැම්මාය.


තාත්තාට අනුව නම් ගල් කොරිවල සිටි ලොකුමාලු එසේ වතුර පහරෙහි සැරට ගසාගෙන පාර දෙසට පැමිණ ඇත. 


කලුමාමා මාලුන් දෙතුන් දෙනෙකු සිලිබෑගයකට දමාගෙන පැමිණ ආච්චීගෙන් ඇසූයේ " නැන්දේ ,නැන්දටත් මාලු දෙන්නදැයි " ලෙසින් පමණි. ආච්චී පරලවිය.  "ගිහින් උබේ අම්මට දීපං. දීලා කන්න හදාගනිං. ඕවා හදන්න මෙහෙ කවුරුත් නෑ." ආච්චීගේ පිළිතුර විය.


එවිට කලුමාමා මාගේ පොඩිමාමාටද කතා කරමින් පැවසූයේ මාලු තවත් ඇල්ලීමට ඔහු හා පැමිණෙන ලෙසයි. පොඩිමාමා ඔහු හා යාමට සූදානම් වන විට ආච්චී ගමනට හරස් කපමින් කීවේ " උඹ ඔය පව්කාර ගමන ගිහින් ආවොත් මන් උඹට මේ පොඩි එකීව අල්ලන්න දෙන්නෙ නෑ " යනුවෙනි. 

"කොහෙන් ගියත් උන් මැරෙනවා." යනුවෙන් පැවසූවද පොඩිමාමා කලුමාමා සමග නොගියේය. 

"ඒකනෙ බන්. උන් පාරෙ මැරෙන්නෙ වාහනවලට යටවෙලා. කාණුවට ගියොත් වේල්ලෙන් කුඹුරට. මඩකාලා තමා නහින්නෙ. එතකොට හොයාගත්තත් සුද්දකරන්න අමාරුයි. කොහොමත් බඩටනෙ. උන් මැරෙන්නෙ අපේ බඩ පුරවලා.උන්ටත් පින්" යනුවෙන් පවසමින් කලුමාමා අප නිවසින් පිටත්වී ගියේය. 


මාමාත් අම්මාත් තාත්තාත් එයට සිනහවෙද්දී වත්තෙන් පිටවීයන කලුමාමාට ඔරවමින්, ආච්චී මා සේදීමට ගෙන ගියාය.

ගැහැණු ළමයාගේ කතාව - පොඩි කාලේ -*

 චූටි කාලෙ මාහට කක්කා දැමීමට පවසා  රෝසපාට පොඩි කක්කා පෝච්චියෙ වාඩ් කරවා මා එසේ වාඩි කරවූ කෙනා වෙනත් වැඩක යෙදේ නම් මා කක්කා පෝච්චිය කකුල් දෙකින් අද්දමින් පොළව සූරමින් ගෙයි පිටුපස සිට කාමරයක් කාමරයක් වෙතද ඉන්පසු ගෙයි ඉදිරිපස වෙතද යන්නේලු. ඇතැම් රාත්‍රීවල රෑ අටේ පුවත්ද මා බලන්නේ නිවසේ පිටුපස සිට ඉදිරිපසට පැමිණ එලෙස කක්කා දමමිනි. ලොකු මාමා මෙයට විරුද්ධ වී මා නැවතත් ගෙයි පිටුපසට එළවූ අවස්තාද ඇතිබව අම්මා මට කියා තිබේ.

කෙසේ නමුදු අදවන විට මා වැඩුණු තරුණියක බැවින් කුඩා කළ පිළිබදව මතකයන් අනුව කෙලෙසක එසේ හැසිරුණිදැයි මා හටම සිතාගත නොහැක.

ගැහැණු ළමයාගේ කතාව

 චූටි කාලයේ මතකයන් අතර අමතක නොවන මතකයන් රාශියක් අතරේ නම නොදන්නා කැළෑ මල්වල මතකයන්ද විශාල ප්‍රමාණයකි.

එකළ අපේ ගෙය සාදනා කාලයයි. ඒ එක්දහස් නවසිය අනූනව වෙනි අවුරුද්ද කියා සිතමි.

රෝසපාට කැලෑමල් විශාල සංඛ්‍යාවක් එකවර පිපෙන ගස් වලින් එකල වත්ත ගහණවිය. ඇත්තෙන්ම ගස් කීවද ඒවා උසට වැඩුණු වල්‍ ශාකය. ගස් බූවසහිතය. කොළද ගෑවුණුවිට කසන සුළුය. මැද දම්පාටවූත් පෙති රෝසපාට වූත් මෙම මල් කඩා මා කරන්නේ හොද ගලකට තබා තැලීමය. මල් තැලීමෙන් තොර ලොවක් එවිට මට නැත. මල්ලීද ඉතාපොඩිය. ඔහු ගස් අස්සේ රිංගා තැලීම සදහා මට මල් ගෙනවිත් දෙයි. එම මල් තැලූවිට සෙවල වැනිය.
මා කටේ තිබෙන කෙල සියල්ල තලන මල්  ගොඩ උඩට තූ දමා ඒ සියල්ල තලමි.

තවද කහපාට ලොකු පෙති සහිත මැද ලේ කුණු පාට වූ මල් සහිත කටු ගස්ද විය. මා ඒවා තලන්නේ වෙනමය.
කොළපාට දිග කූරක දම්පාට මල් එන ගස්ද විශාල ලෙසින් වත්ත පුරා විහිදී තිබිණි. ඒවා හා නිදිකුම්බා එකටත්, ඉහළට ගිය ලොකු නිදිකුම්බා ගස් වල සෑදෙන අන්නාසි ගෙඩි වෙනමත් ලෙසින් තලා දැමුවේ, ගේ සාදන බාසුන්නැහැලාට තේ දීමට ආච්චී සමග පැමිණි වේලාවන්හිදීය.

මල්වලින් මා නොතැලුවේ ගදපානත්, යකඩමරං මලුත් විතරක්මය. ගදපාන ගදය. එදා මෙන්ම අදත් මා ගදපාන මල් වලට කැමති නැ

ගැහැණු ළමයාගේ කතාව - පොඩි කාලේ (11)


පොඩි කාලේ  11

👶   👶   👶   👶   👶   👶   👶   👶 

සුදුපාට , කහපාට සමනලුන් බහුල වූ එම යුගයේ ජුනි ජූලි සිට මද වශයෙනුත් නොවැම්බර් දෙසැම්බර් කාලවල තෙක් වැඩියෙනුත් සමනලුන් එක් දෙසකට එනම් ශ්‍රී පාදස්ථානයට පියාඹන ආකාරය මට මතකය. උන්ට මහන්සි වූ විට වත්තකට ඇවිත් මල් පැණි බී නැවතත් පියාඹන්නෝය. අපේ ගෙදරද ආච්චී මල් වවන්නේ අවාරයේ සිරීපාදෙ යන සමනලුන්ට මල් පැණි බොන්නටය.

🌿    🍀    🍁    🍂    🌿    🍀   🍁   🍂    

සමනලුන් පාර හොයාගන්නේ කොහොමද ඇසූ විට සීයා කියන්නේ සමනලුන් ඒක ඉවෙන් හොයාගන්නා බවය.  පොඩි කාලෙම සමනලයාගේ අම්මයි තාත්තයි ඒක සමනලයාට කියා දෙන බව පේර ආතා කියයි. ආච්චී නම් කියන්නේ සමනලුන්ට පාර හොයා ගන්න ලොකුවට බෝර්ඩ් ගසා ඇති බවය. 🔃     🔚      ↪     🔞.     ⬅⬆⬇  සමනලුන් අකුරු දන්නා නිසා උන් පාර හොයන් යන්නේලු. අපේ පාරේත් බෝර්ඩ් එකක් ඇතිලු. තියෙන්නේ ගෙදරින් තව දුරලු. මන් ප්‍රශ්න ඔක්කොම කල්පනා කරමින් සීයා කිව්වෙ මෙහෙමයි කියා ආච්චීටද ආච්චී කිව්වේ මෙහෙමයි කියා සීයටද කියන විට පේරා ආතා තුනම හරි යැයි කියයි. ලොකු සමනල්ලු එනම් කලින් ගිය අය මතකයෙන් ඉවෙන් වගේ පාර හොයන් යන අතර අම්මලා තාත්තලා එක්ක තවත් සමනල්ලු යති. අමතක උනොත් බෝර්ඩ් බලති. තනියම යන අලුත් අය බෝර්ඩ් බලන් යති. තාත්තා නම් පවසන්නේ සමනලයා මැප් එකක් සාක්කුවේ දමාගෙන යන බවකි. එසේත් නොමැතිනම් පිටේ බැදගෙන.. ඒත් මම දැක්කේ නැහැනේ.. ඒක මට පේන්නේ නැත්තේ උන් මැප් එක කවුරු හරි හොරකම් කරනවාට බයෙන්ලු.මටවත් එය පෙන්නන්නේ නැතිලු.

සමනලුන් රංචු පිටින් පාර දිගේ පියාඹන විට  ආච්චී සීයා සහ මම ඉස්තෝප්පුවේ සිට උන් දෙස නිහඬව බලා සිටින්නෙමු. ඇතැම්විට පේර ආතාද එක් වෙයි. එය වචනයෙන් විස්තර නොකල හැකි අවස්ථාවකි. විවිධ වයස්වල සිටින අපි එක අරමුණකට නොනවත්වා පියාඹන සමනලුන් දෙස බලා සිටින්නෙමු. පාරේ යන වාහන වලට උන් වැදී මැරී යන බව අප දකින්නේ ඇස් ඉදිරිපිටය. උන් මැරී මහපරේ සිටිනු බලන්නට මම පාරට යමි. කැඩුණු අත්තටු සී සී කඩ විසිරී ඇත. ඇතැම් විට සුළඟට ගසාගෙන යයි.ඒ ලෙසට අද දවසේ දැක ගන්නට සමනලුන් සිරීපාදේ යන්නේ නැත. එසේම පොඩි කාලයෙන් පසු අවසන් වරට මියගිය සමනලුන් විශාල ප්‍රමාණයක ගහණයක් දැක්කේ නාමල් උයනේදීය.  චප්ප වූ සමනලයෙක් ගෙන සීයාද සමඟ මම ආපසු එමි. ගමනාන්තයට ලංවන සමනලුන් විරල බව සීයා කියයි. මැරෙන සමනලුන්ට මොනා වේද යන්න සීයාගෙන් ඇසූවිට සීයා කියන්නේ ඒ සමනලුන් බුදු සාදු ගාවට යන බවයි. එතකොට උන් යන්නේ ඒත් බුදු සාදු ගාවට.. එතකොට මැරෙන අයයි අනිත් අයයිත් යන්නේ බුදුසාදු ගාවට??? සීයා ඔව් කියයි. ඉතින් පව්නේ . උන් මැරෙනවානේ.සීයා සිනහ වෙයි. එදා මට වටහා ගත නොහැකි වූයේත් සීයාගෙන් ඇසීමට තරම් තේරුණත් වචන මදි වීම නිසා අසාගත නොහැකිවූයේත් සමනලයා අතරමගට ගිහින් මැරී බුදු සාදු ගාවට යාමේත් සිරීපාදේ ගොස් බුදු සාදු හමුවී මැරී යාමේත් අතර වෙනසයි. එහෙත් අද ඒ දෙකම කළ හැකි වූවත් මා ඒ අනුව කටයුතු කරනවාද යන්න මට ප්‍රෙහෙලිකාවකි.
🐝      🐝      🐝      🐝      🐝      🐝      🐝

ගැහැණු ළමයාගේ කතාව - පොඩි කාලේ (9)

පොඩි කාලේ  9

👶   👶   👶   👶   👶   👶   👶   👶  
කලින් කියූ පරිදි ආච්චීගේ වත්ත ගස් වලින් වැසී තිබිණි. ලා රතු පාට දළු එන එහෙත් ගෙඩි නො එන උගුරැස්ස ගහ එහා පැත්තේ තිබුණේ සුදු පාට පෙති ගොඩක් තියෙන සුවඳම සුවඳ ඩැෆඩිල් ගසක්ය.. මල් ලොකුම ලොකුය.  වත්තේ ඇති රොන් මඩ බහුලවම එන්නේ ඩැෆඩිල් ගස හරහාය. රොන්මඩ තැන්පත්වී ගස සාරෙට සෑදී ඇත. මල් කඩන්නේ පන්සල් යද්දී පමණි. ගසේ තියෙන මල් කැඩීම මට අනුව මහා පාපයකි. නිකන් කොළ කඩලා දානවා ගහටත් නෑ කියා ආච්චී කියන කතාව පොඩි කාලේ සිටම මා තුළට පත්තියම් වී ඇත. එබැවින් ඉතා කුඩා කල සිටම ගස් වල තිබියදී මල් වල ලස්සන සේම සුවඳද බැලීමට පුරුදු වී සිටියෙමි. ඩැෆඩිල් මල් පොකුරු පිටින් මා නාසයට ලං කර ගනිමි. මලේ මැඩ සිටින චූටි කූඹිත් නොවන පණුවොත් නොවන චූටි සත්තු නහයට ගිය විට මම මල් අත්ත අතහරිමි.

🌴   🌺   🌱    🌹   🌴   🌺   🌱   🌹    🌴
ගෙය දකුණු පැත්තේ පාර අසලම තිබුණේ මන් නිතරම ගැවසෙන වත්ත කොටසයි. ප්‍රධාන දොරෙන් දකුණු පත්තේ තිබුනේ ජැම්සන් ගසකි. එහි ගෙඩි වල ඇඹුල තවමත් මට සිහිවේ. එහි ගෙඩි මට මුලින්ම කෑ හැකි බව පැවසුවේ සීයාය. එදින පේර සීයාද සිටි බව මට මතකය. සීයා හැරමිට්ට ගසමින් පැමින මට පොඩි ගෙඩියක් කඩා දුන් බවත් මා එය කන විට පේර ආතා මහ හයියෙන් සිනසුන බවත් මට මතක ඇත. ජැම්සන් ගසට මා නඟිනවාට ආච්චී විරුද්ධ වුණේ මා කටු ඇන ගනී යැයි සිටූ නිසාය. එහෙත් පසුව කටු ඇන ගන්නෙපා පමණක් කියා ආච්චී මට ගසට නැගීමට ඉඩ දුන්නාය. ජම්සන් ගසට දකුණු පසින් ලොකු ෆාම් ගස් ගොන්නකි. ෆාම් ගස් ඉදිරියේ ඉදිරියට යන ලෙස පෙලට සිටවූ රත්මල් ගස්ය. මා දං කියා කලක් සිතා සිටියේ ඒවාය. කුරුල්ලන් කන සියල්ල අපිත් කනවා යන පාඩම මා උගත්තේ එම දං කුරුල්ලන් කනු දැක ඒවා අපිටද කන්න හැකිදැයි ආච්චීගෙන් ඇසූ දිනය. රත්මල් දං කෑ පළමු අවස්තාව එදින විය. පොළව කොටමින් සිටි ආච්චී අසල කැරකෙමින් මාද කුරුල්ලෙකු සේ  දං කෑවෙමි.
🐦      🐦      🐦      🐦      🐦      🐦      🐦

පාර අයින දිගටම අන්දර ගස් තිබූ අතර ගස් වලට මෙහායින් වත්ත ඇතුලට වන්නට සුදු, කහ, රතු චූටි , රතු ලොකු යන අරලිය ගස් හතර විය. රතු චූටි ගසේ සෑම අගෝස්තුවකම පළමු මල පිපෙනවා මට මතකය. රතු ලොකු මල් වලට නම් මන් ආසම නැත. එහි පෙති කඩා හැලේ. අනිත් ගස් තුනේම එසේ නැත. රතු චූටි ගස හැර ඉතුරු ගස් තුනටම නැගිය හැක. නිතරම පාහේ මා සිටින්නේ මේ ගස් උඩය. මහ දවාලේ ගස් උඩ තනියම සිටින්නට හොඳ නැති බව කියමින් ආච්චී නිතරම කෑ ගසයි. එහි පිටි මකුණන්ද බහුලය. කොළ පිටුපස සිටින මකුණන් ආච්චීට පෙන්නනවා මට මතකය. දළඹුවන් කාලයට අරලිය ගස් දළඹුවන්ගෙන් පිරී යයි. ඒ කාලයට මා අරලිය ගස් වලින් බසින්නේ ඇඟ රතු පැල්ලම්වලින් පුරවන්ය. එකල මුළු ඇඟ පුරා පොල්තෙල් ගානොගත් දිනයක් නොවීය.
එමෙන්ම අරලිය කොළේ දාරද ඉතාම ලස්සනට තිබූ බවත් කොළ හැඩයෙන් හා දාර වලින් ප්‍රමාණයෙන් වෙනස් කොළ සොයා කිසිදු අධ්‍යාපනයක් නොතිබූ කාලයක වත්ත වටේ ගිය බවද මට මතකය.
 
🌿    🍀    🍁    🍂    🌿    🍀   🍁   🍂  

අරලිය ගස්වලට එහා පැත්තේ තිබුණේ පිළිවෙලින් පේර හා ජම්බු  ගසය.  ගස් දෙක එක ළඟින් පැළවී දෙපැත්තට සමාන්තරව බරවී විහිදී තිබිණි. පේර ගසද එකල මාගේ වාසස්ථානයකි. රතු පාට ජම්බු සෑදෙන්නේ පේර සෑදෙන කාලයටමය. ජම්බු ඉඳී බිම වැටී තිබෙන්නේ දුඹුරු රෙද්දක් උඩ රතු මල් වැටී ඇති පරිද්දෙනි. ජම්බු ගසට මෙහායින් මල් වලින් බරවෙන වතු සුද්ද ගස, පේර ගසට මෙහායින් ලා රෝස පාට වැල් රෝස ගස්, රත්මල් ගස් යට බේබි රෝස ගස්, වැලක යවපු රෑ කුමාරි වැල, ආ තව පිහිඹියා ගහ, එහි පොල් ලෙලි ගැට ගසා පරවි මල්ද එහිද තිබුණේ අමුතු හැඩැති පත්‍රයය. ෆාම් ගස් අසල තිබූ කඩුපුල් හා ලා දම් ඕකිඩ්, පිහිඹියා ගසට මෙහායින් කැළණිතිස්ස ලොකු මල්ගස් තුනක් එක පෙලට සිටුවා තිබිණි. වත්තේ වම් පසට වන්නට තවත් අඹ ගසක්, ඇඹුල් දොඩම් ගසක්, මුස්සැන්ඩාස් ගසක්, පේර ගසක්, පොල් හා තැඹිලි ගසක් විය. ඊට අමතරව ඉදිරිපස මිදුලේ සරුසාරෙට මල් සෑදෙන රුක් අත්තන වැලක්, නිල් කටරොළු වැලක්, නම නොදන්නා සෑමදාම වැල පිරෙන්න සුදු මල් සෑදෙන ජාති දෙකක මල් වැල් දෙකක්,  බාබන් ඩේසියා , කැනාස්, කිරි ඉද්ද ගස්ද, කපුරු, බිගෝනියා, ආදියද විය. එකල ආච්චීගේ ගෙදර මල් වත්ත ලෙසින්ද හැදින්විය. කාලයත් සමඟ ගස් කපා සිංහල උළු ගලවා ෂීට් සෙවිලි කළ ගෙය වර්තමානයේ මට සිහි කරන්නේ ශේෂ වී ගිය අතීතයක නටඹුන්ය.

ගැහැණු ළමයාගේ කතාව - පොඩි කාලේ (12)

පොඩි කාලේ  8

👶   👶   👶   👶   👶   👶   👶   👶  

ආච්චීලාගේ ගෙදර එදවස මල්ගස් වලින් හා පළතුරු එළවළු පැළ වලින් ගහණ විය.ඒ සියලුම ගස් වලට ආච්චී අතින්ම සත්කාර කළ අතර ඇගේ වත්තේ කිසිවක් නොවැවූ තැනක් නොමැති විය.

🌴   🌺   🌱    🌹   🌴   🌺   🌱   🌹    🌴

  නිවසේ ප්‍රධාන දොරටුවෙන් ඊසාන දෙසට මිදුල මැද්දේ පිහිටියේ තඩි අඹ ගසකි.. අඹ ගසේ විශාලත්වයටම සරිලන පරිදි ගස වැසීමට තරම් වූ දිමි ගහණයක් එහි ජීවත් විය. කොළ ඉදී බිම වැටෙන විට කොළ සමඟ බහුලව දිමි ගොටු බිමට වැටීම නිස මිදුලේද දිමියන් සුළු හෝ මහා පරිමාණයෙන් ව්‍යාප්තව සිටියහ. මා ඉතා කුඩා කල සැබවින්ම දිමියන් නොසිටි අතර මා හට අවුරුදු  3/4 වූ අවදියේදි දිමියන්ගේ බහුල වැඩිවීම මට මතකය.ඇඟේ ඇලවී විකා කන දිමියන් මට පෙනෙන්නට බැරිය. දැකපු තැන උන් මරා දැමීමට මා මනාපය. ඇඟේ ඇලවී සිටින දිමියන් ගැලවීම කූඩැල්ලන් ගලවනවාට හපන්ය. දිමියන් ගැලවීමේදී උන්ගේ බෙල්ලද අත පයද වෙන වෙනම ගැලවී යන්නේ මහ එපා කරපු ගඳක්ද සමඟිණි..පසු කලෙක ගස කපා දැමුවේද දිමි කරදයද එක් හේතුවක් වූ හෙයිනි. කැපුවේ මයිකල් මාමාය. එදා වැඩිපුරම දිමියන් කෑවේ ඉස්තෝප්පුවේ සිටි මාවය. උන්ගේ බෙලි ගලවමින් අත් පය ගලවමින් උඩු කය නිරුවත්ව ඉස්තෝප්පුවේ එහෙ මෙහෙ දුවමින් දිමියන්ගෙන් බේරීමට මා දැරූ උත්සහය දැනුදු මට මතකය. දිමියන්ගේ එපා කරපු ගඳින් බේරීමට එදින විශේෂයෙන් නෑමට සිදු විය.
🐜    🐜    🐜    🐜    🐜    🐜    🐜    🐜    🐜

ඒ කෙසේ වූවද අඹ ගහේ ගෙඩි නම් පංකාදු පහකි. එහි ගෙඩි නොකෑ ප්‍රදේශවාසීන් ගණන විරල විය. ගෙඩි සෑදී තිබෙන කාලයට ගේ අසලින් යන ප්‍රදේශවාසීන් එදවස නිතරම ඇසුවේ අඹ නැත්ද යන්න ලෙසිනි. විකිණීමට හෝ ගෙදර ප්‍රයෝජනයට අඹ ඉල්ලන අයට ආච්චී මදි නොකියන්න අඹ කඩා ගන්නා ලෙස පවසයි. නමුදු අඹ කැඩීමට කොල්ලො කුරුට්ටන් පැමිණි විට ඔවුන්ට අඹ කැඩීමට සිදුවන්නේ ආච්චිගේ දහසකුත් එකක් වු බාධා මධ්‍යයේය. අඹ ගසට නැග අඹ කඩන්නේ නම් ආච්චී මනාපය.  ඒ ගල් පොළු ගැසීම නිසා මිදුලට වන විනාශය අවම වන නිසාය. කොළ හැලී මිදුල හැඩි වනවාට ආච්චී කැමති නැත. මිදුල මෙන්ම ජනේලද බේරා ගැනීම ආච්චිගෙ අරමුණ සේම වත්තේ ඇති ගල් තැන තැන දමා යාමට නොදීම සුළු අබිප්‍රාය වේ. කොල්ලන් ඇවිත් අඹ කඩා යන විට ආච්චී නොහිටියොත් නැවත ගෙදර ආ විට සීයා සමඟ වලියකි. ඒ සීයා මිදුල හැඩි වන එක ගැන වැඩිදුර නොසිතූ බැවිනි.

😂    😂    😂    😂   😂    😂    😂    😂    😂

ආච්චීලාගේ ගෙදර සාදා තිබුනේ වලක බාගයක්ද ඈඳා ගනිමිනි. ඉදිරියට ගෙය තනි තට්ටුවට පෙනුනද පිටුපස සිට බලද්දී ගෙය තට්ටු දෙකකි. වලට උඩින් වූ උඩ මිදුලේ  වත්ත කෙලවරට වන්නට  උගුරැස්ස ගසක්ද විය. මල්ලිත් මාත් රංඩු කළහොත් හෝ නරක වැඩක් කලහොත් අපි අපායට යනවාය. බොරු කියන මිනිසුන්ව අපායට ඇද ගන්නවාය. ආච්චී පවසන ආකාරයට කටු ඉඹුල් ගහ ලෙස ආච්චී හදුන්වා දුන්නේ උගුරැස්ස ගසය .
🌴    🌴    🌴    🌴    🌴    🌴    🌴    🌴

අප ඉතින් උගුරැස්ස ගසට ලං වන්නේ නැති තරම්ය. නමුදු ආච්චී ගස ලඟින් එහෙ මෙහෙ යයි. ගස අසලම ලොකු කුණු ගොඩක් සාදා පුළුස්සයි. ආච්චී පවසා තිබූ ආකාරයට උගුරැස්ස ගස ගාවට ගියත් ඇතිය. අපායට යයි. එසේ නම් අපායේ ගස පුච්චන ආච්චී අපායට නොයයි. ඒ කෙසේද? ආච්චී දෙවෙනිවර කතාව අළුත් කළාය. ගස ඇල්ලුවොත් පමණක් අපායට යයි. කටු පෑගුවොත් අපායට යයි ලෙසයි.. දිනක් ආච්චීද නොමැති අවස්තාවක මාත් මල්ලිත් ගස අසලට ගියෙමු. අල්ලන්න එපා ඔයා අපායට යයි. මන් මහ හයියෙන් කෑ ගැසුවේ මල්ලිටය. එහෙම වෙන්නෑ. මල්ලි ගසේ කටුවක් ස්පර්ශ කර පෙන්වූයේය. මන් කලිනුත් ඇල්ලුවා.. ඔහු කීය.. මන් ගොනෙකු සේ තදින් වැසූ ඇස් විවර කරමින් අත් දෙක කන් දෙකේ තබා තද කරමින් බලා සිටියෙමි. මල්ලී අපායට ගියේ නැත. අද සේම ඔහු පොඩි කාලේද බකම පණ්ඩිතයෙකි. කරන්නේම එපා කියන වැඩය.
😝    😝    😝    😝    😝    😝    😝    😝

ගැහැණු ළමයාගේ කතාව - පොඩි කාලේ (12)

පොඩි කාලේ (12)

👶     👶      👶      👶      👶      👶       👶
කල්යත්ම අම්මා නැවත රැකියාවට යන්නට පටන්ගත් පසු  පොඩි කාලේ මා අපේ ගෙදර සිටිනවාටත් වඩා සිටියේ පාරෙන් එහා පැත්තේ තිබූ අමි ආච්චිලාගේ ගෙදරය.

පොඩි කාලයේ මා සදහා බත් කැවීම භාරගෙන තිබුනේ අමි ආච්චිය. අම්මා හෝ ආච්චී තඩි බත් පිගානකුත් සමග මා අමි ආචිචිට භාර දෙයි. අමි ආච්චී මට බත් කවන්නේ රාස්සයාගේ කතාව කියමිනි. අම්මා දැනට කියන ආකාරයට එකල ඇතැම් විට උදේට හෝ රෑට පාන් භාගයක්ම කවා ඇත්තේ අමි ආච්චිට පින් සිදු වන්නටය. 

අමි ආච්චිලාගේ ගෙදර ඉස්සරහ දොර දෙපැත්තේ බිත්ති කණු දෙක අතර තිබූ පොඩි පඩි දෙකෙන් දකුණු පැත්තේ මාව වම් පැත්තේ වාඩි කරවා අමි ආච්චිද වාඩි වෙයි.ඉන්පසුව අමි ආච්චී තඩි බත් පිගාන මට කවන්නේ රාස්සයාගේ කතාව කියමිනි.බත් පිගානේ විශාලත්වය අනුව කතාව දිග හෝ කොට වූ බව මා දැන් දන්නේ අදටද අමි ආච්චී එය හිනා වෙමින් මතක් කරන නිසාවෙනි.

එහෙත් පොඩි කාලේ මට කවද්දී අමි ආච්චී මුහුණ පා ඇති ප්‍රදාන ගැටළුව වී ඇත්තේ පෙර දවසේ කියූ කතාව මා හොදින් මතක තබා ගැනීමයි. ඒ නිසා සෑම දිනකම කතාව ආරම්භ කිරීමට පෙර සෑම දිනකම අද කියාන්නේ ඊයෙ කියපු රාස්සයා ගැන නෙමේ අලුත් රාස්සයෙක් ගැන යනුවෙන් කීමට අසරණ ඇයට සිදු වී ඇත. ඇතැම් දිනවල කාක්කාගේ කතාවද කියයි. එහි අන්තිමට කේජු කෑල්ල කෑ නරියා කලින් දවසේ කතාවේ සිටි රාස්සයා විසින් කන අවස්තාද විරල නොවේ. මේ නිසා අරාබි නිසොල්ලාසයේ කතාද අමි ආච්චිගේ කතා වලට පරාද බව  මගේ අදහසයි.

ඒ කොහොම වුණත් පොඩි මම බත් ඉවර වෙනකම් කා ඇත.
😁    😁    😁    😁    😁    😁    😁     😁

ගැහැණු ළමයාගේ කතාව - පොඩි කාලේ (#)

පොඩි කාලේ (#)
 
👶     👶      👶      👶      👶      👶       👶 
මට මතක ඇති හැම කාලෙකම ආච්චිලගෙ ගෙදර කුකුළ්ලු සිටියෝය. පීරිස් ආතා හා සුදු ආච්චී යනු අපේ  අසල්වාසියෝය.. විශාල මී හරක් පට්ටියක් ඔවුන් සතුවිය.  🐮    🐴    🐮    🐮   එම නිසා පීරිස් ආතා දවසේ වැඩි කාලයක් හිටියේ අමුඩයක් පිටිනි.  එම හරක්ගෙන් ලබා ගන්නා කිරි වලින් පීරිස් ආච්චි හරි රසට මී කිරි හදනවාය..එම කාර්ය ඇය මිය යන තෙක්ම එක දිගට සිදු විය. ගොඩ මඩ ඉඩම් තිබූ ඔවුන් වගාකල සියල්ල විකිණූ අතර.. ගෙදර හදන මී කිරිද විකුණන ලදී. නමුත් අපේ ආච්චී ඇයගේ යහලුවෙකු වූ නිසාත් ..සීයා ගමේ වැදගත් පුද්ගලයෙක් වූ නිසාත් සිරිතක් ලෙස ඇය මීකිරි අප හට නොමිලේම ලබාදුන්නාය.  🍚 ඇය මිය ගිය පසු සෑම දෙනෙකුටම මතක තිබුණේ මී කිරිවල රස නැවතත් අත්දැකීමට නොලැබෙන බවය.

ඔවුන්ටද කුකුළන්ද සිටියෝය.   🐔      🐔    🐔       🐔      🐔   සමහර කාලෙක අපේ ආච්චි බිත්තර රක්කනවාය. වතාවක් එසේ කරද්දි ආච්චි පීරිස් ආතාට පැවසූයේ මේ සැරේ බිත්තර  ඔක්කොම නරක් වෙලා ඇත කියාය. වැස්ස කාලෙට බිත්තර රක්කන්නෑ මැණිකේ යැයි මී කිරි ගෙනා ඔහුගෙන් ආච්චීට ලැබුණු පිළිතුර විය. මාද කුකුල් කූඩුව දෙස බැලූ විට එහි තෙත පිදුරු තිබූ බව ලාවට මතකයේ ඇත. පහුවදා පීරිස් ආතා සුදු ආච්චී (පීරිස් ආච්චී) ගෙන් ඉල්ලාගත් රක්කන්නටම වෙන් කර තිබූ බිත්තර ටිකක් ගෙනවිත් ආච්චීට වැසි කාලයේදී බිත්තර රක්කන ආකාරය කියා දුන්නේය. ඒ වතාවේ අපිට කහ පාට කුකුල් පැටව් 5ක් විතර හම්බුවිණ.  🐣    🐣   🐣   🐣 කහ පාට බෝල ගෙඩිවන් උන්ව පූසන්ගෙන් පරිස්සම් කිරීම ආච්චී මට බාර කලාය. තවද ඔවුන් තරමක්  ලොකු වන තෙක් පොඩි පැටවුන් සහ මවු කිකිලිය ඈතට නොයෑමට නොදී ඇස් මායිමේ තබා ගැනීමටද මා හට සිදු විය. සවසට කුඩා පැටවුන්ව කූඩුවට ගෙනයාමද මා සිදු කලෙමි.        🐥     🐥     🐥     🐥     🐥     🐥      🐥     🐥 උන් කුඩා කාලයේදී ආච්චී උන් කුකුලන්ද කිකිලියන්ද බව දැන සිටියාය. එය පීරිස් ආතා සමගද කියනු මා අසා සිටියෙමි. මා ඇසූ විට ආච්චී කිව්වේ උන්ගේ හොටෙන් හා තටු වලින් එසේ හදුනාගැනීම් කරනා බවය. නමුත් අද වෙන තෙක් එසේ පැටවුන් හදුනා ගැනීමට මට හැකිවී නැත. එතැන් පටන් අවස්ථා කීපයකදීම බිත්තර රැක්කවූවද එසේ බිහිවන පැටවුන් හෝතම්බුවන්/ වෙනත් සතුන් විසින් කෑම නිසා ආච්චී බිත්තර  රැක්කවීම නවත්තන ලදී. එහෙත් මට මතක කාලෙදි හම්බුවුන මා කුඩා කල බලාගත්  කුකුල් පැටවා (සාෂා)  අවුරුදු 14ක් පමණ ජීවත් විය.  🐔......

ගැහැණු ළමයාගේ කතාව - පොඩි කාලේ (#)

පොඩි කාලේ (#)


 
  👶    👶    👶   👶    👶   👶   👶   👶

පොඩි කාලේ ඉතින් මන් මල්ලිට ලොක්කා වුනාලු.. මන් ගාව තිබ්බ nightdress දෙකෙන් රෝසපාට එක මල්ලිට අන්දල කොණ්ඩ කුරුච්චන් දෙකක් දානවලු.. මාත් නිල් පාට එක ඇදලා මල්ලිවත් එක්කන් ගිහින් බිංකුණ්ඩන්ව හොයනවලු... ඉතින් එහෙම දවසක ගොඩක් වෙලාවට ඉරිදා දවසට මගෙ බව්වා ටාශන් වත්ත එන වදුරන්ව අල්ලලා ලොකු චන්ඩිකම් දානවලු. ඌ වදුරන්ගෙ පපුව විතරක් කාල මැරිච්ච වදුරව වත්ත මද්දට ගේනවලු.  🐵   🐵   🐵
ආච්චිගෙ වැඩේ ලොකු වලක් කපලා වදුරව වලලලා ගලක් තියෙන එකලු.
(r.i.p 🐒)  නැත්නම් කබරයො හරි ගැරඩියො 🐍 හරි එහෙම නැත්නම් ආයිමත් ටාෂන්ම හරි ඇවිත් ඒ වල හාරනවලු. 🐾  🐾  🐾  🐾
මා  මල්ලී සමග එසේ වූ දවස පුරා ලේ පෙරාගත් නරක  ටාෂන්ව පන්නන්නෙමු. එසේත් නොමැතිනම් කෙසෙල් වත්ත 🍌    🍌   🍌   🍌 හා ගස්ලබු කන වදුරන් හට පාඩමක් කියා දුන් ටාෂන්ව අගයන්නෙමු. අහල පහල සියල්ලෝමද ටාෂන්ව අගයති.
Nightdress දෙකක් ඇදගත් අප දෙදෙනා ටාෂන්ගේ ක්‍රියාකාරකම් අගයමින් නැවතත් බිංකුණ්ඩන්  නටවන්නෙමු.   💃   💃    💃    💃    💃 එකල මොනවා නැතත් මල්ලී මන් කියන දේ අකුරට කරන්නේලු. මල්ලි ඉතින් පව්ය. ඇතම් විට අපට බොම්බයි-මොටයි මාමාගෙන් බොම්බයි මොටයි අරන් දෙන්නේ සීයාය. මා මල්ලීට ඇති ආදරේ නිසාම පවසන්නේ පොඩි ලමයි පැණි රස  🍬 කන්න හොද නෑ යනුවෙනි. මා මල්ලීට වඩා ලොකුයි යනුවෙන් අම්මාද නිතර පවසයි. ඒහෙයින් මාද වැඩිහිටියෙකි. මල්ලී ඔහුගේ බොම්බයි-මොටයි සියල්ලම මට දෙන්නේලු. මල්ලී බලා සිටිද්දීම මා සියල්ලම කන්නේලු. පසුව මා කා අවසන් වූ පසු අපි ගොස් වතුර බොමු යැයි පවසා ගොස් වතුර බොන්නේලු.

ඉස්සර මල්ලී එසේ මුත් දැන්  මල්ලි ද නම් එසේ නැත.දැන් ඔහු තාත්තා වැනිය. කිසිදු වැඩක් ඔහු නැතිව කිරීමට බැරිය. එසේ කල විට බැනුම් කෝටියකි. සිටින්නේ හෙන ලොකු එකෙන්ය. ඒ අවස්ථාවේදී කල යුත්තේ එක් දෙයකි. එනම් ඔහු පොඩි කාලයේදී රෝස පාට  nightdress 1 ඇදන් baby hair beads  කොණ්ඩෙත් ගසා ගෙන පොඩි කාලයේ සිටි ආකාරය මතක් කර හැකි ඉක්මනින් එතනින් මාරු වීමය..
   😁    😁    😁    😁    😁    😁    😁     😁

ගැහැණු ළමයාගේ කතාව - පොඩි කාලේ (11)

 පොඩි කාලේ (11)


👶   👶   👶   👶   👶   👶   👶   👶  


තාත්තා ගෙදර ආපසු මා හිඳ ගන්නේ තාත්තාගේ සරමේය. සරමට වී මා ඔන්චිලි පදිමි. සීයාගේ සරමේද ඔන්චිලි පැදීමට හැකිමුත් මා සරමට ගොඩ වන විටම ආච්චී හෝ වෙන කෙනෙක් මහ හයියෙන් කෑ ගසයි. ඒ සීයා ඇවිදින්නේද හැරමිට්ටක් මඟින් නිසා හා සීයාට අංශභාගය සෑදී ඇති නිසාය.කෙසේ නමුදු කාත් හෝ නොමැතිවිට සීයා මා සරමේ තබාගෙන ඔංචිලි පද්දවයි. ඒ කා හටවත් නොකියන පොරොන්දුවක්ද සමඟිනි.
👴 👴 👴 👴 👴 👴 👴 👴 👴 👴 👴

ගැහැණු ළමයාගේ කතාව - පොඩි කාලේ (10)

පොඩි කාලේ  (10)
👶   👶   👶   👶   👶   👶   👶   👶  

පොඩි කාලේ මා බලා ගැනීම තාත්තා බාරගත් පසු වැඩ ඇරී ඇවිත්  මාගේ සියලු රාජකාරී කළේය. රෑට කැව්වේද තාත්තාය. මා වඩා ගන්නා තාත්තා මා මිදුලට ගෙනයයි. තාත්තා කවන්නේ කණාමැදිරියන් හා අහසේ තරු පෙන්නමිනි. මගේ නමේ අර්ථයද තාත්තා කියා දුන්නේ එවන් අවස්ථාවකදීය. අහසේ තරු ඇල්ලීමට මා අත දිගු කරමි.  අතට අහුවන්නේ නැත.

✨     ✨     ✨      ✨     ✨     ✨     ✨
ඉතින් තාත්තාත් මමත් අතට අහුවන කණාමැදිරියන් ඇල්ලීමට උත්සහ කරමි. කණාමැදිරියන් බහුලව සිටි එම කාලයේ එකවර දෙතුන්දෙනෙකු අල්ලා ගැනීම ඉතා පහසුව. ඒ උන් අපේ ඇඟේ හැපෙමින් පියාඹන නිසාය.  ඒ ඉක්මනින් කෑවොත් අල්ලා දෙන පොරොන්දුව මතය. තාත්තා කණාමැදිරියන් අල්ලයි. ඌව අතේ ගුලි කරගන්නා තාත්තා  මාමයිට් බෝතලයක් ගෙන එන ලෙස පවසයි. තාත්තා කිසිදිනක කණාමැදිරියන්ව මාගේ අතට දුන්නාදැයි මට මතක නැත. ඒ මාගේ අතින් කණාමැදිරියා පොඩි වේ යැයි බියෙනි.  කණාමැදිරියාට කන්නට කැන්ද කොළ කැබැල්ලකුත් දැමූ පසු මාගේ උවමනාව මත ඌට නිදන්නට පුළුන් කැබැල්ලක් දමයි.  කොට්ටයක් අනවශ්‍ය බව තාත්තා කියයි. වතුරද අනවශ්‍ය වේලු.නැතිනම් මා මුළු බෝතලයටම වතුර පුරවන බව තාත්තා දනී. ඌ වීදුරුව හරහා TV  බලන බවද තාත්තා කියයි. 

🐝     📺     🐝    📺    🐝     📺    🐝     📺

කුඩා මම බෝතලයේ සිටින ඌව කාමරයේ මේසය මත තබා බලා සිටිමි. ඇතැම් විටක තාත්තා මැජික් පෙන්නන බව පවසා කාමරයේ විදුලිය විසන්දි කර අල්ලාගත් කණාමැදිරියන් නිදහස් කරයි. කණාමැදිරියන් කාමරය පුරා පියඹන ආකාරය මා කට හැර බලා සිටිමි. තාත්තා විදුලි බුබුළ දල්වමින් වසමින් කණාමැදිරියන් පෙනෙන්නේ අඳුරේදී බව කියා දෙයි. එසේ කරමින් කළුවරේ නිදා ගැනීමට මා පුරුදු කළාදැයි මා අදටත් දන්නේ නැත. එවන් දිනවල මා නිදාගන්නේ කණාමැදිරියන් දෙස බලමිණි. ඇතැම් දිනවල උන් දින දෙක තුන පුරාවට කාමරයේ සිටිති. වැඩියෙන් කණාමැදිරියන් ඇල්ලුවහොත් උන් සියල්ල එකවර කාමරයේ පියාඹති.

🌟       🌟      🌟      🌟      🌟     🌟      🌟

අදවන විට කණාමැදිරියන් විරලය. පෙරදී මෙන් එකවර දෙතුන්දෙනෙක් අල්ලා ගැනීමද පහසු නැත. අද වනවිට මා වැඩිහිටියෙකි. පොඩි කාලයේ මා කළ දේවල් අද කරන්නේ පොඩි දරුවන්ය.  අවසන් වරට මා කණාමැදිරියන් අල්ලා දුන්නේ අයියාගේ දුවටය. නමුත් ඇයට මා මෙන් ඉඳහිට හෝ කණාමැදිරියන් දක්නට නොලැබෙන්නේ ඇය දැන් ජීවත්වන්නේ නගරයේ නිසාය.  හදිසියෙන් හෝ කණාමදිරියෙක් කාමරයට පැමිණියහොත් එදින කුඩා දරුවෙකු ලෙස මා උගේ පස්සා පැත්තේ තිබෙන එළිය ආවේ කෙසේද යන්න අදටද කල්පනා කරමි.

ගැහැණු ළමයාගේ කතාව - පොඩි කාලේ (9)


පොඩි කාලේ  (9)

👶   👶   👶   👶   👶   👶   👶   👶  
මල්ලීව ඉස්පිරිතාලෙන් ගෙන අවුත් මාස කිහිපයකට පසු මට පුදුමාකාර රෝගී තත්වයන් ඇතිවී තිබේ. රෝග පරීක්ෂණයට යූරියා කල්චර්ස් පවා ගන්නවා මට මතකය. පළමු වරට ලොකු වෛද්‍ය මද්‍යස්ථානයකට  කියා ගියේ එහිය. එහි තිබූ සුවඳට මා ඉතා ආශා කළෙමි. කෙසේ හෝ අවසානයේ දොස්තර මහතා මගෙන් ඔයාගේ ප්‍රශ්නේ මොකද්ද කියා අසා ඇත. මා පවසා ඇත්තේ මල්ලි කෙනෙක් ගෙනාවා යන්නයි. දොස්තර මහතාද එහෙනම් වැඩේ හරි යනුවෙන් පවසා ඇත.


එදායින් පසු මා බලා ගැනීම තාත්තා බාරගෙන ඇත. සැබවින්ම මා ඉපදෙනතුරු වැඩට ගිය අම්මා මගේ ඉපදීමත් සමඟ වැඩට නොගොස් ඇති අතර නැවතත් සුදු අංකල් එනම් අම්මගේ වැඩ ලෝකයේ ප්‍රධානියා සෙනසුරාදා නිවාඩු සහ ගමනාගමන පහසුකම් දෙන බව පවසමින් වැඩට ගෙන්වා ගෙන ඇත. එහෙත් නිතරම අම්මා මා ළඟ සිටියාය. ඇය සමඟ මා බොහෝ දේ කළෙමි. මල්ලී බිහිවන තෙක් අවුරුදු දෙකක් පුරාවට මා සිටියේ සැමගේ අවධානය මැදය. අදටද චුට්ට බැරිවූ විට මා හට ඉක්මනින් දුක සිතේ.

ගැහැණු ළමයාගේ කතාව - පොඩි කාලේ (8)

  පොඩි කාලේ (8)

👶    👶    👶   👶    👶   👶   👶   👶
මට අවුරුදු 2 වූ පසු අම්මා මට සෙල්ලම් කිරීමට මල්ලි කෙනෙක් ඉස්පිරිතාලේ කාණුවෙන් ගෙනාවාය.එදා උදේම අම්මා තාත්තාත් එක්ක ඉස්පිරිතාලෙට ගියේ බයිසිකලයෙනි. 🚲    🚲
මා සිටියේ නිදාගෙනය. පොඩි මාමා මා අවදි කරවා පැවසූයේ අම්මලා මල්ලි ගෙන ඒමට ඉස්පිරිතාලේ යන බවය. 🏥  මා හනි හනික දුව යද්දී අම්මා බයිසිකලයට නැගද අවසන්ය. අම්මා මා අමතා ඔවුන් මල්ලී ගෙන ඒමට යන බවත්.. හඩමින් අච්චීට කරදර නොකරන ලෙසත් පවසූවාය.
මා එකග වූයෙමි. අම්මලා ආපසු පැමිණියේ හවස් වරුවකය. මා එවිට ලොකු මාමාගේ ඇදෙහි නිදන් උන්නෙමි. ඉස්සරහ ගෙදර දෝණි පුන්චීත්, බබී පුන්චීත් පැමිණ මා ඇහරවා මල්ලී ගෙන ආ බව පැවසුවෝය. මා දුව ගොස් කාමරයේ බැලූයෙමි... රෝස හා කලු පාට මල්ලී කෙනෙක් මට ලැබී තිබිණි. 😁   😁   😁   😁   😁   😁

ගැහැණු ළමයාගේ කතාව - පොඩි කාලේ (7)

පොඩි කාලේ (7)

👶    👶    👶   👶    👶   👶   👶   👶
මල්ලි ඉපදෙන්නට සිටි අවසන් කාලය මට හොඳින් මතකය. අම්මා ඇතැම්  දිනවල  ඇඳට වී කාලය ත  කරයි. අම්මාගේ කකුල් 2 ඉදිමී ඇත. එකල අම්මා ඇඳි රතුපාට මල් වැටුණු  ගවුම අ  මට මතකයේ ඇත.

මට ද එකල හරියට වැඩ. විටින් විට තාත්තා වැඩ කළ සේවා ස්ථානයට  දුරබනුවාගෙන් කතා කර අම්මට අමාරු යැයි පවසමි. තාත්තා නැත  අම්මා කතා කර එය තහවුරු කර ගනී. අවසානයේදී  අම්මා මල්ලි  ගෙන ඒමට ගියේ කිසිදු අමාරැවක් නැතිවය. එදින උදේ චූ  ගොඩක නිදා සිටි මා පොඩි මාමා විසින් ඇහැරවා අම්මා යන බවත් අවසන් මොහොතේ හෝ  නංගී මල්ලීට මාරැ විය හැකි බවත් යනුවෙන් පැවසීය. එමනිසා අවසන් මොහොතේදී බලාපොරොත්තු සහගතව මා ඉල්ලූවේ නංගි කෙනෙක් බව මට හොඳට මතකය.

ගැහැණු ළමයාගේ කතාව - පොඩි කාලේ (6)

  පොඩි කාලේ (6)

👶    👶    👶   👶    👶   👶   👶   👶

මට තදින්ම නංගි කෙනෙක් උවමනා වී සිටියද මල්ලි ඉපදෙන්නට සිටින කාලය මට ඉතාමත් නොවූ එහෙත් යාන්තමට මතක ඇත. 

සුදු පාට බෝල මිඩ්වයිෆ් ඇන්ටි සුදු පාට ගවුම් මට දුඹුරු පාට පටියක් බැඳගෙන ඇතැම් දිනවල ආච්චිගේ ගෙදරට එහෙත් ඉන්පසු අම්මා එන්නිය. ඉන්පසු අම්මා සමග ගේ ඇතුලට යන්නිය. ආච්චි මට ඇය අම්මා සමග සිටින පැත්ත පළාතකටවත් යාමට ඉඩ නොදේ. කෙසේ හෝ නැවතත් එළියට පැමිණෙන ඇය අම්මා කන බොන දේ පිළිබඳ විමසයි.මා ගැනද ඔවුන් කතා කරන දේ නොතේරුණ ද කටත් ඇරගෙන මා අසා සිටින විට "මල්ලි ඉපදුණාට පස්සේ හොඳට බලා ගන්න ඕනේ හරිද?" යැයි පවසන්නීය.මා ඔළුව වනමි. 

ඇය නිසා එවකට මට මිඩ්වයිෆ් කෙනෙක්  වීමේ පිස්සුවක්ද ඇතිවිය. ඒ ඇසූ ඇය මහ හයියෙන් සිනාසී "අපිට වෙලා තියෙන දේ පේනවනේ. මිඩ්වයිෆ් කෙනෙක් වෙන්න හිතන්නවත් එපා. කකුල් කැඩෙනකම් අපි ඇවිදිනවා. කොච්චර කිව්වත් සායනවලට එන්නෙ නැති අම්මලා ඉන්නවා.  අන්තිමට ඔක්කොම අපේ පිටින් යනවා." යැයි පවසමින් අම්මා සමග කියවන්නිය. 🙏         🙏        🙏         🙏         🙏         🙏         🙏

ඉන්පසු "සායනය තියෙන දවසට ආයිත් එන්න. මේ සැරේවත් කොක්කේ එල්ලන්නම්" යැයි මා හට පවසන්නීය. එසේ පවසන්නේ බොහෝ ළමයි දුඹුරුපාට උරයක දමා ළමා සායනයේදී කොක්කේ ල්ලුවද මා පමණක් තරාදියක න බැවිනි. මා බර වැඩි බව ආච්චි හෝ අම්මා පැවසුවද කෙදිනකවත් මා කොක්කේ නොල්ලන බැවින් ළමා සායනයට ගොස් ආපසු මා එන්නේ මුහුණ දික් කරගෙන හෝ  අඬමිනි.  බරවැඩි නිසා මට එකල සමපෝෂ ද හමුනොවිණි. එහෙත් මා ගැන දුක් උපදවාගත් බෝල මිඩ්වයිෆ්  ඇන්ටි කෙසේ හෝ සමපෝෂ පැකැට්ටුව මා සතු කරයි.

නයනා ආශ්චර්යා ජයකොඩි මහත්මිය

 නයනා ආශ්චර්යා ජයකොඩි මහත්මිය


හදවතට ලස්සන ගලන්නෙ ඇස් දෙකෙන්. මීට අවුරුදු කිපයකට කළින් ඒ ඇස් දෙක වැහුණා ආයෙ විවර කරන්න බැරි විදිහට. ඒත් ඒ හදවත අදටත් බොහොම ලස්සනයි. සැබෑ සුන්දරත්වය ගලන උල්පතක් ඒ හදවතේ තියෙනවා. ඒ හදවතින් පැහැදිළි, පිවිතුරු ලස්සන උතුරා ගලන්නේ ඒ හින්දා.


දැන් ඇය මා ඉදිරියේ. ඇය අති දක්ෂ මෝස්තර නිර්මාණ ශිල්පිනියක්. නම ආශ්චර්යා. ඔව්, ඇය සැබෑ ම ආශ්චර්යයක්. මම එහෙම කිව්වෙ ඇයි කියලා ඔබ ඇය මේ කියන කතාව ඇහුවහම තේරුම් ගනීවි.


ආශ්චර්යා -
එතකොට මම බොහොම තරුණයි. මම බොහොම ආඩම්බරයෙන් හිටියෙ සතුටින් පිරුණු මගේ ජීවිතේ ගැන. ඒ කාලෙ මම බැංකු නිළධාරිනියක් හැටියට උසස් මට්ටමේ රැකියාවක් කළේ. අහඹු සිදුවීමක් නිසා එදා මම ටිකක් වේලපහින් ගෙදර එන්න පිටත් වුණා. මගේ මෝටර් රථයේ තවත් මිතුරන් දෙනෙක් හිටියා. මට ලොකු බඩගින්නක් දැණුනු නිසා මොනව හරි කන්න කීප තැනක ම නවත්වන්න උත්සාහ කළත් අවිනිශ්චිත හේතු නිසා එය කීපවරක් ම වැළකී ගියා. ඒ වෙනකොට අපි හිටියෙ කාසල් රෝහලට මදක් රාජගිරිය පැත්තට වෙන්න. මහා හඩක් සමග සියල්ල නො පෙනී ගියා. වරින් වර සිහිය මා වෙත ඇවිත් ගියත් මම හිටියෙ අසිහියෙන් එළියට පනින්න කියලා කවුරු හරි කෑ ගහනව මට මතකයි. ඒත් මගේ සිරුර මුලූ‍මනින් ම අප්‍රානික වෙලා තිබුණේ. මම ත්‍රස්තවාදී බෝම්බයකට අහුවෙලා කියලා දැන ගත්තෙ දින තුනකට පස්සෙ සිහිය ආවට පස්සෙ. බොහොම අසාධ්‍ය වෙලා තිබුණු මගේ දකුණු කකුල ගැන හැමෝම කතා කරන කොට මට බය හිතුණා, මට ආයෙ කවදාවත් හොඳට ඇවිදින්න බැරි වෙයි කියලා. ඒත් බොහොම කාලයක් යනතුරු ම දැනගෙන හිටියෙ නැහැ ඒ වෙනකොට මම සදාකාලිකව ම අන්ධ වෙලා කියලා.

ඇය තවමත් අභිමානයෙන් නැඟී සිටී. ඕනෑ ම කෙනෙකු වසඟ කරන්න සමත් තමන් සතු රූපකාය වියපත් බව පරදවමින් තවමත් ඈ ලඟ ගැවසේ. පැහැදිළිව ම ඈ වෙත පරාජිත බවක සේයාවක් හෝ දැකගත නො හැක.

මම -
කොහෙන්ද ඔබට මෙවන් පෞරුෂයක්?

ආශ්චර්යා -
අපේ තාත්තට හොඳට සල්ලි තිබුණා. අම්මට බොහොම ලස්සන රූපයක් තිබුණා. ඒත් ඒත් බිය වැද්දීම්, සැරපරුෂ බව, බලහත්කාරය අපේ ගෙදර පිරිලා තිබුණෙ. අම්මා මගේ හදහන බලපු වෙලාවක ඒකෙ කියලා තිබුණා මම හොඳ කලාකාරියක් වෙනවා කියලා. ඒකට බය වෙලා ඒ ගොල්ලො මගේ චිත්‍ර පන්තිය නැවැත්තුවා. මගේ පියානෝ පුහුණුවීම් නතර කරලා දැම්මා. මගේ පුංචි කාලෙ මම සෙනෙහස, සතුට දැක්කේ හොඳ ගැමියෙකු වුණ මගේ සීයගෙන් සහ ආච්චිගෙන්. මා තුළ සංවේදි කම, නොසැලෙන සුලූ‍ බව, ධෛර්ය සම්පන්න බව ගොඩනැගුණෙ මේ ආදරය හා අනාදරය අතර ජීවිතය නිසා. දෙමාපියන්ගෙ අපේක්ෂාවන් සපුරාලන්න මම අපරාජිතව ඉදිරියට ගියා. ඒත් මේ සිදුවීම්වලින් පස්සේ ඔවුනුත් මා ගැන බලාපොරොත්තු අතහැර දැම්මා. මට ඇත්තට ම මං වෙන්න පුළුවන් වුණේ ඊට පස්සෙ. මා තුළ සැඟවිලා හිටිය කලාකාරියට මම නැගිටින්න ඉඩ දුන්නා. මම සම්පූර්ණයෙන් ම අන්ධවෙලා වසර 18 ක් ගෙවුණත් වර්ණ, හැඩතල, පිලිවෙල මේ හැම දෙයක් ම මට හොඳට මතක යි. මම මෝස්තර නිර්මාණයට පිවිසෙන්නේ මේ තත්වය යටතේ.

මම-
මේ වෘත්තිය ඔබට කෙතරම් ගැලපෙනවද? ඇස් නො පෙනෙන කෙනෙක් කොහොම ද අලූ‍තින් මෝස්තර නිර්මාණය කරන්නෙ?

ආශ්චර්යා - මට ඇස් නො පෙනෙනවා විතරක් නෙවේ. ඒ අනතුරෙන් පස්සෙ මට ගඳ සුවඳ දැනෙන්නෙත් නැතිව ගියා. මම ළගදි වෙනත් ශිල්පිනියකගේ මෝස්තර නිර්මාණ දැක්මකට ගියා. මම හඩින් සහ ස්පර්ෂයෙන් විතරයි ඒක දැක්කෙ. මේ නිසා මට කිසි විටෙකත් කාගෙවත් නිර්මාණ හා වර්ණ අනුකරණය කරන්න බැහැ. හැම නිර්මාණයක් ම බිහි වෙන්නෙ මගේ හදවත ඇතුලෙන් ම යි. අනිත් අය කඩදාසිවල මක මකා අදින හැඩතල මමත් ඒ විදිහට මගේ හිතේ මක මකා අදිනවා. හිතෙන් වර්ණ සංයෝජනය කරනවා. මේ නිසා මට හැම හැඩතලයක් ගැන ම, හැම වර්ණයක් ගැන ම වැඩි අවධානයකින් හිතන්න සිද්ධ වෙනවා. මේ නිසා මගේ මෝස්තරවල, වර්ණවල විශේෂතාවක් තියෙනවා කියලා බොහෝ දෙනා කියනවා මම අහලා තියෙනවා. 2014 අවුරුද්දෙ හොඳ ම නිර්මාණාත්මක නව්‍යකරණය මෝස්තර නිර්මාණය වෙනුවෙන් සම්මානය ලැබුණෙත් ඒ නිසා වෙන්න ඇති.

ඇය තමන් දෙස අනුකම්පා සහගත ව බැලීම රුස්සන්නේ නැත. ද්‍රශ්‍යාබාධිත යන හැඳින්වීමටත් ඇය අකැමැති ය. මේ නිසා මෙම ලිපියේ අප ඇය හඳුන්වන්නේ ඇස් නො පෙනෙන මෝස්තර නිර්මාණ ශිල්පිනිය ලෙස යි. ඇස් නො පෙනෙන ඇය කොහොමද මෝස්තර නිර්මාණය කරන්නේ?, ඇය කොහොමද වර්ණ තෝරන්නෙ?, මෙය ඔබට වගේ ම මටත් ඇති වුණු ගැටළුවක්.

ආශ්චර්යා -
මට දැන් මගේ සිතිවිලි හොදින් තේරුම් ගන්න පුලූ‍වන් හොඳ වැඩ කණ්ඩායමක් ඉන්නවා. මුලින් ම මම මේ ක්ෂේත්‍රයට පිවිසෙන කොට මා ලඟ හිටියෙ දේවිබාලිකා විදුහලේ ඉගෙන ගන්නා කාලෙ ඉදල මගේ සමීපත ම මිතුරිය ඩයනා යි. මම එයාට කතා කරන්නෙ ඩයි කියලා. මගේ නමෙත් ඩයනා කියලා කොටසක් තියෙනවා. අපි ඒ කාලෙ විහිලූ‍වට කිය කියා හිටියෙ ලොකු වුණා ම ඩයි ඇන්ඩ් ඩයි කියලා බිස්නස් එකක් පටන් ගනිමු කියලා. ඇත්තට ම මම මෝස්තර නිර්මාණකරණයට ආවෙ ඩයනගෙ ඇස් දෙකෙන්. එහෙත් ඇය වෙන රටක පදිංචියට යෑමට තීරණය කෙරුවා. මේ වෙනකොට මගෙ ඇස් දෙක වෙලා තියෙන්නෙ මගෙ ආදරŒය සැමියා චන්දන ජයකොඩි. කාලයක් එකට ජීවත් වුණ නිසා මම හිතන හැටි, මම කියන දේ වඩා නිරවුල් ආකාරයෙන් ඔහු තේරුම් ගන්නවා. කාර්ය බහුල ජීවිතයක් ගත කරන නිසා ඔහුට මගේ කටයුතුවලට කැපවෙන්න බැරි අවස්ථාත් තියෙනවා. ඔහු නැති වෙලාවට මම රෙදි ගන්න ගියා ම ඒ වෙළඳ සැල්වල ඉන්න කීපදෙනෙක් ගෙන්නලා ඒ ඒ අයගෙන් වෙන වෙන ම අහලා තමයි මම අවශ්‍ය වර්ණය නිවැරදි ව තෝරා ගන්නෙ. සාමාන්‍යයෙන් මම හුරුපුරුදු නැති තැන්වලින් රෙදි හා ආභරණ මිලට ගන්න යන්නෙ නැත්තෙ මේ අපහසුව නිසා. මගේ වර්ණ පරාසය බොහොම පුලූ‍ල්. දම් පැහැය කිව්වහම දම් පාට මානෙල් මලේ පෙත්තක් ගත්තත් එහි අග, මැද, දාරවල වෙනස් දම් පැහැයන් තියෙන්නෙ. ස්වභාදහමේ වර්ණ බොහෝ විට නිශ්චිත යි. මේ නිසා මට අවශ්‍ය වර්ණය කියාගන්න මම මේ ක්‍රමය යොදා ගන්නනවා. හිතේ සංයෝජනය කරලා බොහොම අමාරුවෙන් නිශ්චිතව ම හොයා ගන්නා එම වර්ණයේ පැන්තම් අංකය හොයාගෙන ඊට පස්සෙ එම වර්ණය තෝරා ගැනීම තවත් ක්‍රමයක්. ඊට පස්සෙ සිතින් පැන්තම් අංක වෙනස් කර කර වෙනස් වර්ණ හිතේ නිර්මාණය කර ගන්නවා. මීට අමතර ව වර්ණ නිවැරදිව හදුනා ගැනීමට සමත් නවීන දුරකතන සඳහා එන ඇප් වර්ගත් මම භාවිතා කරනවා. මම හිතන්නෙ මම වැඩියෙන් ම පාට හඳුනාගන්න පටන් ගත්තෙ ඇස් පෙනීම නැතිව ගියාට පස්සෙ.


මම-
ඔබ අනිත් අයට බලන්න මෝස්තර නිර්මාණය කරනවා. ඒත් මේ අපූරු නිර්මාණ ඔබට බලන්න නො හැකිවීම ගැන මොනවද හිතන්නෙ?

ආශ්චර්යා -
මම බෝම්ඛෙට අහුවෙලා රෝහලේ ඉන්න කාලෙ තිබුණු ලොකු ම ප්‍රශ්නෙ මගෙ ඩැමේජ් වුණු කකුල සනීප කරගන්න පුළුවන් වෙයි ද කියලා. වෛද්‍යවරුන්ටත් ඒ ගැන ඒ තරම් විශ්වාසයක් තිබුණෙ නැහැ. මම හිතුවෙ ඇස්වලට ප්ලාස්ටර් දාලා තිබුණෙ ඇස් වටේ ට තිබුණු තුවාල නිසා විතරයි කියලා. අන්තිමට මගේ කකුල සනීප වුණා. ඊට පස්සෙ මම ඇස් ගැන ඇහුවහම හැමෝම කිව්වෙ තව ටික දවසක් යද්දි ඇස් සනීප වෙයි කියලා. අවුරුදු 18 ක් තිස්සෙ තාමත් මම බලාගෙන ඉන්නවා කවද හරි මට ඇස් පේන්න පටන් ගනියි කියලා. එදාට මම මෙතෙක් කරපු මේ නිර්මාණ බලන්න මගෙ ඇස් දෙකෙන් බලන්න පුළුවන් ......

ඇය අතකින් මුහුණ වසා ගත්තා. ඇය හිස එසෙව්වෙ විනාඩි කීපයකට පස්සෙ. ඇස් වටා තෙතමෙනයක් තිබුණත් දෑස් පියවුණු මුහුණේ තිබුණේ නොසැලෙන ධෛර්යයක් හා අභිමානයක්.
-කැලූ‍ම් කුමාර මොහොට්ටිගේ-

ගැහැණු ළමයාගේ කතාව - පොඩි කාලේ (5)

  පොඩි කාලේ (5)

👶    👶    👶   👶    👶   👶   👶   👶
පොඩි කාලේ මා ඇතැම්විට අවාසනාවන්තව සිටින්නට ඇත. මට මාස 3 වන විට මිසි ආච්චි මිය ගියාය. එය සිදු වූයේ සතුටුදායක මරණයක් ලෙසින් යැයි බොහෝදෙනා පැවසුවද ඇය මිය ගියේ මා නිසාය යන හැඟීම අදටද මා සිතේ පවතියි.

 ටික කලක් ගිය පසු වාහන විකුණන සේවා ස්ථානයක සේවා වැඩ ලෙස සුපරීක්ෂකවරයෙකු ලෙස කටයුතු කළ තාත්තාට සේවා ස්ථානය වැසීමට තීරණය කළ නිසා රැකියාව අහිමි වී ඇත. පසුව තාත්තා ඔහු ඔහුගේ උසස් පෙල අවසානයේ දී විනෝදාංශයට මෙන් සිදු කළ ඇඳුම් මැසීම සඳහා යොමු වී ඇත. මල්ලි ඉපදෙන කාලය වන විට ඔහු සන්නාලියෙකි. 

 ඒ කෙසේ නමුත් තාත්තා ආස ඇත්තේ දුවෙකු  නොව පුතෙකු මුලින්ම ඉපදෙනවාටය. නමුදු ගැහැණු ළමයි වාසනාවන්ත යැයි කියන නිසා තාත්තා පසුව ගැහැණු දරුවෙකුට කැමතිවී ඇතැයි තාත්තාම මට පසු කලෙක කීවේය. එලෙස වාසනාව ලබා ගන්නට සැබැවින්ම තව වසර විසිතුනක් සිටීමට සිදුවේ යැයි එදින තාත්තා සිතන්නට නැතුව ඇත.